අග්‍රාමාත්‍යවරයාගේ හෝ ඇමතිවරුන්ගේ හෝ රාජ්‍ය ඇමැතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන්

ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් අගමැතිවරයා හෝ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ කටයුතු, ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගනුදෙනු සඳහා මැදිහත්වීම වහා නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නියෝග කර තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් චක්‍රලේඛයක් මගින් මේ බව සියලු අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත.

ජනාධිපති චක්‍රලේඛ අංක PS/SP/Circular/07/2020 දරණ එම නියෝගයෙන් පවසා ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂගේ, කැබිනට් ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරු, මහජන සම්බන්ධතා නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩල විසින් රජයේ ව්‍යාපෘති ඇතුළු වෙනත් කටයුතු සඳහා දුරකථන ඇමැතුම්, ලිපි ආදිය ලබා දීම වහාම නතර කළ යුතු බවයි.

මින් ඉදිරියට එවන් පණිවිඩ නිකුත් කළ හැක්කේ අගමැති ලේකම්, අමාත්‍යංශ ලේකම් හා රාජ්‍ය ලේකම්වරුන්ට පමණක් බවත්, අගමැතිවරයාගේ හා අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත්, එවන් කටයුතු මින් පෙර සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කරන ලෙසටත් චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.

මෙතෙක් පැවති සියළුම රජයන් වල සිටි අගමැති මැති ඇමතිවරුන් ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය විසින් ජනතා සේවය කිරීම අභිබවා රජයට සම්බන්ධ නොයෙකුත් ව්‍යාපාර කටයුතුවල යෙදුන බවත්, ඊට සෘජුව සහ වක්‍රව බලපෑම් කිරීමේ අවස්ථා කිහිපයක් ම වාර්තා වී තිබු බවත් ජනාධිපතිවරයා මෙවැනි පියවරක් ගෙන ඇත්තේ ඒ අනුව බවත්  ආණ්ඩුවට පක්ෂපාත වෙබ් අඩවි කිහිපයක් විසින් වාර්තා කර තිබේ.

President Letter

ඒකාධිපති බලය පතුරුවන චක්‍රලේඛයක් : ඇමැතිවරුන්ගේ දෑත් බැඳීමක් !

මෙම චක්‍ර ලේඛනය අගමැතිගේ හා ඇමැතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල වලින් සිදුවන වංචා දූෂන නතර කර ගැනීමට ජනාධිපතිවරයා විසින් ගත් ''ඓතිහාසික චක්‍රලේඛයක්'' ලෙස ආණ්ඩුවට පක්ෂපාති සමාජ මාධ්‍ය 'සුදු චිත්‍රයක්' මවා පෑමට කටයුතු කර ඇතත් එය 'ඒකාධිපති බලය පතුරුවන චක්‍රලේඛයක්' බව ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.

එවැනි අවශ්‍යතාවයක් ජනාධිපතිවරයාට තිබෙනවා නම් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ වරදට අධිකරණයෙන් බරපතල වැඩ ඇතිව වසර 3 ක් හිරේ දමා දැනට ඇප මත සිටින ලලිත් වීරතුංග තම ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කර ගත්තේ ඇයි දැයි එවැනි සමාජ මාධ්‍ය විමසා සිටියි.

මෙම චක්‍රලේඛනය විවේචනය කරමින් 'ලංකා ඊ නිව්ස්' FB පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබේ.Text 10 1 

''මෙය පැහැදිලිවම අගමැති මහින්ද, කැබිනට් ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ දත් ගැලවීමකි; අත පය විලංගු ලෑමකි. සියළු බලතල ජනාධිපතිවරයා අත පත් කර ගැනීමකි. මන්ද යත් චක්‍රලේඛය මගින් කියන අමාත්‍යාංශ ලේකම්ලා පත් කරන්නේ ඍජුවම ජනාධිපතිවරයා විසින් වන බැවින් එවිට ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ඇමැතිවරයාට අවශ්‍ය දේ නොව ජනාධිපතිට අවශ්‍ය දේ වන බැවිනි.

අගමැතිවරයා ඇතුළු කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව අඩු බැවින් එක් අයෙකු අත අමත්‍යාංශ ගණනාවකි. ඒ අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ගණනද සලකන විට එක් ඇමැතිවරයෙකු වගකිව යුතු වපසරිය ඉතා විශාලය.

ඕනෑම ආණ්ඩුවක ඇමැතිවරුන් වනාහී මහජන ඡන්දයෙන් පත්වන දේශපාලනඥයන් ය. ඔවුන් තමන් පත් කළ ජනයාගේ දේශපාලනික අරමුණු දිනා දීමේ වගවීමක් සහිත ය. ඇමැතිවරු සිය පුද්ගලික ලේකම් ඇතුළු සම්බන්ධීකරණ ලේකම්ලාගෙන් යුත් කාර්ය මණ්ඩලයක් පත් කර ගන්නේ රජයේ පරිපාලන ලේකම්ගෙන් කර ගැනීමට අසීරු පෙර කී දේශපාලනික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ය.

ඇමැතිවරයෙකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට පත් කර ගන්නේ ඔහුට ඉතා විශ්වාස අය ය. එකී කාර්ය මණ්ඩලය පෙනී සිටින්නේ ද ඇමැතිවරයා වෙනුවට ය. එමෙන්ම එකී කාර්ය මණ්ඩලයේ යම් පුද්ගලයෙකු වරදක් කෙළේ නම් එය ඇමැතිවරයාද බාර ගත යුතුය. මන්ද ඒ ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලය වන බැවිනි.

සෑම කාර්යයකටම ඇමැතිවරයාට කතා කළ නොහැකි බැවින් ඒ සඳහා පෙනී ඉන්නේ ඇමැතිගේ දැනුවත් භාවය මත පුද්ගලික කාර්ය මණ්ඩලයේ අයෙකි.

 

ඇමැතිවරුන්ට මුහුණු සයක් අත් ‌දොළසක් මවා දිය යුතුයි..

දැන් ජනාධිපතිගේ නව නියෝගය අනුව ඇමැතිවරයෙකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට කළ හැකි කිසිවක් නැත. ඔවුන්ට කිරීමට සිදුව ඇත්තේ ඇමැතිගේ රෙදි සේදීම, රෙදි මැදීම, කෑම ඉවීම, පිඟන් සේදීම, බල්ලන් නෑවීම, ඇමැති බිරිඳගේ තනියට ෂොපින් යෑම වැනි දේ පමණි.

Text 10 2මෙය විශේෂයෙන් බලපාන්නේ අන් කිසිවෙකුට නොව අගමැති මහින්ද රාජපක්ෂට ය. මහින්ද රටින් පිටවන තුරු සිට ජනාධිපතිවරයා මෙවැනි නියෝගයක් නිකුත් කෙළේ මහින්දගෙන් එල්ල වන විරෝධයේ ඇල් මැරීම සඳහා විය යුතුය.
 
ඇමැතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලය අකර්මණ්‍ය කරන්නේ නම් ජනාධිපතිවරයා ඇමැතිවරුන්ට මුහුණු සයක් සහ අත් දොළසක් මවා දිය යුතුය. ‌

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවේ තුනෙන් ‌දෙකක බලයත් ලබා දිය යුතු යැයි ඇමැතිවරු දැන් නගමින් සිටින සිය දිවි නසා ගන්නා ‌මෝඩ අඳෝනාව දැන්වත් නතර කළ යුතුය.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්