අගමැති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 2025 දී පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට දැන්තියා සුදානම් වන බවක් පෙනෙන්නට ඇතැයි දේශපලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත.

ඒ, ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති ජනහමුවකදී පාක්ෂිකයින් ‘අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා’ යැයි කියමින් ඉතාමත් උණුසුම් අකාරයෙන් ඔහුව පිළිගැනීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමගය.

‘වැඩ කරන රටක්’ තේමාවෙන් මෙම ජනහමුව පැවතිණ.

             


අගමැති මහින්ද රාජපක්ෂ පමණක් නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද 2025 ජනාධිපතිවරණය පැවැත්වෙන විට වයස අවුරුදු 80ට ආසන්න බැවින් රාජපක්ෂ පරම්පරාවේ ඔටුන්න හිමි කුමාරයා ලෙස සැලකෙන නාමල් රාජපක්ෂ මේවනවිටත් තම සුදුසුකම් ප්‍රදර්ශනය කරමින් දේශපාලන සටනට අවතිර්නවී ඇත.

දකුණ පමණක් නොව උතුරද තමන් වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා විශේෂ දේශපාලන වැඩසටහනක් උතුරු-නැගෙනහිර ආරම්භ කර ඇති ඔහුට මීළඟ මහ මැතිවරණයෙන් පසු ඊට අදාල ප්‍රබල අමාත්‍ය ධුරයක් ද හිමිවනු ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්