''අපි කැඩෙන්නෙත් නෑ, බිදෙන්නෙත් නෑ. හැබැයි ඒ එකමුතුව ඩීල් දාන එකක් නෙවේ. ඒ එකමුතුව පරදින එකක් නෙවේ.

එන මැතිවරණය අපි දිනනවා, දිනනවාමයි.'' යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසිය.

ඔහු එබව අවධාරණය කර සිටියේ, ඊයේ කොළඹ පැවති එක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන නියෝජිත හමුව අමතමිනි. 'අලුතින් හිතමු නැගිටමු' යන්න තේමා කරගත් එම නියෝජිත හමුව කැඳවා තිබුනේ විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස විසිනි.

ජනතාවට එකක් කියමින් වෙනත් රහස් ගිවිසුම් හරහා තමන් රැකෙන, දෙබිඩි, ඩීල් දේශපාලනය එක්සත් ජාතික පක්ෂයට ඔරොත්තු නොදෙන බැවින් අලුතින් සිතමින් අලුත් ගමනක් ආරම්භ කළ යුතු බව සජිත් ප්‍රේමදාස එහිදී සඳහන් කළේය

එහිදී රැස්වීම ඇමතු ඔහු මෙසේද පැවසිය.

''අදවනවිට රට පුරා පලිගැනීම් සිදුවෙනවා. එය විසිහතර පැයෙම සිදුවනවා. ආර්ථිකය මුළුමනින්ම කඩා වැටිලා. සහල් මිල අහස උසට ගිහින්. ජීවන බර ඉහළ ගිහින්. ජීවත්වීම මහා අරගලයක් වෙලා.

මේ භයංකර තත්ත්වයෙන් රට ගොඩ ගන්න ඕන. අපි අලුත් ගමනක් යන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරලා සියලුදෙනා එකතු වෙච්ච ගමනක් යන්න ඕන.

හැමෝම ඉල්ලන්නෙ වෙනසක්. අලුත් වීමක්. මම කියනවා අපි අලුත් වෙනවා, වෙනස් වෙනවා.

අද බොරුව වපුරන ජනසන්නිවේදන ක්‍රියාවලියක් යනවා. අපි කැඩෙන්නෙත් නෑ. බිදෙන්නෙත් නෑ. හැබැයි ඒ එකමුතුව ඩීල් දාන එකක් නෙවේ. ඒ එකමුතුව පරදින එකක් නෙවේ. එන මැතිවරණය අපි දිනනවා, දිනනවාමයි.

අපි තරුණයින්ට විශේෂ තැනක් දෙනවා. කාන්තා පරපුරට විශේෂ තැනක් දෙනවා. උගතුන්ට විශේෂ තැනක් දෙනවා.

මේ පක්ෂය හෝ පෙරමුණ කාගෙවත් බූදලයක් නෙවේ. මේක රටේ සාමාජික, සාමාජිකයින් සියලු දෙනාටම අයිතියි. ගමන අසුබනම් අපි වුනත් එලවන්න සාමාජිකයින් ට අයිතියක් තියෙන්න ඕන."

පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ වැරදි අඩුපාඩු සකසාගෙන නව සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කළ යුතු බව සජිත් ප්‍රේමදාස එහිදී සඳහන් කළේය.

මෙම හමුවට එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ නායකයින් ද එක්ව සිටියහ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්