අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේජර් අජිත් ප්‍රසන්න පෙබරවාරි 07 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල නියෝග කළේය.


මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ, බන්ධනාගාරය මගින් ඔහු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසය.

අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, නීතිඥවරයෙකු බව කියා ගන්නා අජිත් ප්‍රසන්න නමැත්තා ඉකුත් 12 වන දා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තුළින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගට දැඩි ලෙස විවේචන එල්ල කරමින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කර සිටියේය. Janka Bandara 2020

අලි පැටවෙකු බලපත්‍ර නොමැතිව සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට එරෙහිව පවරා තිබෙන නඩුවක් බලෙන් තමන් හමුවට ලබාගෙන දේශපාලන අවශ්‍යතාවක් මත එය විභාග කිරීමේ ක්‍රියාදාමයේ විනිසුරු ගිහාන් කුලතුංග යෙදී ඇති බව අජිත් ප්‍රසන්න නමැත්තා විසින් එකී මාධ්‍ය සාකච්ඡාවේදී චෝදනා එල්ල කරනු ලැබ ඇතැයි ද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.


අධිකරණ පද්ධතියේ යම් දෝෂයක් තිබේ නම් ඒ පිළිබඳව නිසි නීතිමය පටිපාටිය අනුගමනය කරමින් අදාළ අංශ වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර, එසේ නොකොට මේ ආකාරයෙන් මාධ්‍ය ඔස්සේ පදනම් විරහිත චෝදනා විනිසුරුවරුන්ට එල්ල කිරීම තුළින් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය කඩා වැටෙන බවත් පැවසීය.

මෙහිදී රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේ, අජිත් ප්‍රසන්න නමැති මෙම පුද්ගලයාට මෙම වරද දිගින් දිගට ම සිදු කිරීමට ඉඩ දීමට හැකියාවක් නොමැති බවය.



      110633699 f43eb169 08d0 4a7b ba07 b3521609b5c7
යහපත් මානසික සෞඛ්‍ය මට්ටමකින් පවතින පුද්ගලයෙකුට මේ ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා, මෙම පුද්ගලයාගේ මානසික මට්ටම අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥවරයෙකු වෙත යොමු කර පරීක්ෂා කිරීම වැදගත් බව ද කියා සිටියේය.

මහාධිකරණ විනිසුරුවරයෙකුට අපහාස කිරීම පිළිබඳව අධිකරණ සංවිධාන පනතේ 18 වන වගන්තිය යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරෙන බවත් ඉන් වැරදිකරු වන පුද්ගලයෙකුට වසර පහක් දක්වා බරපතළ හෝ ලිහිල් සිරදඬුවම් නියම කිරීමට මහාධිකරණයට බලය පවතින බව ද ඔහු සඳහන් කළේය.

මෙම පුද්ගලයා ඇප මත මුදා හරිනු ලැබුවොත් ඔහු නැවත නැවතත් මෙම බරපතළ වරද සිදු කරනු ඇති බව පෙන්වා දුන් නීතිවේදී ජනක බණ්ඩාර, ඔහු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසත් ඔහු අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥයෙකු වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළා - අජිත් කියයි 

ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න සඳහන් කළේ, තමා ගිහාන් කුලතුංග මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එය විභාග වෙමින් පවතින බවය.

ඊට අමතරව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තමා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව නීතිඥ අජිත් ප්‍රසන්න ප්‍රකාශ කළේය.

තමන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු බවට රජයේ නීතිඥවරයා විසින් කරන ලද ඉල්ලීමට විරුද්ධ නොවන බව පෙන්වා දුන් මේජර් අජිත් ප්‍රසන්න අධිකරණය හමුවේ පැවසුවේ, රජයේ වියදමින් මානසික වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීමට තමන් සූදානම් බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඇප පනතේ විධිවිධානයන්ට අනුව මෙම අවස්ථාවේදී ඔහු ඇප මත මුදාහරිනු ලැබුවොත් එතුළින් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බව පෙන්වා දුන්නේය.

එමෙන්ම නඩු විභාගයක් සිදු කරමින් සිටින විනිසුරු ගිහාන් කුලතුංගගේ කටයුතු විවේචනය කිරීම තුළින් ඔහු පවතින නඩු කටයුත්තකට ද බලපෑමක් සිදු කර ඇති බව පෙන්වා දුන් විනිසුරු ධම්මික ගනේපොළ, ඒ අනුව පනතේ විධි විධානයන්ට අනුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.

එමෙන් ම මෙම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා විසින් රහස් පොලිසියට නියෝග කරන ලදි.

නඩු විභාගය පෙබරවාරි මස 7 වන දාට කල් තැබිණ. 

(මුලාශ්‍රය - බීබීසී සිංහල සේවය)

000000

00000




සබැඳි පුවත් :
අජිත් ප්‍රසන්නගේ ප්‍රකාශය ගැන 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘගේ FB සටහන 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්