එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගෙන ඇතැයි
රනිල් වික්‍රමසිංහගේ 'ග්‍රීන් බ්ලඩ්' සංවිධානයේ ප්‍රධානි ලසන්ත ගුණවර්ධන පවසයි. ඔහු සමාජ මාධ්‍ය සටහනක් තබමින් එබව සඳහන් කර තිබේ.
එහි මෙසේ දැක්වේ.
''රනිල් ගේම් ගහනවා. නමුත් ඇත්තටම ගේම් ගහලා තියන්නේ කව්ද කියලා දැන් පැහැදිලියි. ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නැගිටලා යන්න ගියෙත් ඕකනේ. අලියා හා එක්සත් ජාතික පක්ෂය කිසිදාක විනාශ කළ නොහැකියි.
එක පක්ෂයක ඉඳන් තවත් පක්ෂයක සාමාජිකත්වය ගන්න බැහැ කියලා පොඩි ළමයෙක් වුණත් දන්නවා.''
පොඩි ළමයෙක් වුණත් දන්නදේ රනිල් දන්නේ නැද්ද?
රනිල් වික්‍රමසිංහගේ 'ග්‍රීන් බ්ලඩ්' සංවිධානයේ ප්‍රධානි ලසන්ත ගුණවර්ධන පවසන පරිදි එක පක්ෂයක ඉඳන් තවත් පක්ෂයක සාමාජිකත්වය ගන්න බැහැ කියලා පොඩි ළමයෙක් වුණත් දන්නා කාරණයකි.
නමුත් ඔහුගේ 'නායකතුමා' පසුගිය ජනාධිපතිවරණයේදී සන්ධානයකින් ඉදිරිපත්වීම සඳහා අදාළ පක්ෂයේම සභාපතිකම බාරගැනීමට ගිවිසුම්ගත වූ බව නොදන්නවා විය හැක. එදා එම සන්ධානයේ ලේකම් ධුරයට රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කර තිබුණේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නවය.
පසුගිය වසරේ (2019) සැප්තැම්බර් මස 23දා අගමැති රනිල් වික්‍රමසිංහ 'අපේ ජාතික පෙරමුණේ' සභාපති ලෙසත්, රාජිත සේනාරත්න මහ ලේකම් ලෙසත් පත්කරගෙන තිබු අතර අදාළ ලියකියවිලි වලට ඔවුන් දෙදෙනාද අත්සන් කර තිබිණ.
කෙසේවුවද එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට සිදුවීමත් සමග රනිල් වික්‍රමසිංහ 'අපේ ජාතික පෙරමුණේ' සභාපතිත්වය බාර නොගැනීමට කටයුතු කර තිබිණ.
සබැඳි පුවත් :
මම පඹයෙක් ද ? - සජිත් අසයි : 'ලකුණ ප්‍රශ්නයක් නොවේ'' -මංගල කියයි
මැතිවරණ කොමිසම සමගි ජන බලවේගය පිළිගනී !
අලුත් ගමනක් : එජාපෙ නව සන්ධානයේ ජාතික සංවිධායක චම්පික !
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට සජිත් එකඟයි !
'සජිත්ට මුලික අත්තිවාරම වැටුනා - වෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ' -කබීර්
සජිත් පිල කෘත්‍යධිකාරිය වර්ජනය කරයි : මංගල හා මලික් සමගි සන්ධානයක් වෙනුවෙන් සටනක !
එජාප නායක රනිල්මයි - විපක්ෂ සන්ධාන නායක හා අගමැති අපේක්ෂක සජිත් !!
එජාප නව නායකයා ගැන 2022 න් පසු විමසන්නැයි රනිල් කියලා ! - එජාප මන්ත්‍රී හමුවේ කතාබහ මෙන්න
සජිත්ගේ නායකත්වයෙන් නව සන්ධානයක් ! (VIDEO)
'UNP නායකයාගේ බලතල කපන්න ෆයිට් නොකරන්නේ ඇයි?' - කලම්බු ටෙලිග්රාෆ් කර්තෘ විමසයි