හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් තමන්⁣ට තර්ජන කළ බවට විනිසුරු ගිහාන් පිලපිටිය 2015 - 2016 සමයේ එවක පොලිස්පති ඉලංගකෝන් වෙත පැමිණිලි කර ඇති බවත් ඒ අනුව ඔහුගේ ආරක්ෂාව ද දැඩි කළ බවත් පොලිස්පතිවරයා නීතිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.


එසේම ගිහාන් පිලපිටිය, රන්ජන් රාමනායකගේ අදාල දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඔහුට පරීක්ෂණ කණ්ඩායම්වලින් ලැබුණ උපදෙස් පරිදි බවද එම ලිපියේ සඳහන් වේ.

මේ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධව පොලිසිය සාක්ෂිකරුවන් අට දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන ඇති අතර පරීක්ෂණ කටයුතු ඉදිරියට ද ක්‍රියාත්මක වන බව එම ලිපිය මගින් වැඩි දුරටත් දන්වා තිබේ.

Gihan Pilpitiya latter
නීතිපතිගේ නියෝගය !

ඇඹිලපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කොට වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස ලබාදුන් උපදෙස් අනුව මෙතෙක් කටයුතු නොකිරීම හා එම සිද්ධියට අදාළව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු නොවීමේ හේතූ වහාම දැනුම් දෙන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය 07දාදා දැනුම් දී තිබිණ.

ගිහාන් පිලපිටිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කරන සමයේදී ඔහු ඉදිරියේ විභාග කරන නඩුවකට අදාළව පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ එක්වී බොරු සාක්කි සෑදීම සඳහා කුමන්ත්‍රණය කලැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබාදුන් උපදෙස් අනුව ගෙන ඇති නීතීමය පියවර පිළිබඳව 10දාට පෙර තමන්ට දැනුම් දෙන ලෙසද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දී තිබිණ.

නීතීය ක්‍රියාත්මක කිරීමේදී හා යුක්තිය පසිඳලීමේදී සියළු සැකකරුවන් සම්බන්ධයෙන් සර්ව සාධාරණ විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වගන්තීන් පිළිබඳව මෙන්ම ඒ අනුව කටයුතු කිරීමට සියළු පාලන ආයතන බැඳී සිටින බව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා, වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ ලිපිය මඟින් අවධාරණය කර ඇති බවද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසා තිබිණ.

විනිසුරු ගිහාන් පිලපිටිය නිර්දෝෂී බව සඳහන් කරමින් වැඩබලන පොලිපතිවරයා, නීතිපතිවරයාට 2020 පෙබරවාරි 08 දා දිනයෙන් යුතුව ඉහත ලිපිය යොමු කර ඇත්තේ ඒ අනුවය.


සබැඳි පුවත් :
ජනපතිගෙන් නියෝගයක් : විනිසුරු පිලපිටියට කොටන්න ගිහින් නීතිපති ඇන ගනී !(VIDEO)

පොලිසියට බලපෑම් කරන්නේ කව්ද ? ජනපතිගේ නියෝගයෙන් 'කුමන්ත්‍රණයක්' ගැන සංඥාවක්!

'රන්ජන් රෙකෝඩ්ස්' : අධිකරණය රැකගන්න විනිසුරු පිලපිටිය බිල්ලට !

'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාට එරෙහිව විනිසුරු පිලපිටියගෙන් ප්‍රබල සාක්ෂියක්! - කටඋත්තරය මෙන්න

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්