එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන විපක්ෂයේ නව සන්ධානයේ

ජාතික සංවිධායක ලෙස හිටපු ඇමති පාඨලී චම්පික රණවක නම් කිරීමට නියමිත බව විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඒ සඳහා ඔහු ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්වීමට ද නියමිත බවද පැවසේ.

නව සංවිධානයේ මහ ලේකම් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන හිටපු ඇමති රන්ජිත් මද්දුම බණ්ඩාරව නම් කිරීමට එජාප මන්ත්‍රී කණ්ඩායම පෙබරවාරි 05 දා රැස්වී තීන්දු කර තිබිණ.

සජිත් ප්‍රේමදාස විසින් මෙම යෝජනා පෙබරවාරි 10 දා රැස්වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් එහි අනුමැතිය ලද වහාම නව පක්ෂය ලියා පදිංචි කිරීමටත් සැලසුම්කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 

අලුත් පැතුමක් : සජිත්, චම්පික සමග අලුත් ගමනක්....

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාව හමුවට ගෙනයාම සඳහා රටවටා සංවාදශීලි සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීමට චම්පික රණවක මන්ත්‍රීවරයා මේවනවිට සැලසුම් කර තිබේ.

එහි පළමු සම්මන්ත්‍රණය පෙබරවාරි 09දා පස්වරු 2.45ට තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Patali Sajith

 

සබැඳි පුවත් :

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට සජිත් එකඟයි !

'සජිත්ට මුලික අත්තිවාරම වැටුනා - වෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ' -කබීර්

සජිත් පිල කෘත්‍යධිකාරිය වර්ජනය කරයි : මංගල හා මලික් සමගි සන්ධානයක් වෙනුවෙන් සටනක !

එජාප නායක රනිල්මයි - විපක්ෂ සන්ධාන නායක හා අගමැති අපේක්ෂක සජිත් !!

එජාප නව නායකයා ගැන 2022 න් පසු විමසන්නැයි රනිල් කියලා ! - එජාප මන්ත්‍රී හමුවේ කතාබහ මෙන්න

සජිත්ගේ නායකත්වයෙන් නව සන්ධානයක් ! (VIDEO)

'UNP නායකයාගේ බලතල කපන්න ෆයිට් නොකරන්නේ ඇයි?' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ විමසයි

සජිත් එජාප නායක කියා යෝජනාවක් සම්මත කරගෙන !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්