මෙවර මහ මැතිවරණයේ දී තෝරා පත් කර ගත යුත්තේ ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙළට සහාය දෙන අය මිස

අරයාගෙ මෙයාගෙ නියෝජිතයන් නොවන බව මහාචාර්ය නලින් ද සිල්වා අවධාරණය කර සිටියි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්කරලීම සඳහා සිංහල-බෞද්ධ ජනමතය ගොඩනැගීමට මතවාදීමය විශාලම විශාලම කාර්යභාරයක් ඉටුකල නලින් ද සිල්වා එබව පවසා ඇත්තේ ඔහු විසින් පවත්වාගෙන යන 'කාලය' FB පිටුවේ සටහනක් තබමිනි.

එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද කියා සිටියි.

''දහනවවැනි සංශෝධනය තිබෙන තාක් ව්‍යවස්ථාදායකය හා වෙනත් ආයතන විධායකයට අකුල් හෙලන්නට උත්සාහ කරාවි. එය සංශෝධනය කිරීමට ව්‍යවස්ථාදායකයේ තුනෙන් දෙකක බහුතරයක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. මීළඟ මැතිවරණයෙන් ඒ බහුතරය ලබා දීමට අප කටයුතු කළ යුතුයි. දේශපාලන පක්‍ෂ බොහොමයක් එයට විරුද්ධ වේවි.

එසේ වුවහොත් අපට ඔවුන්ට විරුද්ධ වන්න සිදු වේවි. අප කළ යුත්තේ අකුල් හෙලන්නන්ට අකුල් හෙලීමයි. ඔවුන්ට මනාප නොදීමයි.

අප මැතිවරණයේ දී තෝරා පත් කර ගත යුත්තේ ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙළට සහාය දෙන අය මිස අරයාගෙ මෙයාගෙ නියෝජිතයන් නො වෙයි.

 විධායකය පත් කර ගෙන ඇත්තේ මුළු රටේ ම බහුතර කැමැත්තෙන් බව අමතක නොකළ යුතුයි. ඒ ඒ දිස්ත්‍රික්කයෙන් පමණක් පත්වන අය තම ප්‍රාදේශීය අරමුණු ඉටු කර ගැනීම සඳහා විධායකයට බාධා නොපැමිණ විය යුතුයි.''

පොහොට්ටු පක්ෂයේ උද්ධච්ඡයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කරගතයුතු බව මහාචාර්ය නලින් ද සිල්වා මිට ඉහත දී අවධාරණය කර තිබිණ.

(කාලය (kalaya) FB පිටුවේ 'නිදහස් උත්සවය ගැන පසු වදනක්' සටහනින් උපුටා ගැනිණ )

 

සබැඳි පුවත් :

'පොහොට්ටු උද්ධච්ඡයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කරමු' - මහාචාර්ය නලින් ද සිල්වා

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්