මැතිවරණ කොමිසන් සභාව විසින් 'සමගි ජන බලවේගය' පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගෙන ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ඒ, 'අපේ ජාතික පෙරමුණ' සිය නිල නාමය 'සමගි ජන බලවේගය' ලෙස සංශෝධනය කරන ලෙසත් සිය ඡන්ද සලකුණ වූ 'දුරකථනය' වෙනුවට 'හදවත' නම් කරන ලෙසත් ඉදිරිපත් කර තිබු ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

theleader.lk වෙත වාර්තා වන්නේ, 'අපේ ජාතික පෙරමුණ' සිය ව්‍යවස්ථාව ද සංශෝධනය කරමින් මෙවැනි පියවරක් ගෙන ඇත්තේ, සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතුව ගොඩනැගීමට නියමිත එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයට  ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහාය.


සබැඳි පුවත් :
සජිත්ගේ සන්ධානයේ නම 'සමගි ජන බලවේගය': ඡන්ද ලකුණ 'හදවත'!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්