එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විපක්ෂනායකයා ඇතුළු ඔහුට පක්ෂපාති කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු අද (30) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම වර්ජනය කරද්දී,

ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාසට පක්ෂව කටයුතු කළ මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මන්ත්‍රිවරුන් එම රැස්වීමට සහභාගී වී පක්ෂයේ සමගිය වෙනුවෙන් රනිල් හා සජිත් අතර බලතල බෙදීමක් සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගැනීමට කටයුතු කළේය.

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ අතර පක්ෂ නායකයා විසින් අලුත් සාමාජිකයින් පත් කිරීමේදී සජිත් පිළ නියෝජනය කළ  රෝසි සේනානායක, ඉමිතියාස් බාකිර් මාකර්, අජිත් පී පෙරේරා හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යළි පත් නොකිරීමට විරෝධය පළකරමින් සජිත් පිළ අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී නොවිය.

නව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් ගණන 57කට සිමා කර තිබු අතර ඉන් අද පැවති රැස්වීමට සහභාගී වුයේ 37 දෙනෙකු පමණි. නොවැලැක්විය හැකි හේතුන්මත අද තිබෙන රැස්වීමට සහභාගී නොවන බව 06 දෙනෙකු පක්ෂයේ මහ ලේකම් වෙත දැනුම් දී තිබී ඇති අතර සජිත් කණ්ඩායමේ සාමාජිකයින් 14 දෙනෙකු රැස්වීම වර්ජනය කර තිබිණ.Screen Shot 2020 01 30 at 11.17.13 PMරැස්වීම ආරම්භයේදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර තිබු ලේඛනයක්  කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවධානයට යොමු කළ අතර ඉදිරි මහ මැතිවරණයට සමගි සම්පන්නව මුහුණදීම සඳහා වූ එහි සඳහන්වූ යෝජනා පක්ෂ නායකත්වය විසින් සභාව හමුවට ඉදිරිපත් කෙරින.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ සතුව තැබීමටත් මහ මැතිවරණය වෙනුවෙන් ගොඩනැගීමට නියමිත එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය හා ඉදිරි මහ මැතිවරණයේදී එම සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දීමටත් එම යෝජනාවලිය මගින් නිර්දේශකර තිබිණ.

එහිදී එම යෝජනාවලිය සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් බොහෝදෙනෙකු ප්‍රසාදයෙන් යුතුව අදහස් දක්වනු ලැබිය.

මංගල කියපු කතාව : ''රන්ජන් ඇතුළු කිසිවකු අස් නොකළයුතුයි''

අදාල යෝජනාව සම්බන්ධයෙන් රැස්වීම අමතමින් කරුණු දැක්වූ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ආරම්භයේදීම කියා සිටියේ, වසර 30කට වැඩි කාලයක් තමා පාර්ලිමේන්තුව නියෝජනය කර ඇතත් සති 10ක්  වැනි කෙටි කාලයක් තුල මේ තරම් අනාගත්, ජනතා අප්‍රසාදයට පත්වූ ආණ්ඩුවක් නොතිබුන බවයි.

එහිදී ඔහු මෙසේද පැවසිය.

''අලුත් ආණ්ඩුව අපි කිසිවකු නොසිතු ලෙස සති 10ක් වැනි කෙටි කාලයක් තුල ජනතා අප්‍රසාදයට පත්වෙලා. මහ මැතිවරණයේදී එහි වාසිය ගන්න අපි වහාම කටයුතු කළ යුතුයි. අපේ පක්ෂයේ බොහෝදෙනෙක් කතා කරන්නේ අරයා එලවන්න මෙයා එලවන්න කියලා. අපි දැන් කරන්න ඕන එලවන එක නෙමෙයි. ඉන්න සේරම එකතුකර ගන්න එක. මම මේ යෝජනාවලිය දකින්නේ ඒ අර්ථයෙන් සාධනීය යෝජනාවක් විදියට. අපි කිසිඳු Mangala text30පාර්ශ්වයකට අසාධාරණයක් කලයුතු නැහැ. අපේ මුලික අරමුණ විය යුත්තේ පක්ෂයේ සමගිය ආරක්ෂා කර ගැනීම. ''

දැන් ඇතැමුන්ට ප්‍රශ්නයක් මතුවේවි සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරන්න කටයුතු කරපු මම ඇයි මේ යෝජනාවලියට සහය දෙන්නේ කියලා. සජිත් ජනාධිපති කලයුතුයි කියලා යෝජනා කරනකොටම මම කිවා රනිල් අගමැති කලයුතුයි කියලත්. සජිත් ප්‍රේමදාස අපේ පක්ෂය තුළ සිටින ජනප්‍රියම නායකයා කියන එක හංගන්න දෙයක් නැහැ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනයක් තිබෙන රනිල් වික්‍රමසිංහ වැනි නායකයකු අතහරින්නත් හොඳ නැහැ. 

මමනම් කියන්නේ රන්ජන් රාමනායක කළ වැඩේ වැරදියි. කැතයි. එත්, ඔහු විසින් මතුකල සමාජ යථාර්තය, කතිකාව අපි ප්‍රතික්ෂේප කළ යුතු නැහැ. රන්ජන්ව අපි තියා ගන්න ඕන. ඒ සමාජ කතිකාව ඉදිරියට ගෙනියන්න ඕන. ඒවගේම අජිත් පෙරේරලා, රෝසිලා, ඉමිතියස්ලා, ෆොන්සේලත් ඉවත් කරන එක නෙමෙයි එකතුකර ගැනීමට කටයුතු කරන්න ඕන.''

රනිල් වික්‍රමසිංහගේ නායකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මංගල සමරවීර මන්ත්‍රීවරයා, නියම සුදුස්සකු එන තෙක් ශ්‍රීලනිපයේ හිටපු නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දශක දෙකකට වැඩි කාලයක් ශ්‍රීලනිපය රැකගනිමින් සිදු කල කාර්යභාරය ද සිහිපත් කළේය. 

අනතුරුව අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම ද මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ අදහස් අනුමත කරමින් කරුණු දැක්විය.

සජිත්ගේ අගමැති අපේක්ෂකත්වයට විරෝධයක් !

මේ අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක ද යෝජනාවලිය පිළිබඳව අදහස් දක්වමින් අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කළේය.

එහිදී ඊට ප්‍රතිචාර දැක්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලු සාමාජිකයින් පාහේ රවීගේ අදහසට එරෙහිව කරුණු දක්වද්දී, ''සජිත් අගමැති අපේක්ෂකත්වය නොගත්තොත් මොකද කරන්නේ ?'' කියා රවී කරුණානායක මන්ත්‍රීවරයා පෙරළා ප්‍රශ්න කළේය.

''එක ඒ වෙලාවට බලාගමු. දැන්තියා බැරියර් දාන්න එපා '' මංගල සමරවීර එහිදී වහාම ප්‍රතිචාර දැක්වූ අතර අනෙකුත් සියලු දෙනාම පාහේ එය අනුමත කළේය.

අනතුරුව රනිල් වික්‍රමසිංහ තවදුරටත් එජාප නයකතවයේ රඳවා ගැනීමටත්, මහ මැතිවරණය වෙනුවෙන් යෝජිත විපක්ෂ සන්ධානයේ නායකත්ව හා අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස වෙත පැවරීමටත් කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය.

සන්ධානයේ ලේකම් ?

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයාගේ නායකත්වයෙන් ගොඩනැගෙන විපක්ෂ සන්ධානයේ ලේකම් ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතු බවට ද මෙහිදී එකඟත්වයක් ඇතිකර ගනු ලැබිය. එහිදී සජිත් ප්‍රේමදාස විසින් නිර්දේශකරන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය යටතේ පත් කිරීමට යෝජනා විය.

එසේම, මහ මැතිවරණයට අදාළ නාමයෝජනා මණ්ඩලය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ මුලිකත්වයෙන් ස්ථාපිත කිරීමට ද තීන්දු විය.

සබැඳි පුවත් :

එජාප නායක රනිල්මයි - විපක්ෂ සන්ධාන නායක හා අගමැති අපේක්ෂක සජිත් !!
එජාප නව නායකයා ගැන 2022 න් පසු විමසන්නැයි රනිල් කියලා ! - එජාප මන්ත්‍රී හමුවේ කතාබහ මෙන්න 
සජිත්ගේ නායකත්වයෙන් නව සන්ධානයක් ! (VIDEO)
'UNP නායකයාගේ බලතල කපන්න ෆයිට් නොකරන්නේ ඇයි?' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ විමසයි
සජිත් එජාප නායක කියා යෝජනාවක් සම්මත කරගෙන !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්