ලොව ප්‍රමුඛතම මූල්‍ය ශ්‍රේණිගත කිරීම් සමාගම් තුනෙන් එකක් වන ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර්ස් හෙවත් එස් ඇන්ඞ් පී ආයතනය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ නිල තක්සේරුව ස්ථාවර තත්වයේ සිට ඍණ තත්වය දක්වා පහළ දමා ඇත.

කෙසේ වෙතත් එම ආයතනය ශ්‍රී ලංකාවට ලබාදී ඇති ශ්‍රේණිගත කිරීමෙහි වෙනසක් සිදුවී නැත. ශ්‍රී ලංකාවට එම ආයතනයෙන් ලබාදී තිබුණු ශ්‍රේණිගත කිරීම වන්නේ බී ශ්‍රේණිගත කිරීමය. වෙනස් වී ඇත්තේ ශ්‍රේණිගතකිරීම්වලට අදාළව එම ආයතනය නිකුත් කරන නිල තක්සේරුවය. 

සාමාන්‍යයෙන් එම ආයතනය නිල තක්සේරුව ලෙස ධන, ස්ථාවර හා ඍණ යන තත්වයන් තුනෙන් එකක් වශයෙන් සඳහන් කරනු ලබයි.

එම තක්සේරුව ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කරන රජයන් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සැලකිල්ලට ගනු ඇත.

ඒ අනුව ඉදිරි මාස 12ක කාලසීමාව ඇතුළත මූල්‍ය විනය ආරක්ෂා කරගැනීමට කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට අදාළ ශ්‍රේණිගත කිරීම් තවත් පහළ දැමීමේ අවදානමක් ඇත.Mulya 2020

ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදී ණය පොලි තීරණය කිරීම,  ශ්‍රී ලංකාවේ බැඳුම්කර වෙළඳපොළ, ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ යුතුද නැද්ද යන්න පිළිබඳ තීන්දු ගැනීම ආදි කටයුතු සඳහා එම ශ්‍රේණිගත කිරීම් බලපායි. ශ්‍රී ලංකාව ලබාගන්නා ණය ප්‍රමාණය ගෙවිය හැකිද නැද්ද යන්න පිළිබඳව එම ශ්‍රේණිගත කිරීම්වලින් අවබෝධ කරගත හැකිය.

කසළ බැඳුම්කර:

මේ පිළිබඳව කළ විමසීමකදී මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව වඩාත් අවධානය යොමු කළ යුත්තේ ශ්‍රී ලංකාවට තිබෙන බී වර්ගයේ ශ්‍රේණිගත කිරීම පිළිබඳව බවයි. යම්කිසි රටක ශ්‍රේණිගත කිරීම් බීබීබී ඍණ තත්වයට වඩා පහළින් පවතින්නේ නම්, එවැනි රටක් ණය පැහැරහැරීමේ සම්භාවිතාව ඉතා ඉහළ යැයි ජාත්‍යන්තර වශයෙන් සලකන බවද ඔහු කීය. ශ්‍රී ලංකාව දැන් ඉන්නේ එම තත්වයට වඩා පහළින් බව ඔහු කීය. 

එවැනි රටක මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කරන බැඳුම්කර කසළ බැඳුම්කර ලෙස සාමාන්‍ය වහරේදී හඳුන්වන බවද පෙන්වාදුන්නේය. ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම්වලින් තවත් පියවර හතරක් පමණ ඉදිරියට යා යුතු බවත්, රජය ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බවත් ඔහු කීය.

(තරිඳු උඩුවරගෙදර - anidda.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්