රෝහණ දේව පෙරේරා ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරය සඳහා මේවනවිට ජනමාධ්‍ය ලේකම්වරයා වෙත නම් දෙකක් ඉදිරිපත්ව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව ජනාධිපති කාර්යාලය විසින් සංගීත අධ්යක්ෂවරයකු හා ගායන ශිල්පියකු වන ජගත් වික්‍රමසිංහගේ නම් කර පත්කිරීමේ ලිපියක් ජනමාධ්‍ය ලේකම්වරයා වෙත යොමුකර ඇති අතර ම අගමැති කාර්යාලය විසින් ඒ සඳහා හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන ඩබ්. බී. ගනේගල නම් කර ඒවා තිබෙන බව ඉහත ආරංචිමාර්ග පවසයි.
නව ආණ්ඩුව පත්වීමෙන් පසු අගමැතිවරයා විසින් ඩබ්. බී. ගනේගලව රජයේ ආයතන 06 සඳහා නිර්දේශකර තිබුන ද පසුව එම ආයතනවලට වෙනත් අය පත්කර තිබිණ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස පසුගිය 30 දා වැඩබාර ගත් රෝහණ දේව පෙරේරා දින දෙකක් තුළ දී වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කළේය.
සබැඳි පුවත් :
අත්පුඩියෙන් වැඩ පෙන්නපු SLBC සභාපති දවස් දෙකෙන් දොට්ට!