මේ වන විට රටේ තිබෙන මූල්‍ය ආයතන 42න් 20ක් පමණ අසීරුතාවයට පත්ව ඇති බවත්,

ඔවුන් විසින් බැංකුවලින් ගෙන ඇති ණය පියවීම සඳහා ණය සහන පැකේජයක් ඉල්ලා තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න පවසයි.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ගෙන ඇති ණය සඳහා ලබා දී තිබෙන ණය සහන පැකේජය, මූල්‍ය ආයතනවලින් ලබා ගෙන ඇති ණය සඳහා ලබා දෙන්න කටයුතු කරනවා දැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මෙසේද පැවසිය.

“ඔබ මූල්‍ය ආයතන ගැන අධ්‍යයනයක් කළොත් පෙනේවි, රටේ තියෙන මූල්‍ය ආයතන 42න් 20ක් පමණ ගොඩාක් අසීරුතාවයට පත්වෙලා තියෙනවා. ඒ නිසා දැනට තියෙන තත්ත්වය උඩ, අපට ෆිනෑන්ස් කම්පැනි කිහිපයකින් කිව්වා බැංකුවලින් ගත්තු ණය ගෙවීම සඳහා ඒ ගොල්ලන්ටත් Moratorium එකක් ලබා දෙන්න කියලා. ඒ වගේ අවස්ථාවක දී මෙය (ණය සහන පැකේජය) තවදුරටත් ව්‍යාප්ත කරන්න පුළුවන් වෙවි කියා අප සිතන්නේ නැහැ. නමුත් එහෙම හැකියාවක් තියේද කියා අපි බලාගෙන යනවා.“

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ, මූල්‍ය ආයතනවල ණයවලින් බහුතරය එනම් 50%ක් පමණ ලීසිංවලින් සමන්විත වන බවයි. “ලීසිං එකක්, term loan එකක් වගේ නැවත ප්‍රතිව්‍යූහගත කරන්න අමාරුයි. එය සංකීර්ණ දෙයක්“, යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා කියා සිටියේය.

(lankaleadnews)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්