මාස ගණනාවක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත ජයසුන්දරට හෙට (05) දිනයේදී අධිකරණයේදී ඇප ලැබෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

බදාදා දිනයෙදී ඊට අදාල නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිත අතර ඔවුනට ඇප ලබාදෙන ලෙස විත්තියේ නීතිඥයින් ගෙන් ඉල්ලීමක් මතුවුවහොත් නීතිපති දෙපාර්තමේන්තුව ඊට එරෙහි නොවනු ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා කර තිබිණ.

පාස්කු ඉරුදින ප්‍රහාර සමඟ එල්ලවූ චෝදනා හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු එම තනතුරින් ඉල්ලා අස්වූ අතර හිටපු ජනාධිපතිවරයා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවනු ලැබීය.

හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පුජිත ජයසුන්දර වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විසින් හිටපු ජනාධිපතිවරයාට ලිපියක් ඉදිරිපත් කර තිබිණ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image