පසුගිය ජනාධිපතිවරණයට පෙර අවබෝධතා ගිවිසුම් මගින් ඇතිකර ගත් එකඟතා මුළුමනින්ම නොසලකා හරිමින්,

ඉදිරි මහ මැතිවරණයේදී තම පක්ෂය දේශපාලනික වශයෙන් විනාශ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නායකත්වය කටයුතු කරමින් සිටින බවට ශ්‍රීලනිපය චෝදනා කරයි.

තම පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර 2019 ඔක්තෝම්බර් මස 10 දා කොළඹ දී ඇතිකර ගනු ලැබූ අවබෝධතා ගිවිසුම හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග 2019 ඔක්තෝම්බර් 19 දා අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුමට අනුව, ඉදිරි මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත්වීම සඳහා පිහිටුවීමට යෝජනා වූ 'ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය' ගැන කතා පසෙකලමින්, මහ මැතිවරණයට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් විය යුතු බවට 'පොහොට්ටු' පක්ෂයේ නායකයින් කරන බලපෑම් හමුවේ ශ්‍රීලනිප නායකත්වය මේවනවිට අසරණව සිටියි.

1581036133 2020 02 07 l
එසේම, එම ගිවිසුම් ප්‍රකාරව පිහිටුවීමට යෝජනා වූ 'ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය' ව්‍යවස්ථා කෙටුම්පතට ප්‍රධාන පක්ෂ දෙකේ එනම්, ශ්‍රීලනිපයේ හා 'පොහොට්ටු' පක්ෂයේ නායකයින් දෙදෙනා සම නායකයින් ලෙස පත්කිරීමට  ඇතිකර ගත් එකඟතාවයන් බැහැර කර ඇති 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානින් මේවනවිට පවසා ඇත්තේ ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සම නායකයකු ලෙස නම් කළ නොහැකි බවයි.

මෙසේ අත්සන් කළ ගිවිසුම් රහසක්ව තබා ගැනීමට දෙපාර්ශවයේ ප්‍රධානින් එකඟවී තිබුන ද එම ගිවිසුම දෙකම මේවනවිට කිසියම් පාර්ශවයක් විසින් මාධ්‍ය වෙත මුදා හැර ඇත.

slfp pohottu 800pxශ්‍රීලනිපයේ මහ ලේකම් දයාසිරි ජයසේකර හා 'පොහොට්ටුවේ' මහ ලේකම් සාගර කාරියවසම් ගිවිසුම්ගත වූ අවස්ථාව 

නාමයෝජනා ගැනත් අර්බුදයක් !

මේ අතර ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන්ද 'පොහොට්ටු' පක්ෂය හා ශ්‍රීලනිපය අතර ගැටුම්කාරී තත්වයක් මතුව ඇත. ඒ, එම දෙපාර්ශවය අත්සන් කළ ගිවිසුම් ද නොසලකා හරිමිනි.

මහ මැතිවරණයේදී මෙවැනි දේශපාලන අවුලක් මතුවිය හැකි බවත්, ශ්‍රීලනිපය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  අතර  2019 ඔක්තෝම්බර් මස 10 දා කොළඹ දී ඇතිකර ගනු ලැබූ අවබෝධතා ගිවිසුමට අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතල අසාධාරණයක් සිදුව ඇති බවත් ජනාධිපතිවරණයට පෙරම 'theleader.lk' වාර්තා කර තිබිණ. 

ඒ, ''ශ්‍රීලනිපයට සැලකිලි 2018 පුංචි ඡන්දයේ ප්‍රතිපල මත පමණයි !'' යන ශීර්ෂයෙන් යුතුව 2019 ඔක්තෝම්බර් 31දාය. 

එම අවබෝධතා ගිවිසුමේ 12 වගන්තියට අනුව, ජනාධිපතිවරණයෙන් පසුව එළඹෙන ජාතික, පළාත් හා පළාත් පාලන මැතිවරණවලදී  ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය මගින් ඉදිරිපත් කරනු ලබන මැතිවරණ අපේක්ෂක ලැයිස්තු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එම පක්ෂය 2018 පළාත් පාලන මැතිවරණයේදී ලබාගන්න ලද ඡන්ද පදනම සැලකිල්ලට ගනිමින් ප්‍රමාණාත්මක හා සාධාරණ නියෝජනයක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වී ඇති බව theleader.lk එහිදී පෙන්වා දී තිබිණ.


රහස් ගිවිසුම් මෙන්න :

ශ්‍රීලනිපය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර 2019 ඔක්තෝම්බර් මස 10 දා කොළඹ දී ඇතිකර ගනු ලැබූ අවබෝධතා ගිවිසුම 

SLFP 2020.02.10

1571463024 slpp slfp agreement l                                                      ශ්‍රීලනිපය හා ගෝඨාභය අතර අවබෝධතා ගිවිසුම අත්සන් තබයි...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග 2019 ඔක්තෝම්බර් 19 දා අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම පහත පළවේ.

GR 2020.02.10

සබැඳි පුවත් :

ඉල්ලීම් නොලැබේ ශ්‍රීලනිප වෙනම එයි - 'අනිද්දා' විශේෂ අනාවරණයක් (VIDEO)

පොහොට්ටුව හා ශ්‍රීලනිප අර්බුදය ගැන ගොඩහේවා කියන කතාව 

මෛත්‍රීට 'පොහොට්ටුවෙන්' නාමයෝජනා නැහැ : ශ්‍රීලනිපය තනිව ඉල්ලුවොත් 04යි ලු !

''කෙනෙහිලි ඉවසන්න බැහැ'' : ජනපතිට සහයදෙන්න ශ්‍රීලනිපය තනිවම මහ මැතිවරණයට !

වෙනවෙනම තරඟකර පසුව එක්වෙමුයි බැසිල් ගෙන් 'කැරට් අලයක්' !

බැසිල් වැඩ අරඹයි : මෛත්‍රී තනිකර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පොහොට්ටුවට - පේෂල දැනටම ගිහින්

ජනපතිට තුනෙන් දෙකේ බලයක් නොදෙන්න පොහොට්ටුවේ සැලැස්මක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්