theleaderlk 01

ශ්‍රී ලන්කන් ගුවන් යානා දිගින් දිගටම ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු

ගුවන් යානා සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම බව එම ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙක් පැවසීය.

සිය දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සදහා ගුවන් යානා 24 ක් අවශ්‍ය වුවද, දැනට ක්‍රියාකාරී මට්ටමේ ධාවන කටයුතුවල නිරත වී සිටින්නේ ගුවන් යානා 20 ක් පමණක් බව ද එම ප්‍රකාශකවරයා කීය.

එහෙත් තවත් ඒ.- 330 සහ ඒ.- 320 ගුවන් යානා දෙකක් දිගුකාලීන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා යොමු කර පවතින අතර තවත් ඒ.- 320 නියෝ කාණ්ඩයේ ගුවන් යානා දෙකක්, ප්‍රංශයේ එයා බස් සමාගමේ සිට නව ඇංජින් ලැබෙන තෙක් ධාවනයෙන් ඉවත් කර ගාල් කර පවතින බව ද හෙතෙම පැවසීය.

මීට අමතරව ශ්‍රී ලන්කන් ඉංජිනේරු අංශයේ සේවයේ නිරත 30 දෙනකු පමණ ඉන් ඉවත් වී, විදේශීය ගුවන් සේවා වෙත ගොස් ඇති බැවින් දැනට ඉතිරි සේවකයින්ගෙන් අවශ්‍ය වැඩ කටයුතු ආවරණය කර ගන්නා බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පකිස්තානයේ ලාහෝර්, ඉන්දියාවේ චෙන්නායි සහ බංග්ලාදේශයේ ඩකා බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානා ප්‍රමාද වීම්වලට ලක් වී තිබුණි.

(lankadeepa.lk)

 

JW

pe2024 2

worky sin

නවතම පුවත්