පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්නගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා වෘත්තීය සමිති නායකයෙකු වන සමන් රත්නප්‍රිය පත්කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
සමන් රත්නප්‍රියගේ නම හෙට (23දා) මැතිවරණ කොමිෂමට දැනුම් දෙන බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේය.