2008 සහ 2009 අවධියේ තරුණයන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගිය යාම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායකට එරෙහිව පවරා ඇති නඩු විභාගය ඉදිරියට ගෙන යාම වළක්වාලමින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම නිර්දේශයක් නිකුත් කර තිබේ.

එවැනි නිර්දේශයක් නිකුත් කළ බව එහි සාමාජික හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට තහවුරු කළේය.

ඔහු ප්‍රකාශ කළේ, අදාළ නිර්දේශය නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවය.

අදාළ නඩු පැවරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ඔවුන් ජනාධිපති පරීක්ෂණ කොමිසමට කළ පැමිණිල්ලක් පදනම් කරගෙන මෙම නිර්දේශය නිකුත් කළ බව ද චන්ද්‍රා ප්‍රනාන්දු පැවසීය.

"කරුණු කීපයක් ගැන අවධානය යොමු කළා. ඒ අනුව අපි කොමිසමේ නිර්දේශය නීතිපති වෙත යොමු කළා. එයා තමයි ඒ ගැන විමර්ශනය කරලා අධිකරණයට දැනුම් දීමක් කළ යුත්තේ."

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායකට එරෙහි නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පවරා තිබේ.

ජනාධිපති කොමිසමේ මේ නිර්දේශය සහ නීතිපතිවරයාගේ ප්‍රතිචාරය ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළවෙමින් පවතී.

ඩේලි මිරර් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයෙකු වන සුනිල් ජයසිරි ට්විටර් ඔස්සේ පවසා තිබුණේ, ඉහත කී නඩුව සම්බන්ධයෙන් තමන් නීති ප්‍රකාරව සිය ධුරයට අදාළ කටයුතුවලින් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කිරීමට එම කොමිසමට නීත්‍යානුකූල බලයක් නැතැයි නීතිපතිවරයා කොමිසමට දැනුම් දී ඇති බවය.

sri lanka 51278319'අධිකරණයට බලපෑම් කිරීමක්'

මේ සම්බන්ධයෙන් ට්විටර් ඔස්සේ අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් චෝදනා කර ඇත්තේ, ජනාධිපති කොමිසමේ අදාළ නිර්දේශය තුළින් "නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට විවෘතව මැදිහත් වීමක් සිදු කර ඇති," බවටය.

1222030089191333889
මේ අතර, අගතියට පත් පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදිනී අචලා සෙනෙවිරත්න පවසන්නේ, "ජනාධිපති කොමිෂන් හරහා අධිකරණවල චෝදනා නගා ඇති චුදිතයින් නිදහස් කිරීමට කරනු ලබන බලපෑම ද අධිකරණ නඩු කටයුතුවලට අයුතු මැදිහත්වීමක් වන" වන බවය.
Screen Shot 2020 01 29 at 5.11.45 PM
"කිසිවක් මගින් හෝ කවරෙකුට හෝ අධිකරණ නඩු කටයුතුවලට හෝ අධිකරණයේ පවතින නඩු විභාගයන්‍ට මැදිහත්වීමට කිසිදු හිමිකමක් නොමැත," යනුවෙන් ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල ද ඒ හා සමාන අදහසක් පළ කොට තිබිණ.

Screen Shot 2020 01 29 at 5.11.53 PMමේ පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් කියා සිටියේ, නීතිවේදිනී අචලා සෙනෙවිරත්න පවසන පරිදි ජනාධිපති කොමිසමේ අදාළ නිර්දේශය "අධිකරණ නඩු කටයුත්තකට අයුතු මැදිහත්වීමක්" ලෙසින් තර්ක කිරීමේ හැකියාවක් ද තිබෙන බවය.

"ඔව් මොකද ඒ මහාධිකරණය අග්‍රවිනිශ්චයකාරවරයා විසින් පත්කරන ලද අධිකරණයක්." Achala Text 2020

පූර්වාදර්ශ නෑ :'අවසාන තීන්දුවක් දීමට සිදුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට' 

මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවරා තිබෙන නඩුවක චෝදනා ඉවත්කරගැනීමට නීතිපතිවරයාට හැකියාව තිබුණ ද, විනිසුරුවරයාගේ හෝ විනිසුරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව මහාධිකරණයේ පවරා තිබෙන නඩුවකින් චෝදනා ඉවත්කරගැනීමට නීතිපතිවරයාට බලයක් නොමැති බව ද ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් පෙන්වා දුන්නේය.

ඔහු පෙන්වාදෙන ආකාරයට,

 

    # අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය අනුව අපරාධ කටයුතු සම්බන්ධ පූර්ණ බලය පවතින්නේ නීතිපතිවරයාට වන අතර,

    # ජනාධිපති කොමිසම පත්කිරීම සම්බන්ධ පනතට අනුව, ජනාධිපති කොමිසමට ද නීතිපතිවරයාට එවැනි නිර්දේශයක් කිරීමේ බලය පවතී.

මෙවැනි නිර්දේශයක් පිළිබඳ පූර්වාදර්ශයක් නොමැති බැවින් දැනට පවතින්නේ "ව්‍යාකූල තත්වයක්" බව සඳහන් කරන ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ අවසානයේ ඒ පිළිබඳ අවසාන තීන්දුවක් දීමට සිදුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවය.

"මෙවැනි තත්වයක් මීට කලින් ඇතිවෙලා නෑ. ඒ නිසා අර ඔක්තෝබර් 26 ඇතිවුණ තත්වය ගැන වගේ මේ ගැන විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණයටම යන්න වේවි."


කරන්නාගොඩ සහ දසනායකට එරෙහි චෝදනා මොනවාද?
Karangoda and DKP 2020.01.27
2008 අගෝස්තු 08 වෙනිදා සිට සැප්තැම්බර් මස 17 වෙනිදා අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පැවැත්විය.

2008 සහ 2009 අවධියේ තරුණයන් එකොළොස් දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගිය බව පැවසෙන සිදුවීමට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ චෝදනා ලබන අතර, පසුගිය අගෝස්තු මාසයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහු නාවික හමුදාවේ ඉහළම ධුරය වන 'අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්' සම්මානයෙන් පුදනු ලැබුණි.

දෙහිවල ප්‍රදේශයේ දී දෙමළ ජාතික තරුණයන් පස් දෙනෙකු පැහැරගෙන යාමට එවක නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ද සම්බන්ධ වී ඇති බවට පොලිසිය 2015 වසරේදී අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.

එම අවධියේ රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා අධිකරණය හමුවේ පවසා තිබුණේ, අදාළ පැහැරගෙන යාම් පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ දැනුවත්ව සිට ඇතැයි හෙළි වී තිබෙන බවය.

මෙතෙක් සිදු වූයේ කුමක්ද?

    # 2008.09.17 පාසල් වයසේ දරුවන් 5 ක් ඇතුළු පුද්ගලයන් 11 ක් අතුරුදන් වූහ.

    # 2016.09.06 හිටපු නාවික හමුදා ප්‍රකාශක ඩි.කේ. පී දසනායක විදෙස් ගතවන්නට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

   #  2017.07.12 නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක අත්අඩංගුවට පත්විය.

    # 2017 ජූලි 4 බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම සඳහා වූ පනතට ඒකාබද්ධ විපක්ෂය සිය විරෝධය පළකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

    # 2018.01.09 නාවික හමුදා නිලධාරී සම්පත් මුණසිංහ දැනටමත් ඇප මත මුදාහැර තිබියදී හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩීකේපී දසනායක ඇතුළු නාවික හමුදා නිලධාරීන් හයදෙනා ඇප මත මුදාහැරීම පිළිබඳව නීතිපතිවරයා විරෝධය පළ කළ අවස්ථාවේ, නීතිපතිගේ ස්ථාවරය "උභතෝකෝටික ප්‍රශ්නයක්" බව විනිසුරු ප්‍රකාශ කළේය.

    # 2018.01.09 රිමාන්ඩ් භාරයට පත්කර තිබූ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක ඇතුළු නාවික හමුදා නිලධාරීන් හය දෙනා රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප 3ක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

තමන්ට එරෙහිව පැවැත්වෙන විමර්ශනය "දේශපාලන පළිගැනීමක්" බව පවසමින් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරති.


(බීබීසී සිංහල සේවය)

සබැඳි පුවත් :

නීතිපතිට කරන බලපෑම් සම්බන්ධයෙන් මැදිහත්වීම කාලෝචිතයි නේද? - ශිරාල්, නීතිඥ සගයින් ගෙන් විමසයි 
නීතිපති 'ගේම' ඉල්ලයි : තමන්ට නියෝගදීමට ජනාධිපති කොමිසමට අයිතියක් නැතැයි කියයි !
ජනාධිපති කොමිසම වැඩ : කරන්නාගොඩට DKPට එරෙහි නඩු විභාග අත්හිටුවයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image