ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් සමාගමේ යානා 10 ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී රුපියල් කෝටි ගණනක අල්ලසක්

ලබාගෙන ඇති බවට සැකකෙරෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක, සිය සිංගප්පූරු බැංකු ගිණුමක් හරහා ශ්‍රී ලංකාවේ ප්‍රභුවරයකුට මුදල් ලබාදී ඇද්දැයි මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ.

එම මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 02 ක අල්ලසක් ලබාගෙන එය ඔස්ට්‍රේලියාවේ බැංකු ගිණුමක් හරහා විශුද්ධිකරණය කළ බවට චෝදනා එල්ල වී ඇති කාන්තාව සිය සිංගප්පූරු බැංකු ගිණුමෙන් ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයින් එක් අයකු හෝ දෙදෙනෙකුට ද මුදල් ලබාදී ඇති බව හෙළිවී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ, කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක පසුගිය 06 දා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඒ අනුව එසේ මුදල් ලැබුණු ගිණුමේ හිමිකරුවන්ගෙන් ද ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

 

සැකකරුවන් නිහඬයි !

එසේම 2019 සැප්තැම්බර් මාසයේ සිටම මෙම වංචාව සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කෙරුණ ද ඔවුන් කිසිදු ගිණුම් තොරතුරක් විමර්ශන නිලධාරීන් වෙත ලබා නොදීම නිසා මේ ගනුදෙනුවේ තොරතුරු අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද තුසිත් මුදලිගේ එහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම අත් අඩංගුවට ගත් පසුව ද මේ ගිණුම ආරම්භ වුණු ආකාරය හෝ ඊට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව තමන් කිසිවක්ම නොදන්නා බව සැකකරුවන් විසින් ප්‍රකාශ කර ඇති බව ද ඔහු අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.



 කපිල චන්ද්‍රසේන සහ බිරිඳට එරහිව ඇති චෝදනා මොනවාද?

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 14363/19 අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙතෙක් සිදුකළ විමර්ශනවලින් සනාථ වී ඇති කරුණු:

1 - Biz Solutions නැමැති සමාගම ප්‍රියංකා නියෝමාලි විජේනායක නැමැත්තිය නමින් ලියාපදිංචි වී ඇති අතර ඇය එම සමාගමේ එකම අධ්‍යක්ෂිකාවය.

2 -මෙම සමාගම පවත්වාගෙන ගිය ගිණුමට 2013.12.27 වෙනි දින ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් EADS HQ/ SSC France නැමැති ප්‍රංශ සමාගමක් විසින් ඒවා ඇති අතර, කපිල චන්ද්‍රසේන එම මුදල ඔස්ට්‍රේලියාවේ Commonwealth Bank හි පවත්වාගෙන ගිය ගිණුමකට මාරු කර තිබිණි.

3 -Biz Solutions සමාගමට අයත් ගිණුම 2015.11.25 වෙනි දින වසා දමා ඇති අතර, ඒ වන විට එහි කිසිදු මුදලක් තිබී නොමැත.

4 - ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රංශයේ Airbus SAS සමාගම සමග A330-900 වර්ගයේ ගුවන් යානා හතරක් සහ A330-300 වර්ගයේ ගුවන් යානා හයක් මිලදී ගැනීමට 2013.05.16 වෙනි දින අවබෝධතා ගිවිසුමකට එළඹී ඇත.

5 - ඉහත සඳහන් EADS HQ/ SSC France නැමැති සමාගම Air Bus SAS සමාගමේ මව් සමාගම වේ.

6- කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස 2011.08.01 වෙනි දින පත් කර ඇති අතර, 2015 ජනවාරි මස දක්වා එම තනතුරේ කටයුතු කර ඇත.

 

ඉහත දැක්වෙන කරුණුවලින් පහත සඳහන් කරුණු අනාවරණය වේ:

# ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස රාජකාරි කළ කපිල චන්ද්‍රසේන වෙත EADS HQ/ SSC France yana Air Bus SAS සමාගමේ මව් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් ඔහුගේ බිරිඳවන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අයගේ ඉහත දැක්වූ ගිණුම හරහා අල්ලස් හෝ තුටු පඬුරු වශයෙන් ගෙවා ඇති බව.

# එම මුදල බාර ගැනීම සිදු කර ඇත්තේ සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ Biz Solutions නමින් ප්‍රියංකා නියෝමාලි විජේනායක පවත්වාගෙන ගිය ගිණුමෙන් බව.

# ඉන් අනතුරුව ප්‍රියංකා නියෝමාලි විජේනායක සිය සැමියා වන කපිල චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියානු Commonwealth Bank ගිණුමට එම මුදල් කොටස් වශයෙන් යැවීමෙන් මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදු වී ඇති බව,

# කපිල චන්ද්‍රසේන මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදු කර ඇති බව පෙනී යන අතර, ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නැමැත්තිය එයට ආධාර අනුබල දී ඇති බව පෙනී යයි. තවද , මෙම දෙදෙනා ඉහත කී මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදු කිරීමට දැනට පැමිණිල්ල නොදත් තවත් පුද්ගලයන් සහ සමාගම් සමග කුමන්ත්‍රණය කර ඇති බවද පෙනී යයි. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ ධූරයෙන් නෙරපා හැර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන අර්බුදය සමයේ කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා නැවත පත් කරන ලදී. 

සබැඳි පුවත් :

කපිල චන්ද්‍රසේන, රන්ජන් රාමනායක සිටින වාට්ටුවේ !

ශ්‍රී ලන්කන් ගුවන් යානා මගඩිය : කපිල චන්ද්‍රසේන සහ බිරිඳ පොලිසියට බාරවේ - චෝදනා මෙන්න

ශ්‍රීලන්කන් ගුවන් යානා මගඩිය : පොලිසිය සොයන කපිල චන්ද්‍රසේන කාගේ කව්ද ?

ශ්‍රී ලන්කන් ගුවන් යානා මගඩිය : කපිල චන්ද්‍ර‍සේන සහ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් - කතාව මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් යානා මගඩිය :අල්ලස් ගෙවූ සමාගමෙන් වන්දි ගැනීමට ජනපතිට අවස්ථාවක් !

ශ්‍රී ලන්කන් ගුවන් යානා ගනුදෙනුවෙන් 'අල්ලස් ගත් කත' හඳුනාගෙන ! - ජනාධිපති නියෝගයෙන් අභ්‍යන්තර අවුලක් !!

පහුගිය ආණ්ඩුවේ ලොක්කෙකුත් මාට්ටු !!

'ශ්‍රී ලංකන්' ගනුදෙනුවකින් ඩොලර් මිලියන 2ක අල්ලසක් ගත් කාන්තාව කවුද? ජනපති නියෝගයෙන් විමර්ශනයක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්