වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ පියාණන් වූ ධනපාල බණ්ඩාර හේරත් පිලිපිටිය අද (29) උදැසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්තවී  ඇත.

ඒ, හදිසියේ ඇතිවූ හෘදයා බාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුවය.

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමඟ සිදුකල මතභේදාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන්, විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කිරීමත් සමග ඔහු පසුගිය දින කිහිපයෙහි දැඩි කම්පනයකින් පසුවී ඇත.

 ගිහාන් පිලපිටියගේ පියාණන්ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු හෙට (30) පස්වරුවේ කලවානේදී සිදුකිරීමට නියමිතය.

පිලපිටිය ගැන සාකච්ඡා කරන්න නීතිපති, කථානායක හමුවෙයි‍

මේ අතර නීතිපති දප්පුල ද ලිවේරා කථානායක කරූ ජයසූරිය හමුවී තිබේ. වැඩ තහනමට ලක් වු හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී සාකච්ඡා වූ කරුණුවලට අදාලව මෙම හමුව සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. 

පසුගියදා කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව රැස්වු අවස්ථාවේ නීතිපති දප්පුල ද ලිවේරා  විසින් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට සිදුකළ දැනුම්දීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබුණි. 

එම නියෝගය හේතුවෙන් මහජනතාව අතර අධිකරණය පිළිබඳ පවතින විශ්වාසය බිඳවැටීමට ඉඩකඩ පවතින බව සහ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වයට ද බලපැම් එල්ල වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබූ බව සදහන්වේ.

ඒ අනුව අදාල නියෝගය සම්බන්ධයෙන් නීතිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත කැඳවා කරුණු විමසීමට එහිදී තීරණය වී තිබේ.

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම වහාම නවත්වන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ පසුගිය 24දා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.


සබැඳි පුවත් :
'රන්ජන් රෙකෝඩ්ස්' : අධිකරණය රැකගන්න විනිසුරු පිලපිටිය බිල්ලට !
'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාට එරෙහිව විනිසුරු පිලපිටියගෙන් ප්‍රබල සාක්ෂියක්! - කටඋත්තරය මෙන්න

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්