ලංකාවේ සුප්‍රකට මානව හිමිකම් නීතිඥවරයකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වූ ජනාධිපති නීතිඥ ජේසී වැලිඅමුණ ඉලක්ක කොට මඩ හා වෛරී ප්‍රහාරයක් ආණ්ඩුවට හිතවත් පෞද්ගලික මාධ්‍යවලින් ආරම්භ කර තිබෙන බව පෙනෙයි. ඒ අනුව, පසුගිය ඉරිදා ' ද මෝනින්ග් ' පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙන්කර තිබුණේ ඔහු වෙනුවෙනි.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාලනයේ අවසාන කාලයේදී , ඔහු විසින් වැලිඅමුණ මහතා ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් ධුරයට පත්කිරිම පදනම් කරගනිමිනි.

ඕනෑම රටක, තානාපතිවරුන් හැටියට විදේශ සේවයට පිටතින් පුද්ගලයන් පත්කර යැවීම සාමාන්‍ය දෙයකි. ඒ ඒ රටේ ප්‍රතිපත්තිවලට අනුව විදේශ සේවයෙන් හා ඊට පිටතින් තානාපතිවරුන් හැටියට පත්කෙරෙන පුද්ගලයන්ගේ අනුපාතය වෙනස්වෙයි. 

යහපාලන ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා හැටියට කාලයක් වැඩකල මංගල සමරවීර මහතා එවකට කියුවේ, විදේශ සේවයේ නිලධාරීන් සියයට 70ක් සහ පිටපතින් සියයට 30ක් වන ලෙස තානාපතිවරුන් හැටියට පත්කිරීම තම ආණ්ඩුවේ පිළිවෙත බවයි. 

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ක්‍රිස් නෝනිස්, ඒඑස්පී ලියනගේ වැන්නන්ද, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු කාලයේ නලින් ද සිල්වා වැන්නන්ද පත්කෙරෙන්නේ එලෙස විදේශ සේවයට පිටතිනි. 

සමහරු කියන හැටියට ඒවා දේශපාලන පත්කිරීම්ය. ඒ නිසා, ආණ්ඩුවක් අලුතෙන් පත්වූ පසුව, පරණ ආණ්ඩුව විසින් පත්කරන ලද විදේශ සේවයට පිටතින් වූ තානාපතිවරුන් නැවත කැඳවීව සිරිතක් ලෙස කෙරෙන්නකි. කෙසේ වෙතත් තානානපතිවරුන් පත්කිරීම ජනාධිපතිවරයාට අයත් බලයකි.

ජේසී වැලිඅමුණ මහතා ඕස්ට්‍රේලියාවේ මහකොමසාරින් හැටියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කෙරෙන්නේ 2019 වසරේදීය. 2019 සැප්තැම්බර් 20 වැනිදා ඔහු සිය අක්තපත්‍ර ඕස්ට්‍රේලියාවේ ගවරනර් ජෙනරල්වරයාට බාරදුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසුව, පරණ ආණ්ඩුවේ සියලු ' දේශපාලන පත්වීම්' ලද තානාපතිවරුන් නැවත කැඳවන ලදි. එය සාමාන්‍ය දෙයකි.J C text2

වැලිඅමුණට එක දිගට ලිපි :

2019 දෙසැම්බර් 16 වැනිදා වැලිඅමුණ මහතාට ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබුණු අතර, එහි සඳහන්ව තිබුණේ දෙසැම්බර් 31 වැනිදා සේවය අවසන් කරන ලෙසය. 

ඉන්පසු දෙසැම්බර් 22 වැනිදා නැවතත් ලිපියක් ලැබුණු අතර එහි සඳහන්ව තිබුණේ 2020 ජනවාරි 14 වැනිදා සේවය අවසන් කරන ලෙසය. 

එහෙත් නැවතත් දෙසැම්බර් 28 වැනිදා අලුත් ලිපියක් ලැබුණු අතර එහි සඳහන්ව තිබුණේ, දින තුනකට පසුව, එනම් දෙසැම්බර් 31 වැනිදා සේවය අවසන් කරන ලෙසය. නිල නිවාසය වහාම භාරදෙන ලෙසටය. ඉතාම කාර්යක්ෂමයැයි කියන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ වැඩ ක්‍රමය එලෙසය.‍


නැවත පැමිණෙනවාද නැද්ද තීරණය ?

තානාපති ධුරයට පත්කෙරෙන අය, ඒ නිලයන් සමග අවම වශයෙන් අවුරුදු තුනකට අදාළ රටේ පදිංචියට යා යුතුය. සිය අමුදරුවන්ද රැගෙන යායුතුය. ඒ රටේදී තම දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුතුය. ඒවාට ආණ්ඩුවේ මුදල් යොදා ගත නොහැකිය. එනිසා තම පෞද්ගලික මුදල්වලින් අදාළ පාසල්වල ගාස්තු ගෙවා දරුවන් ඇතුල් කළ යුතුය. 

මේ ආකාරයට අවිධිමත් ලෙස නැවත කැඳවීම් කෙරෙන විට, ඒ අය පත්වන අපහසුව අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත.J C Text

ආණ්ඩුව පෙන්වන්නට හදන්නේ නැවත කැඳවන ලද නමුත්, වැලිඅමුණ මහතා ලංකාවට මේ වන තෙක් නොපැමිණි බවයි. එය ඇත්තකි. එහෙත් එසේ නොපැමිණීම වරදක් නොවේ. වැලිඅමුණ මහතා ලංකාවේ විදේශ සේවයේ නිලධාරියෙක් නොවේ. කැඳවූ පසු නැවත පැමිණිමේ වගකීම ඇත්තේ රාජ්‍ය සේවයේ නොහොත් විදේශ  සේවයේ නිලධාරීන්ට පමනය. 

ඒ නිසා නැවත පැමිණෙනවාද නැද්ද යන්න ගැන තීරණයක් ගැනීම වැලිඅමුණ මහතාට කල හැකිය. ඇතුලත් කර ඒවාට අදාළ මූලික ගෙවීම් සියල්ල කර, දරුවන් අධ්‍යාපනය ආරම්භ කර ඇති අවස්ථාවක වහාම යලි නැවත පැමිණිම කල නොහැක්කකි. එය මානුශික ප්‍රශ්නයක්ද වන්නේය.

වැලිඅමුණ මහතාට එරෙහිව මේ මඩ ප්‍රහාරය සැලසුම්සහගතව කෙරෙන්නක් බව පැහැදිලිය. පසුගිය ආණ්ඩුව කාලයේ  අපරාධ විමර්ශනවලට සහාය දෙමින් ඒවාට අවශ්‍ය විශේෂඥ සහාය එකතුකර දෙමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මහජන මුදල් වංචාකලවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ මූලිකයකු හැටියට වැලිඅමුණ මහතා කටයුතු කළේය. 

මේ නිසා , වර්තමාන රාජපක්ෂ ආණ්ඩුවේ උඩ සිට පහලට බොහෝ දෙනකුට වැලිඅමුණ මහතාගේ පලිගන්නට වුවමනාවක් ඇතිවී තිබේ. මේ ක්‍රියාත්මක කෙරෙන්නේ ඒ පලිගැනීමේ මෙහෙයුමයි. එහි ප්‍රතිඵලයක් ලෙස මඩ ගැසීමේ මෙහෙයුමයි.

(අරුණ ජයවර්ධන -අනිද්දා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්