ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී

සිදු වු බව කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (02) අදාළ බලධාරින්ට නියෝග කිරීමත් සමග ආණ්ඩුවේ ඇතැම් පාර්ශව බලවත් අර්බුදයකට ලක්ව ඇතැයි theleader.lk වෙත වාර්තාවේ. ඒ, අදාල චෝදනාවට ලක්ව සිටින කාන්තාවගේ සැමියා රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතකු වීම නිසාය.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී 'ශ්‍රී ලන්කන්' හි මෙන්ම වෙනත් රාජ්‍ය ආයතනයක ඉහල ම තනතුරු දැරූ මෙම පුද්ගලයා, පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 දා සිදුකළ කුමන්ත්‍රණයකින් අගමැති රනිල් වික්‍රමසිංහ පලවා හැර මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්වූ අවස්ථාවේදී ද 'ශ්‍රී ලන්කන්' ඉහල තනතුරකට පත්කළ අතර පසුව දින කිහිපයක් තුලදී ඉවත් කළේය.

රජයට අයත් 'ශ්‍රී ලංකන්' ගුවන් සමාගමෙහි ඉහළ නිලධාරියකුගේ බිරිඳට එයාර් බස් ගනුදෙනුවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලසක් ලබා දීමට පොරොන්දු වී පසුව ඩොලර් අවම වශයෙන් මිලියන දෙකක් ලබා දුන් බවට විදෙස් අධිකරණයක් ඉදිරියේ ඇති ලියැවිලි වලින් අනාවරණය වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

Text 3 1මෙම ඩොලර් මිලියන දෙක ගෙවා ඇත්තේ ඒ වෙනුවෙන්ම බෘනායි හි පිහිටුවන ලද ‘ව්‍යාජ සමාගමකට ය. 2011 ජුලි 01 සිට 2015 ජුනි දක්වා කාලය තුළ එයාර් බස් සමාගම මෙම ගෙවීම කර ඇත.

මතභේදයට ලක් වූ මෙම මිලදී ගැනීම සඳහා ගුවන් යානා 14 ක් ඇණවුම් කරන ලද අතර, එයාර් බස් සමඟ අතරමැදියකු ‌‌ලෙස මෙම කාන්තාව කටයුතු කර ඇති බව අධිකරණය හමුවේ ගොනු කර ඇති වාර්තාවන්හි දැක්වේ.

2013 දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරියකුගේ බිරිඳ සිය ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස එයාර් බස් සමාගම ඇතුල් කර ගෙන තිබේ. එසේ නමුත් ඇයට අදාළ විෂය ගැන කිසිදු දැනුමක් තිබී නැත.

එකී අතරමැදි සමාගමට එයාර් බස් නිලධාරීන් විසින් ඩොලර් මිලියන 16.84 ක් දක්වා ලබා දීමට පොරොන්දු වී ඇත්තේ “එයාර් බස්” ගුවන් යානා 10 ක් මිලදී ගැනීමට සහ අමතර ගුවන් යානා 4 ක් බද්දට ගැනීමට රජයට බලපෑම් කිරීම සඳහා ය. නමුත් පසුව අතරමැදි සමාගමට ගෙවා ඇත්තේ මිලියන 16.84 න් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් පමණි.

 

යහපාලන ආණ්ඩුවේ විෂමාචාරයක් !

Text 3 2මෙම අයතා ගනුදෙනුව සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව පැවති සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මුල්‍ය විමර්ශන අංශය (FCID) විසින් විමර්ශනයක් සිදුකර ඊට අදාල සැකකරුවන් හඳුනාගෙන තිබිණ. ඒ අනුව දැනට චෝදනා එල්ලවී ඇති කාන්තාවට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබිණ.

කෙසේවුවද යහපාලන ආණ්ඩුවේ ඉහලම බලධාරියකුගේ නියෝගයමත එම විමර්ශන අතරමග නවතා දමා තිබිණ. ඒ රාජපක්ෂ පවුලෙන් කර තිබු ඉල්ලීමක් මතය.

2013 මාර්තු 29 වන දින එයාර් බස් විසින් A330 ගුවන් යානා 6 ක්, A350 ගුවන් යානා 4 ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට විකිණීම සහ තවත් A350 ගුවන් යානා 4 ක් බදු දීම සඳහා අතරමැදියකු සමඟ ගිවිසුමක් අත්සන් කර තිබු අතර 2015 න් පසු ශ්‍රී ලංකාව එම ගුවන් යානා ගනුදෙනුව අවලංගු කළ අතර ගුවන් යානා කිහිපයක කල්බදු ගිවිසුම් නැවත සාකච්ඡා කිරීම සඳහා ද දඩ ගෙවීමට එකඟ විය.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවූ වන්දි මුදල ඇමරිකානු ඩොලර් මිලියන 98 කට අධිකයි. එය දළ වශයෙන් රුපියල් මිලියන දාහතර දහසකට අධිකයි.

එසේ දඩ ගෙවීමට එකඟවීමේදී බරපතල විෂමාචාරයක් සිදුව ඇතැයි ඒකාබද්ධ විපක්ෂය එකල යහපාලන ආණ්ඩුවට චෝදනා කළේය.

ශ්‍රීලංකන් සමාගමේ ඉහළම විධායක නිලධාරියෙකුගේ බිරිඳට අයත් බෲනායි සමාගමට ලබාදුන් අල්ලස් මුදල රුපියල් මිලියන 300 ක් පමණ වෙද්දී ගනුදෙනුව අවලංගු කිරීමට ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දාහතර දහසකට අධික මුදලක් ගෙවා දැමීමට සිදුවිය.

 Text 3 3

මිග් ගනුදෙනු ගැනත් හොයන්න ලු !

කෙසේවුවද, ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු වු බව කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) අදාළ බලධාරින්ට නියෝග කිරීමත් ආණ්ඩුවේ ඇතැම් පාර්ශව කලබලයට පත්ව ඇති බවක් ද පෙනේ.

ආණ්ඩුවේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වන එවැනි ඇතැම් සමාජ මාධ්‍ය විසින් 'මිග් ගනුදෙනුව' ගැනත් සොයා බැලීමට විමර්ශනයක් කරන්නයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා පොස්ටු පළකර ඇත.

 

සබැඳි පුවත්

'ශ්‍රී ලංකන්' ගනුදෙනුවකින් ඩොලර් මිලියන 2ක අල්ලසක් ගත් කාන්තාව කවුද? ජනපති නියෝගයෙන් විමර්ශනයක්!

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image