ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කිහිප දෙනෙකු ඉදිරි දින කිහිපය තුලදී 'පොහොට්ටු' පක්ෂයට එක්වීමට නියමිතව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'theleader.lk' වෙත
වාර්තාවේ. ඒ, පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ආරාධනයක් අනුව මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබා ගැනීම සඳහාය.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමීපතම හිතවතකු ලෙස කටයුතු කල උතුරු මැද හිටපු මහ ඇමති පේෂල ජයරත්න මේවනවිටත් බැසිල් රාජපක්ෂට එක්ව ඇති අතර ඔහු මේවනවිට 'පොහොට්ටුවේ' පොළොන්නරු දිස්ත්‍රීක් නායක, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ සහයට එම ප්‍රදේශයේ තැනින් තැන පෝස්ටර් ද ප්‍රදර්ශනය කර තිබේ.
ඒ අතර ඉදිරි දින කිහිපය තුල දී ශ්‍රීලනිපයේ නායක මෛත්‍රීපාල සිරිසේන, මහ ලේකම් දයාසිරි ජයසේකර හා ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඉලක්කකර ගනිමින් පොහොට්ටුවට හිතවත් සමාජ මාධ්‍ය හරහා ඔවුන්ට එරෙහිව දැවැන්ත ප්රචාරක මෙහෙයුමක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
සබැඳි පුවත් :
ජනපතිට තුනෙන් දෙකේ බලයක් නොදෙන්න පොහොට්ටුවේ සැලැස්මක්!