එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස ජිනීවා යැවීමට යෝජනා කොට ඇති තානාපතිවරයා ගැන අසත්‍ය තොරතුරු

සැපයීමෙන් පොලිසිය විසින් පාර්ලිමේන්තුව නොමග යවා ඇතැයි jdslanka.org වෙබ් අඩවිය වාර්තා කරයි.

එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

''ජිනීවා තානාපති ලෙස යෝජනා කොට ඇති සී ඒ චන්ද්‍රප්‍රේම ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේ භීෂණය පැතිරවූ රාජ්‍ය අනුග්‍රහ ලත් මිනීමරු කල්ලියක නායකයකු ලෙස මානව හිමිකම් නීතිඥයන් දෙදෙනකු මරා දැමීමේ චෝදනා යටතේ 2000 වසරේ රිමාන්ඩ් ගත කර තිබුණද, පොලිසිය විසින් රජය විසින් උසස් තනතුරුවලට පත් කරනු ලබන පුද්ගලයන් සම්බන්ධයෙන් විභාග කරන පාර්ලිමේන්තු කමිටුවට දන්වා යවා ඇත්තේ ඔහුට විරුද්ධ කිසිදු අපරාධ චෝදනාවක් නැති බව ය.

“තඩි ප්‍රියන්ත” නමින් හැඳින්වෙන චන්ද්‍රප්‍රේම 80 දශකය අග භාගයේ අපරාධ වල යෙදුනු ‘ප්‍රා’ නමින් ප්‍රකට මහජන විප්ලවකාරී රතු හමුදාවේ සිදුකළ ක්‍රියාකාරකම් සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) හා ජේඩීඑස් එක්ව මේ සතියේ නිකුත් කළ වාර්තාවකින් එලි දක්වන ලදී.

 

“සුචරිතවත් අයෙක්”


කෙසේවෙතත්, පොලිසිය විසින් සපයන ලද සහතිකය විසින් කන්දඋඩ ආරච්චිගේ ප්‍රියන්ත ප්‍රසන්න චන්ද්‍රප්‍රේම 'සුචරිතවත් අයකු' ලෙස මුළුමනින්ම නිර්දෝෂී කොට ඇති බව JDS වෙත හෙළිවී තිබේ.

උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ජනවාරි 30 දා භාර දී ඇති රහසිගත ලිපියක පොලිසිය සඳහන් කොට ඇත්තේ චන්ද්‍රප්‍රේමට එරෙහිව කිසිදු අපරාධ චෝදනාවක් ලැබී නැති බව ය.

කාරක සභාව 07දා රැස්වීමට නියමිතව තිබුණි.

කමිටුව විසින් කරන ලද විමසීමකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ ජී ලක්සිරි ගීතාල් දී ඇත්තේ පහත දැක්වෙන පිළිතුර ය

ප්‍රශ්නය:
“ඔබ දන්නා පරිදි ඔහු/ ඇය උසාවියකින් දඬුවම් ලබා තිබේද? නැතහොත් ඔහුට/ ඇයට විරුද්ධව පැමිණිලි ලැබී තිබේද? එසේ නම් එම විස්තර”

පිළිතුර:
“විමර්ශනයන් අනුව අනාවරණය නොවේ.”

මේ අනුව, 'තඩි ප්‍රියන්ත' හෙවත් චන්ද්‍රප්‍රේම ප්‍රා කල්ලියේ ප්‍රධාන පෙලේ සාමාජිකයකු ලෙස කටයුතු කළ බවට හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වූ ඩග්ලස් පීරිස් විසින් '80 දශකයේ මානව හිමිකම් උල්ලංඝනයන් විභාග කරන ජනාධිපති කොමිසමක් හමුවේ දිවුරුම් පෙත්සමකින් අනාවරණය කරන ලද බව පාර්ලිමේන්තු කමිටුවට දැනුම් දීම පොලිසිය මගහැර ඇත.

 එම දිවුරුම් පෙත්සමෙන් එල්ල කරන ලද චෝදනා මත පදනම්ව 2000 අගෝස්තු මාසයේදී අත් අඩංගුවට ගන්නා ලද චන්ද්‍රප්‍රේම, එම වසරේම නොවැම්බරයේදී නඩු විභාගයකින් තොරව නිදහස් කර යවනු ලැබුණේ නීතිපති උපදසේ අනුව ය.

 

රනිල් සහ ඩග්ලස්:Dugllas P

බටලන්ද කොමිසමට දිවුරුම් ප්‍රකාශයක් මගින් ඩග්ලස් පීරිස් එවකදී පවසා තිබුණේ 'තඩි ප්‍රියන්ත' තමන්ට හඳුන්වා දෙන ලද්දේ එවක අමාත්‍යවරයකු වූ රනිල් වික්‍රමසිංහ විසින් බව ය. 

පසුව දෙවරක් අගමැති වූ රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ද ඩග්ලස් පීරිස් විසින් නගන ලද චෝදනා මේ තාක් අධිකරණයක් හමුවේ විභාග වී නැත.

"රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව, තඩි ප්‍රියන්ත විසින් නායකත්වය දුන් කණ්ඩායම විසින් පහත නම් සඳහන් පුද්ගලයන් ද ඝාතනය කළ බව මම දනිමි:

(i) කැළණිය ටයර් සංස්ථාවේ සේවය කළ පෙරේරා නමැති පුද්ගලයා
(ii) හල්ෆ්ට්ස්ඩෝෆ්හි නීතිඥයකු වූ දයා ලංකාපුර මහතා
(iii) හල්ෆ්ට්ස්ඩෝෆ්හි නීතිඥයකු වූ කාංචන අබේපාල මහතා
(iv) ගම්පහ ප්‍රදේශයේ නීතිඥයකු වූ නිශ්ශංක මහතා.

රනිල් වික්‍රමසිංහ මහතාට සමීප හමුදා ලුතිනන් නිශ්ශංක හා සේනානායක යන දෙදෙනා විසින් නායකත්වය සපයන කද කණ්ඩායම, රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිවිල් ඇඳුමින් සැරසී මෙහෙයුම් සිදුකළ බව මම දැන සිටියෙමි".

 සී ඒ චන්ද්‍රප්‍රේම, තමන් විසින් රචිත 'ගෝඨාගේ යුද්ධය' කෘතියේ පිටපතක්
මහින්ද රාජපක්ෂට බාරදෙන ආකාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලා සිටියි. - 2012 මැයි 14

උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වන්නේ “අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන යම් තනතුරකට පත්කරනු ලැබ ඇති හෝ නම් කරනු ලැබ ඇති යම් තැනැත්තකුගේ යෝග්‍යතාවය පරීක්ෂා කරනු ලැබීම සහ එම තැනැත්තන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබීම,” යයි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වේ.

කතානායකවරයාද සහභාගි වන මෙම කාරක සභාවේ සභාපතිත්වය එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා විසින් හොබවන අතර විජිත හේරත් සහ බිමල් රත්නායක යන ජවිපෙ මන්ත්‍රීවරුන්ද ඊට ඇතුළත් වෙති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ජීවිත කතාවේ රචකයා වන සී ඒ චන්ද්‍රප්‍රේම ජිනීවා යාම වැලැක්වීම සඳහා පෙත්සමක් ශ්‍රී ලංකා කැම්පේන් සංවිධානය විසින් මේ වන විට ජාත්‍යන්තර වශයෙන් දියත් කර තිබේ.

ඔහු මානව හිමිකම් මණ්ඩලයේ අසුන් ගෙන සභාවේ ගෞරවය පහත හෙලනු ඇති බවටත්, සමුළුවාරවලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවේ සිට ජිනීවා යන මානව හිමිකම් ක්‍රියාධාරින්ට ඔහු තර්ජනයක් වනු ඇති බවටත් එමගින් අනතුරු අඟවා තිබේ.

© JDS

සබැඳි පුවත් :

සී ඒ චන්ද්‍රප්‍රේම තානාපති ලෙස බාර නොගන්නා ලෙස ස්විස් රජයෙන් ඉල්ලීමක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්