LEDER TV පෙබරවාරි 05 පුවත් විශේෂාංගය 

වීඩියෝ 

               
''අද දින ජනාධිපති තුමන් විසින් සිදු කල කතාව විශිෂ්ටයි; දැන් ඔහු කී දෑ ඉටු කිරීමට කාලයයි. ශක්තිමත් නායකයෙක් යනු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ දුෂ්කර තීරණ ක්‍රියාත්මක කළ හැකි පුද්ගලයෙකි. 48 සිට අද දක්වා යෙදුනු අපගේ ගමන යහපත් චේතනා දරමින් හොඳ කතාවන් පමණක් සිදු කල නායකයන් ගෙන් බහුල විය. දැන් ක්‍රියා කිරීමට කාලයයි!''

මේ ට්වීටර් සටහන හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරගේය. හිටපු අමාත්‍යවරයා මේ ට්වීටර් සටහන තබන්නේ ජනාධිපති ගෝඨාභය 72 වන නිදහස් සැමරුමේ පැවැත්වූ කතාවට ප්‍රතිචාර දක්වමින්ය.

හිටපු ඇමති මංගලගේ මේ ප්‍රකාශය අතිශය දේශපාලනිකය. එමෙන්ම අභියෝගාත්මකය. අපි එසේ අවධාරණය කරන්නේද හේතු ඇතුවය.

 මංගල හරිම තැනට ඇනේ ගසා ඇත :

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටියදී කළ කි දෑ සම්බන්ධයෙන්, විශේෂයෙන් මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මංගලට මෙන්ම අපටත් අතිශය බරපතල විවේචනයක් ඇත. 

නමුත්  ඔහු දැන්  ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස නිදහස් දින උළෙල අමතමින් තම දැක්ම පැහැදිළි කර ඇත.  එහි අන්තර්ගතය සුභාවදීය. මේ කතාව දෙස අප සුබවාදීව බලනුයේ ඕනෑම අයකුට පෙර වැරදි නිවැරදිකර ගැනීමට ඇති අයිතිය ද පිළිගනිමින්ය. 

බොහෝ දෙනෙකු ගෝඨාභය ජනාධිපතිගේ ඇඳුමේ පැළඳි පදක්කම් දකින විට මංගල හරිම තැනට ඇනේ ගසා ඇති බව අප කියන්නේ එනිසාය. සරලවම  කියනවා නම්  හිටපු අමාත්‍ය මංගල සමරවීර කියන්නේ, ඇඳුම නෙවෙයි වැදගත්, වැඩේ කියාය. 

අවධානම අදටත් එය පහව ගොස් නැත:

 නිදහස් සැමරුමේදී ජනාධිපති ගෝඨාභය මාධ්‍ය නිදහස ගැන සහතිකයක් දුන්නේය. නමුත් ගෝඨාභය ජනාධිපතිවූ විගස සිදුවූයේ මාධ්‍ය ආයතන කිහිපයකට CID ය එවීමය. අප ලීඩර් ටීවී කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනෙකුද ඒ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේය. ජඩමාධ්‍ය සහ පාදඩකරණය වූ ජාතිවාදීන් නම් ගම් කියමින් අප මාධ්‍ය සගයන්ගේ ජීවිත අවධානමේ දැමිණ. අදටත් එය පහව ගොස් නැත.

එතැනින් පසුව ප්‍රධාන ධාරාවේ ජඩමාධ්‍ය නොවූ, ඇත්ත ඇති සැටියෙන් කතා කල මාධ්‍යට සිදුවූයේ, තම ජීවිතය නම් කඩුල්ල රැකගන්න පසු පාදයෙන් වැඩ කරන්නටය. ඒ හමුවේ තවත් පිරිසක් ස්වයන්වාරණයක් ඇතිකරගත් අතර තවත් පිරිසක් රට අත්හැර ගියේය. එපමණක් නොව රොයිටර් පුවත් සේවය පවා රට අත්හැර ගියේ තම මාධ්‍යවේදීන්  ගෝඨාභය ජනාධිපතිවීමත් සමඟ වීදි බැස්ස අන්තජාතිවාදී බලවේග වල ගොදුරක්වීමේ අවධානමක් මතුවූ නිසාය. 

කතාව එතනින් අවසන් නැත, අදටත් ගෝඨාභය ජනාධිපතිව සින්නක්කරව ලියාගත් බව පෙන්වන පිරිසක් වහාම දඩයම් කල යුතු මාධ්‍යවේදීන් සහ ආයතන පෙන්වමින් ජඩමාධ්‍ය තුළ සංදර්ශන පැවැත්වීම නිසාය. නිදහස් දිනයේත් එවැනි අවාසනාවන්ත පුවතක් ප්‍රචාරය වනු අපට දකින්නට ලැබිණ. ඒ කියන්නේ කුමක්ද ? ගෝඨාභය ජනාධිපතිගේ මසුරන් කතා, ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමට ඔහුගේ නිල නොලත් අයිතිකාරයන්ම බාධාවක් වී ඇති බව නොවේද ? දැන් රාජකාරිය ඇත්තේ ගෝඨාභයටය.

ජනපතිතුමනි, මේ නාඩගම නවත්වන්න ඔබ කටයුතු කරනවාද ?

ජනාධිපතිතුමනි, ශිෂ්ට සමාජයක්, ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය අවකාශයක් ගැන මෙලෝ හසරක් නොදන්නා පාදඩයන් කිහිපදෙනෙකු, නටන නාඩගම නවත්වන්න ඔබ කටයුතු කරනවාද ?

ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ව්‍යාපෘතිය සමග ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය විසින් පසුගියදා එළිදැක්වූ නවතම  වාර්තාව සඳහන් කළේ  “ශ්‍රී ලංකාවේ - මර්දනය යළිත් ඇරැඹේ” යනුවෙන්ය.  

එම සංවිධාන දෙක එක්ව නිකුත් කර ඇති අලුත්ම වාර්තාවේ දැක්වෙන පරිදි ගෝඨාභය රාජපක්ෂ නොවැම්බර් මැද බලයට පත්වී දෙමාසයක් ගතවීමටත් පෙරම මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධාරීන්, නීතිඥයන්, පැමිණිලිකරුවන්, විද්‍යාර්ථීන් සහ විපක්ෂයේ පුද්ගලයන් ඉලක්ක කරගෙන සිදුකොට ඇති බියවැද්දීම් සංඛ්‍යාව හැත්තෑවකට ආසන්න ය.

දින හැටක වැඩ නිසා ගෝඨාභය පාලනය ජාත්‍යන්තරව ලබා ඇති සහතිකය එබඳුය. 

තවද  ජාත්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය 2020 ට අදාලව  ගැටුම්  පැන නැගිය හැකි හෝ ප්‍රචණ්ඩත්වය වර්ධනය විය හැකි රටවල් සහ කලාප 10ක් පසුගියදා ප්‍රසිද්ධ කෙරිණ. අවාසනාව කියන්නේ ඒ දර්ශකයේද 4 වන තැන ලංකාවට වෙන්ව තිබීමය.

වැදගත් කරුණු 11ක් :

එපමණක් නොව, භාෂණයේ නිදහසේ සිට මූලික මිනිස් අයිතිවාසිකම් ආවරණය කරන වැදගත් කරුණු 11ක් ජනාධිපති ගෝඨාභයගේ නිදහස් දින කතාවේ අන්තර්ගතව තිබිණ. 

දැන් ඉදිරිය ඇත්තේ ඊට අනුව වැඩ කිරීම නම්, යමෙකු අදහසක් දැක්වූ පමණින් සනුහරයම පොලිසිය වෙත ඇදගෙන ඇවිත් ප්‍රශ්න කිරීම හෙට සිට නැවැත්විය යුතුව ඇත. තවදුරටත් අන්තවාදය තහනම් වන්නේ මුස්ලීම් හෝ දමිල ජන ආගමික පදනමින් නොව, ආගම ජාතිය කියා වෙනසක් නැතිව අන්තවාදය නැවැත්විය යුතුව ඇත. 

අනෙකාගේ සංස්කෘතික ජීවිතය දරාගත නොහැකිව "ගෝඨා සර්" අපේ කියාගෙන සෙල්ලම් දමන පාදඩයන් වීදි බැසීම වැළක්විය යුතුව ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා කණපිට පෙරළන්න, එකී ආයතන සහ විනිසුරුවරුන් සම්බන්ධව ඇති ජනතා විශ්වාසය මහ දවාලේ කෙළෙසන්න කරයුතු කරන පිරිස් වීදි බැසීම වැළක්විය යුතුව ඇත. 

නිදහසේ අදහසක් දක්වනට විට මර බයක් දැනෙයි නම්, පොලිසිය මිනිසුන්ව අමාරුවේ දමන ආයතනයක් ලෙස හැඟේ නම්, මිනිසුන්ට අධිකරණය ගැන ඇත්තේ සැකයක් නම්, පාර්ලිමේන්තුව සමාජ හෑල්ලුවේ නිදර්ශනයක් නම්, එවැනි සමාජ අසාර්ථකය. 

කුමන්ත්‍රණයෙන්, භීෂණයෙන්, මර්දනයෙන් ගොඩනැගූ සාර්ථක සමාජ නැත. සංවර්ධනය වූ රටවල් ද නැත. 

 "ශක්තිමත් නායකයෙක් යනු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ දුෂ්කර තීරණ ක්‍රියාත්මක කළ හැකි පුද්ගලයෙකි. 48 සිට අද දක්වා යෙදුනු අපගේ ගමන යහපත් චේතනා දරමින් හොඳ කතාවන් පමණක් සිදු කල නායකයන් ගෙන් බහුල විය. දැන් ක්‍රියා කිරීමට කාලයයි!'' කියා හිටපු ඇමති මංගල ඉදිරිපත් කළ දේශපාලන අභියෝගයේ තේරුමද ඒකය.


සබැඳි පුවත් :
බලාපොරොත්තු ඇති කළ කතාවක් : ''නිදහස් දින ජනපති ප්‍රතිඥා අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතුයි'' -දේශපාලන විචාරක කුසල් පෙරේරා 

''ජනපතිගේ කතාව විශිෂ්ඨයි'' - හිටපු ඇමති මංගල කියයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්