ඉදිරි මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට අද (10) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ  කෘත්‍යාධිකාරී මන්ඩල රැස්වීමේදී බහුතරයේ තීරණය වූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසයි.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් 'සිරිකොත' එජාප මූලස්ථානයේදී රැස්වුණේ පස්වරු 3.30ට පමණය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ඊට සහභාගී වූ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළ පක්ෂ නියෝජිතයින් පිරිසක්ද රැස්වීම පැවැත්වෙන අතරතුර පක්ෂ මූලස්ථානය වෙත පැමිණ තිබුණි.

නව සන්ධානයක් සෑදීම සහ හි මහලේකම් ධූරයට රංජිත් මද්දුම බණ්ඩාර පත් කිරීම ගැටලුවක් ‌නොවන බව මෙහිදී ප්‍රකාශ ‌කොට ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ, එසේ වුවත් අලියා ලකුණ එම සන්ධානයේ සලකුණ විය යුතු බව දැඩිව ප්‍රකාශ ‌කොට තිබේ.

සියලු ‌දෙනාම එකග විය හැකි නව ලකුණක් !

නමුත් ‌මෙහිදී එජාප නියෝජ්‍ය නායක, සජිත් ‌ප්‍රේමදාස දීර්ඝ කතාවක් කරමින් ‌පෙන්වා දී ඇත්තේ කාටත් වඩා තමන්ට අලියා ලකුණ වටිනා බවත්, තම පියාණන් මියගියේද අලියා ලකුණ යටතේ පැවති පක්ෂය යටතේ බවත්ය. නමුත් ‌දේශපාලන පක්ෂ රැසක් එක්ව බිහිකරන නව සන්ධානයේ ලකුණ ‌අලුත් ලකුණක් විය ‌යුතු බවත්, සියලු ‌දෙනාම එකග විය හැකි නව ලකුණක් ඊට ‌යොදා ගත යුතු බවත් ‌ඔහු පෙන්වා දී තිබේ.

නමුත් ඊට විරෝධය පළකරමින් වික්‍රමසිංහ පාර්ශ්වය දිගින් දිගටම කරුණු දැක්වීමට යාමත් සමග රැස්වීම අතරමගදී ‌‌ප්‍රේමදාස ඇතුලු එම කණ්ඩායම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පිටව ගොස් ඇත.

එකඟතාවකින් තොරව අවසන් වෙයි !

රැස්වීමෙන් අනතුරුව එහි එළඹි තීරණ සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයින් මාධ්‍යයට අදහස් පළ කළේය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ මහලේකම් ධූරයට රංජිත් මද්දුම බණ්ඩාරගේ නම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ එහිදී පැවසිය.

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සහාය දෙන අනිනෙකුත් පක්‍ෂ සමග එක්ව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට යෝජිත සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් නොගෙන එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකරී මණ්ඩලය අවසන් වූ බව ඊට සහභාගිවූ එජාප නියෝජිතයින් පිරිසක් කියා සිටියේය.


සබැඳි පුවත් :

සජිත්ගේ සන්ධානයේ නම 'සමගි ජන බලවේගය' : ඡන්ද ලකුණ 'හදවත' !

අලුත් ගමනක් : එජාපෙ නව සන්ධානයේ ජාතික සංවිධායක චම්පික !

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට සජිත් එකඟයි !

'සජිත්ට මුලික අත්තිවාරම වැටුනා - වෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ' -කබීර් 

සජිත් පිල කෘත්‍යධිකාරිය වර්ජනය කරයි : මංගල හා මලික් සමගි සන්ධානයක් වෙනුවෙන් සටනක ! 

එජාප නායක රනිල්මයි - විපක්ෂ සන්ධාන නායක හා අගමැති අපේක්ෂක සජිත් !!

එජාප නව නායකයා ගැන 2022 න් පසු විමසන්නැයි රනිල් කියලා ! - එජාප මන්ත්‍රී හමුවේ කතාබහ මෙන්න 

සජිත්ගේ නායකත්වයෙන් නව සන්ධානයක් ! (VIDEO)

'UNP නායකයාගේ බලතල කපන්න ෆයිට් නොකරන්නේ ඇයි?' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ විමසයි

සජිත් එජාප නායක කියා යෝජනාවක් සම්මත කරගෙන !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්