එළඹෙන පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 72 වැනි ‘ජාතික නිදහස් දින උත්සවයේ’දී සිංහල බසින් පමණක් ජාතික ගීය ගැයීමට

විරෝධය දක්වා දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට සමාජ ක්‍රියාකාරින් පිරිසක් එක්ව කටයුතු සංවිධානයකර ඇත.

1948 පෙබරවාරි 4 වැනිදා මෙරට පාලක පැලැන්තියට බලය මාරු කරමින් ලබා දුන් ඩොමිනියන් තත්වය සමරමින් වාර්ෂිකව සමරනු ලබන ‘නිදහස් දිනය’ වෙනුවෙන් සිංහල බසින් පමණක් ජාතික ගීය ගායනා කරනු ලබන බවට ආණ්ඩුව තීරණයක් ගෙන තිබිණි.

ඊට එරෙහි විරෝධයක් ලෙස මෙම දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීම තමන් සිදුකරන බව එම කණ්ඩායමේ සාමාජිකයෝ පවසති.

ඔවුන් මෙම ගීතය පුහුණවන අවස්ථාවක් පහත වීඩියෝවේ දැක්වේ.

 

ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ගීය සිංහල හා දෙමළ බසින් ගායනා කරන්නට ප්‍රතිපාදන ඇති අතර 1948 පළමුවැනි නිදහස් දිනයේ එම භාෂා ද්විත්වයෙන්ම ජාතික ගීය ගැයූ බවට ඓතිහාසික වාර්තා සඳහන් කරයි.

මෙම පසුබිම තුළ දෙමළ බසින් කතාකරන ජනයා පීඩාවට හා අවමානයට ඇද දමමින් සිංහල බසින් පමණක් ජාතික ගීය ගායනා කරන බවට සිදුකළ ජාතිවාදී, නීති විරෝධී සහ ආදානග්‍රාහී තීන්දුවට එරෙහිව සමාජ ක්‍රියාකාරින් මෙසේ පෙළ ගැසී ඇත.

කෙසේවෙතත් ආනන්ද සමරකෝන් විසින් ලීයු ‘නමෝ නමෝ මාතා’ ගීය ‘ශ්‍රී ලංකා මාතා” ලෙස වෙනස්කරමින් නිර්මාණ අයිතියම යටපත්කර මෙම ජාතික ගීය තෝරාගෙන ඇති බවට විවේචනයක්ද ඇත.

එසේම ජාතික ගීය ලෙස තෝරාගනු ලැබූ ගීතයම සමස්ත ජනයා නියෝජනය කිරීමේදී සීමාවන් උසුලන බවද එය ජාතිකවාදීන් විසින් විකෘතිකරන ලද ගීයක් බවටද චෝදනා එල්ල වී ඇත.

සමස්තයක් ලෙස පීඩිත ජනයා නියෝජනය කරමින් ගැයෙන ගීතයක් වෙනුවට ව්‍යාජ ජාතික අනුරාගයක් වර්ධනය කරවන ගීතයක් සියලු ජනයා නියෝජනය නොකරන බව වාමාංශිකයන්ගේ විවේචනයකි.

ඒ වෙනුවට සැබෑ නිදහස වෙනුවෙන් කළ යුතු අරගලයක් ඇති බවද ලෝකවාසී නිර්ධනයන්, පීඩිතයන් වෙනුවෙන් නියෝජනය කරන ගීතයක් ලෙස ගත හැක්කේ සුප්‍රකට ‘කොමියුනිස්ට් ජාත්‍යන්තර ගීතය’ බවද වාම දේශපාලන ක්‍රියාකාරිහු පවසති.

(lankaviews.com)

Image

Image

Image

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්