එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය අතරත්, කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස අතරත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා අසාර්ථකවී ඇතැයි 'අනිද්දා' පුවත්පත වාර්තා කරයි.


එම පුවත් වාර්තාවට අනුව, පසුගිය සති අන්තයේ කථානායක නිල නිවසේ පැවති මෙම සාකච්ඡාවලදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වන ආකාර පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට නොහැකිවී ඇත. 

ඒ අනුව රනිල් වික්‍රමසිංහ දිගටම පක්ෂ නායකත්වයේ සිටීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 

රනිල් දිගටම නායකත්වයේ !

මේ පිළිබඳව රනිල් වික්‍රමසිංහ පාර්ශවයේ ප්‍රබලයෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, පක්ෂ නායකත්වයේ දිගටම රැදී සිටීමට රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවය. 

එහෙත් සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදෙන්නට තීරණය කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව සජිත් පාර්ශවයේ ප්‍රබලයෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, එවැනි නිල තීරණයක් තවම නැති බවය. එහෙත් සන්ධානයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දිගටම  කටයුතු කරන බවත්, රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත්වනවාද ? නැද්ද? යන කාරණය තම පාර්ශවයට අදාළ නැති බවත් ඔහු අවධාරණය කළේය.

මේ අනුව මහමැතිවරණය ඉලක්ක කරගනිමින්, සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් එක්සත් ජාතික පෙරමුණු සන්ධානයේ  සංවිධාන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්, ජනවාරි 26 දා එම පෙරමුණට අදාළ සියලුම පක්ෂවල පළාත් පාලන නියෝජිතයින් හා අපේක්ෂකයින් කොළඹට කැඳවා ඇතිබවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එම රැස්වීම කොළඹ ලේක්හවුස් ඉදිරිපිට ඇති 'කන්වෙන්ෂන්' ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්