ඉදිරි මහ මැතිවරණයේදී වෙනම තරඟ කර පාර්ලිමේන්තුවට පත්වී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් කිරීමට සහය දැක්වීම පක්ෂය ආරක්ෂා කර ගැනීමට ගත හැකි වඩාත් ම සුදුසු දේශපාලන ක්‍රියාමාර්ගය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකින් විශාල පිරිසක් එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යෝජනා කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා දිස්ත්‍රීක්කයකින් ශ්‍රීලනිප එක් අයකුට පමණක් ඉදිරි මහ මැතිවරණයේදී 'නාමයෝජනා ලබාදීමට 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ තීරණය කර ඇති බවත්,  එසේ 'පොහොට්ටු' පක්ෂයෙන් තරඟ කිරීමට නාමයෝජනා ලැබුන ද ඒ සියලුදෙනා පරාජය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවත් එම ආසන සංවිධායකයින් මෛත්‍රීපාල සිරිසේනට පැහැදිලි කර දී තිබේ.

මේ අවස්ථාවේදී ශ්‍රීලනිපය වෙනම තරඟ කළහොත් මන්ත්‍රී ආසන 15කට ආසන්න ප්‍රමාණයක් ලබාගනිමින් මීළඟ පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලවේගය බවට පත්වීමේ හැකියාවක් පවතින බවට ද ඔවුන් විසින් හිටපු ජනාධිපතිවරයාට ඒත්තු ගන්වා ඇත.

'පොහොට්ටුව' සමග එක්ව තරඟ කළහොත් අනිවාර්යයෙන්ම ශ්‍රීලනිපය විනාශ වී යනු ඇතිබවත් ඒ පාපයට අත නොගසන ලෙසත් ඔවුන් විසින්  මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගෙන් දැඩිලෙස ඉල්ලා තිබේ.

සම සභාපතිත්වය ශ්‍රීලනිපට අවශ්‍යයි-වීරකුමාර

මේ අතර ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසන්නේ, මහමැතිවරණයේ සන්ධානයේ නාම යෝජනාවලින් සියයට 30 ක් සහ නව සන්ධානයේ සම සභාපතිත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය බවයි.

එහිදි මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරණයේදී එකඟතාවයකට පැමිණියේ පොදු සන්ධානයකින් ඉදිරියට යාමට බවයි.

විදුලිබල අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදීද විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම ගෙන් මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේදී  ඔහු පැවසුවේ අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඒ සම්බන්දයෙන් සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගන්නා බවයි.


සබැඳි පුවත් :
බැසිල් වැඩ අරඹයි : මෛත්‍රී තනිකර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පොහොට්ටුවට - පේෂල දැනටම ගිහින් 
ජනපතිට තුනෙන් දෙකේ බලයක් නොදෙන්න පොහොට්ටුවේ සැලැස්මක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්