හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර කරන දුරකතන සංවාදයක්
බවට ප්‍රචාරය වන හඬපටයේ ඇති හඬ ශානි අබේසේකරගේද යන්න තවමත් විමර්ශනය කොට තහවුරු කොට නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලීස් අධිකාරි ජාලිය සේනාරත්න 'අනිද්දා' පුවත්පතට පවසා ඇත.
එම සිදුවීම සම්බන්ධයෙන් තවමත් විමර්ශන සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත.
එසේ වුවද දුරකතන සංවාදය සම්බන්ධයෙන් පරීක්ෂණයක් නොකර ජනවාරි 07 වන දින ශානි අබේසේකර ගේ වැඩ තහනම් කර තිබිණ.
ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති බව ද වෙබ් මාධ්‍ය වාර්තා කර තිබේ.
ශානි අබේසේකර අත්අඩංගුවට ගන්නේ දැයි 'අනිද්දා' කළ විමසීමකදී මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර ඇත්තේ, කිසිදු පරීක්ෂණයක් සිදු නොකර අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බවයි. පරීක්ෂන අවසානයේ ඒ පිළිබඳ තීන්දුවක් ගන්නා බව ඔහු සඳහන් කර ඇත.
රන්ජන් සමග දුරකතයෙන් කතාබහ කළ විනිසුරන්ගේ කටහඩ පරික්ෂාවක්
මේ අතර ඊයේ (17) නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යූ. කේ. පැල්පොල ඉදිරියේ කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ, හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ දුරකතන සංවාද පැවැත්වූ බව කියන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන අයගේ කටහඬ පරීක්ෂාවක් සිදුකිරීම සදහාත් ඔවුන්ගේ දුරකතන වාර්තා කැදවීම සඳහාත් බලාපොරෝත්තු වන බවයි.
එසේම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනිසුරුවන් තිදෙනාගෙන් වහාම ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට නිතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට කළ නියමට අනුව එම ප්‍රකාශයන් ලබාගැනීමෙන් අනතුරුව මෙම පියවරන් අනුගමනය කළ යුතුව ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේය.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඔහුගේ නිතීඥවරුන් ඊයේ (17දා) අධිකරණය හමුවේ ඉදිරිපත් කළ මෝසමක් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එසේ සඳහන් කළේය.
සබැඳි පුවත්:
'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාගේ නීතිඥවරියට එරෙහිවත් විමර්ශනයක් !
රන්ජන්ට අලුත් පෙනුමක් ! - මෙට්ටයක් දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ !
'රන්ජන් රෙකෝඩ්ස්' : කුණු රස බෙදන කස්ටිය, හිරුනිකාට ගහන ගමන් දිලිත්ටත් ඇනලා !!
'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාට එරෙහිව විනිසුරු පිලපිටියගෙන් ප්‍රබල සාක්ෂියක්! - කටඋත්තරය මෙන්න
'රන්ජන් රෙකෝඩ්ස්' : ඇප නියමකර තිබු පැමිණිල්ලකට රන්ජා රිමාන්ඩ් -අජිත් ප්‍රසන්නත් ගනී ද?
'රන්ජන් රෙකෝඩ්ස්' : වන්ෂොට් වෘකයන් අතර නග්නව
එජාපය රන්ජා අත්අඩංගුවට ගැනීමටත් පෙර වරදකරු කරයි - එජාපය ගම්මන්පිල දඬුවම් නියම කරයි (VIDEO)
'රන්ජන් රෙකෝඩ්ස්' : 'ඇතැම් මාධ්‍ය කරන්නේ රන්ජන් කළාටත් වඩා බරපතල අපරාධයක්' - නීතිඥ අචලා සෙනවිරත්න
'රන්ජන් රෙකෝඩ්ස්' : අර්බුදයට විසඳුම් සෙවීමට “ජනතා කොමිසමක්” -කුසල් පෙරේරාගේ යෝජනාවක්
'රන්ජන් රෙකෝඩ්ස්' ගැන වික්‍රමබාහු කියන පුදුම කතාව (VIDEO)
රන්ජන් රෙකෝඩ්ස් : ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස
රන්ජන් රෙකෝඩ්ස් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා !
රන්ජන් රෙකෝඩ්ස් : 'අප්ෂට් එක හිට් කර' ආණ්ඩුව ගත්තු තීන්දු මෙන්න !
රන්ජන් රෙකෝඩ්ස් : ''මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක''
රන්ජන් රෙකෝඩ්ස් : හඬපට සැන්ඩි කිරීමට මංගල මෙහෙයුමක් !- ඇමති බිරින්දෑවරුන් ගණනාවක හඬපටත් එලියට!!
රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්
රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !
රන්ජාගේ හඬපට අතුරු කතා: ඊවාට ගෙදරට එන්න කියලා මහින්ද කිව්වා මතක ද?
රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !
රන්ජන් රෙකෝඩ්ස් : 'බැලුබැල්මට ශානි කරපු වරදක් නැහැ' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ
රන්ජන් රෙකෝඩ්ස් : එජාපයෙන් විනය ක්‍රියාමාර්ග එද්දී රන්ජා උසාවියේදී කියපු කතාව !
රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටය ගැන දුර්මත ? (VIDEO)
රන්ජාගේ හඬපට: මහින්දානන්ද "ඝාතන සැලසුමක්" ගැන මැතිසබේ වාද
රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)
රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය'' -Mahesh Hapugoda
රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ