ආනයනික කිරිපිටි පානය කිරීමෙන් ලෙඩරෝග 21 කට මග පෑදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය,

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරයි.

මේ නිසා කිරිපිටි ආනයනය සීමා කිරීම පිළිබඳව බැලීමට හා දියර කිරි භාවිතය ඉහළ නැංවීමට විශේෂ විද්වත් මණ්ඩලයක් ද සෞඛ්‍ය අමාත්‍යංශය පත්කර තිබේ.

Text 26 8එම විශේෂ විද්වත් මණ්ඩලයේ සාමාජික වෛද්‍ය ලසන්ත විජේසේකර පැවසුවේ කිරිපිටි බීමෙන් සෞඛ්‍යට හානිකර ප්‍රතිඵල තිබෙන අතර එවැනි අන්තරා 21 හඳුනාගෙන තිබෙන බවය. එයින් 15 ක් දරුවන්ටද 6ක් මවුවරුන් ඇතුළු වැඩිහිටියන්ගේද සෞඛ්‍යයට බලපාන බව ඔහු කීය.

වසරකට කිරිපිටි ආනයනය වෙනුවෙන් රුපියල් බිලියන 55 ක් පමණ වැය කරනු ලැබුවද කිරිපිටි නිසා මෙරට ජනතාවට පෝෂණ හා සෞඛ්‍යමය වශයෙන් වාසියක් අත්නොවන අතර කිරි නමින් ජනතාව පානය කරනු ලබන්නේ රසායනික සංයෝග එකතුවක් බව වෛද්‍යවරයා අවධාරණය කළේය. 

කිරිපිටි පානය කිරීම සම්පූර්ණයෙන් නවතා දියර කිරි බීමට හෝ ආදේශන වශයෙන් ආහාර වර්ග, වතුර හෝ කැඳ වර්ග භාවිතය අඩු වියදම් සහිත සෞඛ්‍ය සම්පන්න කටයුත්තක් බවත්, කිරිපිටිවල තිබෙන රසායනික සංයෝග හේතුවෙන් ඊට ඇබ්බැහිවීමක් ඇති කරන බවත් පෙන්වා දුන් ඔහු ජනතාවට කිරිපිටිවලින් සිදුවන හානිය පිළිබඳ ඉතා අඩු දැනුමක් තිබෙන හෙයින් ඒ ගැන දැනුවත් කර සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීම සඳහා පුළුල් ප්‍රචාරක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අපහසු බවද ඔහු සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය අංශයේ සාමාජික වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ කිරිපිටි පානය හානිකර බවත් කිරිපිටි තුළ ෆාම් ඔයිල් වැනි දේ තිබෙන බවට පරික්ෂණ මගින් ඔප්පු කර තිබෙන හෙයින් මෙමගින් ජනතා සෞඛ්‍යයට සිදුවන හානිය පිළිබඳව 2012 වසරේ සිට බලයේ සිටි ආණ්ඩු දැනුවත් කර තිබෙන බවය.

(ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු - 'රාවය' )

 

කිරිපිටි ප්‍රවර්ධනය කරන මහේල හා සංගාට වෛද්‍ය සංගමයෙන් විවේචනයක් ...

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්