තමන්ගේ පෞද්ගලික දූරකථන සංවාද විකෘති කොට ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට සිදුකළ

පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු නොකිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇත. ඊට අමතරව ඇය ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයටද ලිඛිතව දැනුම් දී ඇත.

මෙම හඬපට ප්‍රසිද්ධ වීමෙන් පසු තමන් සහ පවුලේ සාමාජිකයන් අපහසුතාවට පත්වී ඇති බවත් මේ වන විට තමන්ට සමාජ මාධ්‍ය හරහා මරණ තර්ජන පවා එල්ලවෙන බවත් ඇය එම පැමිණිලිවලින් කියා තිබේ.

 මීට පෙර ජනවාරි 23 වන දින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද පැමිණිල්ලක් කරනු ලැබීය.

(රේඛා නිලුක්ෂි හේරත් -අනිද්දා)

සබැඳි පුවත් :

හිරුණිකාගේ ඇමතුම් සොරකම ගැන පොලීසිය ක්‍රියාත්මක වේ!

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්