ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් විපක්ෂයේ පුළුල් සන්ධානයක් ගොඩනැගීමටත් එහි නායකත්වය හා අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදීමටත් පසුගිය 30දා පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීන්දු

කිරීම මෙන්ම ඊයේ (10) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම සන්ධානයේ මහ ලේකම් ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයාව පත්කිරීමට අනුමැතිය ලබාදීම ද මුළුමනින්ම ප්‍රෝඩාවක් බව සජිත්වාදීන් පවසති.

ඔවුන් පවසන පරිදි, එජාප කෘත්‍යාධිකාරීයේ දී සජිත් ප්‍රේමදාස සන්ධානයේ නායකයා ලෙස අනුමතවූ බවත්, රන්ජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා සන්ධානයේ ලේකම් යයි කීවද මෙතෙක් එවැනි සන්ධානයක් හදා නොමැත. ඊට නමක් ද නැත. ව්‍යවස්ථාවක් හෝ පක්ෂ අතර ගිවිසුමක් ද නැත. 

මේ අනුව රනිල් වික්‍රමසිංහගේ කෘත්‍යධිකාරිය විසින් සජිත්ව නායකත්වයට පත්කර ඇති සන්ධානය තවම තිබෙන්නේ ගුවනේ ය. 

මහ මැතිවරණය ප්‍රකාශයට පත්කරන දිනය ආසන්නයටම පැමිණ ඇතත් රනිල් වික්‍රමසිංහගේ කෘත්‍යාධිකාරිය අනුමත කළ 'සන්ධානයේ' ඡන්ද ලකුණට කුමක් දැයි ඊයේ පැවති රැස්වීමේදී ද තීන්දුවක් නොගෙන කල්දමා තිබේ.

එහි වඩාත් සංකීර්ණ ම කාරණය විසඳා ගැනීමට ඇත්තේ ඉදිරියේ දිය. ඒ රනිල් වික්‍රමසිංහ විසින් හදා දෙනවා යයි කියන සන්ධානයේ ව්‍යවස්ථාව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබාදීමයි. එවැනි ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට මේවනතෙක් කමිටුවක් හෝ පත්කර නොමැත.

රනිල් -මහින්ද හවුල් ගේමක් !

මේ අනුව රනිල් වික්‍රමසිංහගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙ අනුමැතියෙන් සදා දෙනවායයි යයි කියන 'සන්ධානය', එජාප නායකයාගේ තවත් කල්මැරීමේ කුඨ සහගත උපක්‍රමයක් බවත් එය පැහැදිලිවම අගමැති මහින්ද රාජපක්ෂගේ අනුදැනුම මත සිදුවන්නක් බවටත් සජිත්වාදීන් චෝදනා කරති.

'සන්ධානය' සැදීම දිනෙන් දින කල් දමමින්,  මහ මැතිවරණය කැඳවූ වහාම එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' ලකුණින් තරඟ කිරීමට කටයුතු කිරීම 'රනිල් -අකිල -රවී' කල්ලියේ උවමනාව වී ඇතැයි ද ඔවුහු පවසති. 
Akla wirajeඑසේම, සජිත් ප්‍රේමදාස හා ඔහුට සහය දෙන බහුතරයක් මන්ත්‍රීවරුන් පක්ෂයේ නෙරපා හැරීමද එම කල්ලියේ ඉලක්කය වී ඇතැයි සජිත්වාදීන් පවසති.



ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍යවෙත අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුයේ, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සිදුකරන ලද කටයුත්ත සම්පූර්ණයෙන්ම ප්‍රෝඩාවක් දැයි සැකයක් මතු වී තිබෙන බවයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදි සජිත් ප්‍රේමදාසට සංවිධානාත්මකව දැඩි ප්‍රහාරයක් එල්ල වූ බවද ඔහු කියා සිටියේය.

ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තත්ත්වය ඉතා කනගාටුදායක බව පැවසු හර්ෂ ද සිල්වා, සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු නව සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව නැති වුණ බවක් තමන්ට පෙනී ගිය බවද සඳහන් කළේය.

මීළඟ පාර්ලිමේන්තුව සඳහා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරී පත්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂය යටතේ බව රනිල් වික්‍රමසිංහ පැවසූ බවත් එසේ වුවහොත් නව සන්ධානය පුස්සක් වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.


එජාපය දෙකඩවීම වලක්වා ගැනීමට අලුත් යෝජනාවක් !

මෙවැනි තත්වයක් යටතේ රනිල්ගේ 'සන්ධාන කතා' ප්‍රෝඩාවක් බව පවසන සජිත්වාදීන්, පක්ෂය බෙදීම වලක්වා ගනිමින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට අතරමැදි යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. 

එහිදී ඔවුන් යෝජනා කර ඇත්තේ, ''රනිල් දිගටම නායකයා විදියට හිටියත් කමක් නැහැ. අලියා ලකුණත් ප්‍රශ්නයක් නැහැ, අඛිල විරාජ් කාරියවසම් ඉවත්කර රන්ජිත් මද්දුම බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කරන්න'' කියාය.

දෙපාර්ශවයේ අතරමැදියකු ලෙස කටයුතු කරන හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම හරහා අද (11) දිනයේ මෙම යෝජනාව රනිල් වික්‍රමසිංහ වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇතැයි ද පැවසේ.


සබැඳි පුවත් :

මම පඹයෙක් ද ? - සජිත් අසයි : 'ලකුණ ප්‍රශ්නයක් නොවේ'' -මංගල කියයි 

මැතිවරණ කොමිසම සමගි ජන බලවේගය පිළිගනී !

අලුත් ගමනක් : එජාපෙ නව සන්ධානයේ ජාතික සංවිධායක චම්පික !

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට සජිත් එකඟයි !

'සජිත්ට මුලික අත්තිවාරම වැටුනා - වෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ' -කබීර් 

සජිත් පිල කෘත්‍යධිකාරිය වර්ජනය කරයි : මංගල හා මලික් සමගි සන්ධානයක් වෙනුවෙන් සටනක ! 

එජාප නායක රනිල්මයි - විපක්ෂ සන්ධාන නායක හා අගමැති අපේක්ෂක සජිත් !!

එජාප නව නායකයා ගැන 2022 න් පසු විමසන්නැයි රනිල් කියලා ! - එජාප මන්ත්‍රී හමුවේ කතාබහ මෙන්න 

සජිත්ගේ නායකත්වයෙන් නව සන්ධානයක් ! (VIDEO)

'UNP නායකයාගේ බලතල කපන්න ෆයිට් නොකරන්නේ ඇයි?' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ විමසයි

සජිත් එජාප නායක කියා යෝජනාවක් සම්මත කරගෙන !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්