ඉදිරි මැතිවරණයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට 'පොහොට්ටුව' ලකුණ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්

තරඟ කිරීමට ඉඩ නොදෙන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තනිව තරග කිරීමට සලස්වන ලෙස ඉල්ලා සිටින බවත් රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ පවසයි.

ඒ සඳහා කටයුතු කරන ලෙස තමන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගෙන් සහ පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

සමීක්ෂණ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග රටෙන්ම දිනාගත හැක්කේ ආසන හතරක් පමණක් යයිද ඔහු සඳහන් කළේය.

පොළොන්නරුවේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

 

ශ්‍රීලනිප කොන්දේසිවලට 'පොහොට්ටුව' හරස් වෙයි

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පැවසුවේ, එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් ගොඩ නැගීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති කොන්දේසි අසාධාරණ බවයි.

අදාළ කොන්දේසි හේතුවෙන් අසාධාරණයට ලක් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ඔහු කියා සිටියේය.

එළඹෙන මහ මැතිවරණයේ නායකත්වය සහ ලකුණ සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙසේ අදහස් පළ කළේය.


පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 

 

ශ්‍රීලනිපය තනිවම සටන් වැදිය යුතුයි - සුරේන් කියයි

මේ අතර ශ්‍රීලනිප ක්‍රියාකාරීන් බහුතරයක් පවසන්නේ, බැසිල් රාජපක්ෂගේ කෙනෙහිලිකම් තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවයි.

ශ්‍රීලනිපය ඉදිරි මහ මැතිවරණයේදී වෙනම තරඟ නොකළහොත් එය ශ්‍රීලනිපයේ ගමනක අවසානය වනු ඇතැයි ඔවුන්  පවසති.

ඒ අතර පක්ෂයේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික, උතුරේ හිටපු ආණ්ඩුකාර සුරේන් රාගවන් පවසන්නේ, යන්න ආස අයට යන්නදී, ශ්‍රීලනිපය තනිවම සටන් වැදිය යුතු බවයි.  එය අනාගත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රයට සුබදායක බවද ඔහු කියා සිටියි.

සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු එබව සඳහන් කර තිබේ.

 

 

සබැඳි පුවත් :

''කෙනෙහිලි ඉවසන්න බැහැ'' : ජනපතිට සහයදෙන්න ශ්‍රීලනිපය තනිවම මහ මැතිවරණයට !

වෙනවෙනම තරඟකර පසුව එක්වෙමුයි බැසිල් ගෙන් 'කැරට් අලයක්' !

බැසිල් වැඩ අරඹයි : මෛත්‍රී තනිකර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පොහොට්ටුවට - පේෂල දැනටම ගිහින්

ජනපතිට තුනෙන් දෙකේ බලයක් නොදෙන්න පොහොට්ටුවේ සැලැස්මක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්