එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයක් පිළිබඳව 2022, 2023 , 2024 වසර වලදී සළකා බලන්නැයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ,  පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී  කියා සිටියේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය  හර්ෂ ද සිල්වා පැවසීය.

2025 වසරේ දී තමන් ඡන්දය නොඉල්ලන බව ද ඔහු එහි දී සඳහන් කළේ යැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

හර්ෂ ද සිල්වා මේ අදහස් පළ කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

Text 18 1‘‘මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවේ සියලූම දේවල් මම සටහන් කර ගත්තා. පිටු 14 ක සටහනක් තිබෙනවා. සිදුවුණ මූලික කාරණාව නායකතුමා කිව්වා ගිය පාර 33 දෙනෙක් කතා කළා, ඒවාට සවන් දුන්නා, ඔහු අසනීප වෙලා සිටියේ ඔහුට බොහෝ දෙනා දුරකතනයෙන් කථා කළා, කථා කල බොහෝ දෙනෙක් කිව්වේ මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න, ඔබ තුමා අවශ්‍ය නම් සජිත් ප්‍රේමදාස කරු ජයසූරිය මහත්වරුනුත් සම්බන්ධ කර ගන්න නමුත් නායකත්වය ඔබතුමා තියා ගන්න කියලා.

 

නායකත්වයේ වෙනසක් කරන්න අවස්ථාවක් !

2025 දි තමන් ඡන්දය නොඉල්ලන බවත් එතුමා කීවා. 2022, 2023 වෙනකොට නායකත්වයේ වෙනසක් කරන්න අවස්ථාවක් ලබාදෙන්නම් කියල කිව්වා. එතුමා දිගින් දිගටම කථා කලා.

උතුරු නැගෙනහිර ඡන්ද කඩාවැටීමකට ලක්වෙලා තියෙනවා කිව්වා. අපි අපේ ඉලක්කය කරගත යුත්තේ ඒ ප්‍රදේශවල තියෙන ඡන්ද රැකගැනීම සහ ඡන්ද ප්‍රතිශතය වැඩි කිරීමයි කියල කිව්වා. ඒ සඳහා තමයි එතුමාගේ නායකත්වය ඉදිරියට ගෙන යා යුත්තේ කියල කිව්වා.

ඉන් පසු රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අදහස වුණේ නායකතුමනි අපි මන්ත්‍රීවරුන්ගේ අදහසට සවන් දෙන්න  ඕන කියන එකයි. ඔබට කතා කරන පුද්ගලයින් ඔබ සිටිය යුතුයැයි කිව්වත් බිම් මට්ටම එහෙම නැහැ කිව්වම, නායකත්වයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ කියා නායකතුමා කිව්වා.

අගමැති අපේක්ෂකයා කවුද කියා විමසුවාම එය කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කරාවි කියල කිව්වා.

 

මහපොළවේ යථාර්තය !

Text 18 2සුජීව සේනසිංහ මහතා කථා කරන්න හැදුවම  කථා කරන්න අවස්ථාව දුන්නේ නැහැ. නමුත් ඔහු කථා කළා. නායකතුමනි ඔබ හිතන දේ නොවෙයි මහපොළවේ තියෙන්නේ කියා ඔහු කීවා. ඔහු එය දිගින් දිගටම  කිව්වා.

හරින් ප්‍රනාන්දු මහතා කථා කරන්න හැදුවම රනිල් වික්‍රමසිංහ මහතා කිව්වේ, කතා කරන්න අවශ්‍ය නැහැ මේක ඉවර කළ යුතුයි කියලයි. නමුත් හරින් මන්ත්‍රීවරයා කථා කළා. ඊළඟට කබිර් හෂිම් මහතා කථා කලා.

අනතුරුව අකිල් විරාජ් මහතා ඔහුට පිළිතුරු දෙමින් දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඊළඟට අජිත් පෙරේරා මහතා කතා කරමින් බිම් මට්ටමින් ලොකු ප්‍රශ්න තිබෙන බව කීවා. ඔහු කිව්වා 2024 වනතුරු ඔබ නීත්‍යානුකූල නායකයා, නමුත් මහ පොළවේ යථාර්ථය ඔබ වටහා ගත යුතුයි කියලා.

ඊළගට අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ ඔහු පෝලින් බූත් 90 ක් සමඟ කථා කළ බවයි. ඒ කවුරුවත් රනිල් වික්‍රමසිංහ නායකතුමා සමග ඡන්දයකට යන්න සුදානම් නැහැ කියා කිව්වා.

Text 18 3රංජිත් මද්දුම බණ්ඩාර මහතා යළිත් අදහස් දක්වමින් ඒකාධිපතියෙක් වෙන්න එපා, ප්‍රජාතන්ත්‍රවාදයකට ඉඩ දෙන්න කියා ආයාචනා කලා.

පසුව සජිත් ප්‍රේමදාස මහතා යෝජනාවක් ගෙනාවා, අපි මත විමසුමක් පවත්වා බහුතර මතය බලමු කියා. එය නීත්‍යානුකූල එකක් විය යුතු නැහැ, කියා ඔහු කීවා. ඒක දීර්ඝ ලෙස කල්පනා කරල කියන්නේඑය ප්‍රබුද්ධ විසඳුමක් යැයි ද ඔහු කීවා.

යළිත් අජිත් පී පෙරේරා මහතා කථා කරමින් රජය දඩයමක් පටන්ගෙන ඒ නිසා ඉදිරියේ අසීරු කාලයක් ඒවි, කෙසේ වෙතත් අපි රාජපක්ෂ කඳවුර එක්ක සම්බන්ධ නැහැ, අපි ජනතාව වෙනුවෙන් සටන් කරමු ඒ අවස්ථාව ලබා දෙන්න කියා කීවා.

නමුත් මතවිමසුමක් පවත්වන්න නායකතුමා කැමති වුනේ නැහැ.

 

'මත විමසුමක් පවත්වමු' - සජිත් කියයි : රනිල් බැහැ කියයි

යළිත් සජිත් ප්‍රේමදාස මහතා කීවා අපි මහත්මා එකඟතාවයකට එමු, මත විමසුමක් පවත්වමු එතකොට ඉදිරියට යා හැකියි කියා.

මේ අවස්ථාවේ දී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා කීවා අපි මත විමසුමක් තියන්න අවශ්‍යද කියා බලන්න මත විමසුමක් පවත්වමු කියා. එවිට එහි සිටි 50 කට  වඩා නැගිට්ටා.

ඉන්පසු පොඩි පොඩි බහින් බස් වීම් වුණා. වජිර අබේවර්ධන මහතා සමග මේ බහින් බස් වීම් වුණා.

ඉන් පසු නායකතුමා කිව්වා මම සති අන්තයේ කරු ජයසූරිය මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කරනවා, ඊට පස්සේ එන සතියේ යළි කථා කරමු කියා මෙතන හැම දෙනාම නැහැ කියාත් කීවා. නමුත් අපේ කණ්ඩායමේ 77යි. එයින් 39 ක් හිටියාම ඇති නේ කියන මතය ආවා.

ඒ එක්කම නායකතුමා නෑ නෑ ඡන්දයක් අවශ්‍ය නැහැ කියා කණ්ඩායම් රැස්වීම අවසන් කර නැගිට ගියා. 12 දෙනෙක් ඔහු එක්ක ගියා. 52 ක් එහි සිටියා.

 

''සජිත් වෙනුවෙන් 52ක් අත ඉස්සුවා''


 ''රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීවා මේ කණ්ඩායම සජිත් මහතාගේ නායකත්වයෙන් සාකච්ඡාව ඉදිරියට ගෙනයමු කියා. එයට කැමතිව 52 දෙනාම සජිත් මහතා වෙනුවෙන් අත ඉස්සුවා. ''

ඒ අවස්ථාවේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීවා මේ කණ්ඩායම සජිත් මහතාගේ නායකත්වයෙන් සාකච්ඡාව ඉදිරියට ගෙනයමු කියා. එයට කැමතිව 52 දෙනාම සජිත් මහතා වෙනුවෙන් අත ඉස්සුවා.

හරින් මේ සියල්ල වීඩියෝ කළා. මේක නීත්‍යානුකූලව එජාප නායකත්වය තෝරාගැනීමේ ඡන්දයක් නොවුනත් එයින් එජාප මන්ත්‍රී  අදහස පිළිඹිබු වෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි. ’’ යැයි ද හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පැවැසීය.

 

'නායකත්ව මණ්ඩලයක් අවශ්‍යයි' - අජිත් පී පෙරේරා

Text 18 4පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මාධ්‍ය හමුව අමතමින් මෙසේ කීය.

‘‘එක්සත් ජාතික පක්ෂයට එක නායකයෙක් නොව නායකත්ව මණ්ඩලයක් අවශ්‍යයි. නව මුහුණුවරක් අවශ්‍යයි. මහජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන් ලෙස අපි ඒ වෙනස වෙනුවෙන් පෙනී සිටිනවා.

රනිල් වික්‍රමසිංහ මහතා මියයනතුරු මේ පක්ෂයේ නායකයා විය යුතු යැයි කියන කිහිප දෙනෙක් මේ  පක්ෂයේ සිටිනවා. ඔවුන් හිතන්නේ වික්‍රමසිංහ මහතා ගියොත් පක්ෂය ඉවරයි කියලයි.

නමුත් මේ පක්ෂයට නායකත්වය දෙන්න පුළුවන් කිහිපදෙනෙක්ම අපි දකිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අපි දරන මතය ගැන සළකා බලන්න, අලුත් නායකයෙක් ලබා දෙන්න කියා අපි නායකතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

එතුමාට කවුද කිව්වලූ එතුමා ගියොත් පක්ෂය ඉවරයි කියලා. අපි ඒක වැරදි බව පෙන්වා දුන්නා. මේක සුලූතර මතයක් බව පෙන්වා දුන්නා. අපට අවශ්‍ය ඊළඟ ඡන්දයට අලූත් මුහුණුවරකින් එන්නයි.’’ යැයි ද අජිත් පී පෙරේරා කීය.

''රතුලූණු මංකොල්ල කන තත්ත්වයකට රට වැටිලා'' - නලින් බණ්ඩාර

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

‘‘හැට නම ලක්ෂයකට සතුට ගෙනා දෙවැනි මාසයේ රතුලූණු මංකොල්ල කන තත්ත්වයකට රට වැටිලා. උඩින්ම දීපු බද්දේගම රතුලූණු මංකොල්ල කාලා. ඉතිහාසෙවත් අහල තියෙද මේවා.

අපේ කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ පක්ෂය ඇතුලේ අර්බුද හදලා ආණ්ඩුවට ලබන ඡන්දෙදි තුනෙන් දෙක අරන් දෙන්න.

මෙතෙන්දි අපි කණ්ඩායමක් යනවා මේ ප්‍රශ්නය නිරාකරණය කරන්න. තව කණ්ඩායමක් යනවා මන්ත්‍රී දඩයමට එරෙහිව. මන්ත්‍රී දඩයම සඳහා මේ වනවිට සී සීඞී එකේ මන්ත්‍රීවරුන් අටක් දහයක් ලැයිස්තු ගත කර තියෙනවා කියා ආරංචියි.

පිරිසක් පක්ෂ දෙකට කඩන්න හදනවා. තව පිරිසක් මන්ත්‍රී දඩයමේ යනවා. ඒ අතරේ පවුලක් රට කනවා.''

 

හඬපට හඬ කවා පෙන්වීම : ''ගෝඨාභය කියන වචනය බට් කරලා..''

Text 18 5පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

''වෙන දෙයක් තියා රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා වෙනුවෙන් පෙනී හිටි නීතිඥවරයාගෙනුත් කටඋත්තර අරන්. මෙන්න පැතූ වෙනස. 69 ලක්ෂයට සතුටු ද කියලයි අහන්න වෙන්නේ. මේ පරණ එක අලූත් මුහුණකින් ඇවිත් තියෙන බවයි පෙනෙන්නේ. අලූත් ආරංචිය හඬපට හඬ කවල පෙන්වන එකයි.

ඊයේ රන්ජන් රාමනායක මහතා හමුවූ අවස්ථාවේ එතුමා කිව්වා පැයකට දාන්න පුළුවන් ද පැයකට දාන්න පුළුවන්ද කියල අහන හඬපටයේ ගෝඨාභය කියන වචනය බට් කරල කියල. ඔහු කියා ඇත්තේ වෙන නමක්ලූ. මේවා පැහැදිලි නියම ගේම් ටිකක් සෙට් වෙමින් තියෙනවා. ''

එක පිරිසකට  ඕන පක්ෂයේ අර්බුදයක් නිර්මාණය කරල අපි එතැන තියලා අපේ කට වස්සන එකයි. රන්ජන් ගේ හඬපටයයි පක්ෂයේ අර්බුදයයි පෙන්නලා අපි එතැන තියන්න හදන්නේ. අපි  ඕකට අහුවෙන්නේ නැහැ. අපේ ඉදිරි වැඩ පිළිවෙළ අපි ඉදිරියට ගෙන යනවා. ’’ යැයි ද හරින් ප්‍රනාන්දු කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි චන්ද්‍රානි බණ්ඩාර ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වී සිටියහ.

(lankadeepa.lk)

සබැඳි පුවත් :

සජිත්ගේ නායකත්වයෙන් නව සන්ධානයක් ! (VIDEO) 

'UNP නායකයාගේ බලතල කපන්න ෆයිට් නොකරන්නේ ඇයි?' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ විමසයි 

සජිත් එජාප නායක කියා යෝජනාවක් සම්මත කරගෙන : 'සජිත් සුළඟ' පළමු රැලිය 23 නුගේගොඩදී !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්