ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා
විශ්‍රාමික කපිතාන්, ආචාර්ය සේනක ද සිල්වා (ෂා) සභාපතිත්වය දැරූ 'අපේ ජාතික පෙරමුණ' සජිත් ප්‍රේමදාස වෙත බාර දී ඇත.
ඒ, 'අපේ ජාතික පෙරමුණ' මාධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීන්දුවක් අනුව එම පක්ෂයේ නාමය, 'සමගි ජන බලවේගය' ලෙසට සංශෝධනය ද කරමිනි.
එසේම, 'සමගි ජන බලවේගය' සභාපති ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ද මහ ලේකම් ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා ද පත්කර ගෙන ඇත.
එම සංශෝධන සියල්ල මැතිවරණ කොමිසන් සභාව විසින් ඊයේ පිළිගෙන තිබේ.
මේ අනුව ඉදිරියේදී 'සමගි ජන බලවේගය' ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, විපක්ෂයේ අනෙකුත් පක්ෂ වලට ද ඊට එක්වීමට අවස්ථාව ලබාදීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පතක් සැකසීමට මේවනවිට නීති විශාරදයින් කටයුතු කරමින් සිටිති.
'සමගි ජන බලවේගය' පක්ෂය සජිත් ප්‍රේමදාස වෙත නිල වශයෙන් බාරදීම අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවූ අතර එම අවස්ථාවට 'අපේ ජාතික පෙරමුණේ' හිටපු සභාපති සේනක ද සිල්වා, හිටපු ලේකම් ඩයනා ගමගේ හා 'සමගි ජන බලවේගය' මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා ද එක්ව සිටියේය.
රනිල් පාර්ශවය, සජිත් පාර්ශවයට එරෙහිව මැ.කෝට ලියයි !
මේ අතර නව දේශපාලන පක්ෂ ලියාපදිංචියේදී හා දේශපාලන පක්ෂවල නම් වෙනස් කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවයට හානි නොවන ලෙස කටයුතු කරන්නැයි දැනුම් දෙමින් එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්, ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර අද (11) දිනයේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිත දැනුම්දීමක් කර තිබේ.
ඒ, කිසියම් පිරිසක් විසින් 'සමගි ජාතික බලවේගය' නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බව දැනුම් දෙමිනි.
එම පක්ෂයේ ඉංග්‍රීසි නාමය United National Power බවත් එය කෙටිකළ විට UNP ලෙස දැක්වෙන බවත්, එය සිය පක්ෂයේ නාමයේ නිල පරිවර්තනය වන United National Party යන්නෙහි කෙටි යෙදුම වන UNP යන්නට සමාන යෙදුමක් බවත් පෙන්වා දෙමින් එම දැනුම්දීම කර ඇත.
සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සන්ධානයේ නම 'සමගි ජාතික බලවේගය' ලෙස ඊයේ උදැසන මාධ්‍ය වාර්තාවල සඳහන් වුවද මැතිවරණ කොමිසමට ලැබී ඇති ඉල්ලුම්පතෙහි සඳහන් වී ඇත්තේ 'සමගි ජන බලවේගය' ලෙසිනි.
එජාප නීති ලේකම් විසින් මැතිවරණ කොමිසමට යොමුකල ලිපිය
සබැඳි පුවත් :
සජිත් වෙනත් පක්ෂයකට ගිහින් ලු! - රනිල් ගියේ ඊට කලින්: මෙන්න සාක්ෂි'
මම පඹයෙක් ද ? - සජිත් අසයි : 'ලකුණ ප්‍රශ්නයක් නොවේ'' -මංගල කියයි
මැතිවරණ කොමිසම සමගි ජන බලවේගය පිළිගනී !
අලුත් ගමනක් : එජාපෙ නව සන්ධානයේ ජාතික සංවිධායක චම්පික !
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට සජිත් එකඟයි !
'සජිත්ට මුලික අත්තිවාරම වැටුනා - වෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ' -කබීර්
සජිත් පිල කෘත්‍යධිකාරිය වර්ජනය කරයි : මංගල හා මලික් සමගි සන්ධානයක් වෙනුවෙන් සටනක !
එජාප නායක රනිල්මයි - විපක්ෂ සන්ධාන නායක හා අගමැති අපේක්ෂක සජිත් !!
එජාප නව නායකයා ගැන 2022 න් පසු විමසන්නැයි රනිල් කියලා ! - එජාප මන්ත්‍රී හමුවේ කතාබහ මෙන්න
සජිත්ගේ නායකත්වයෙන් නව සන්ධානයක් ! (VIDEO)
'UNP නායකයාගේ බලතල කපන්න ෆයිට් නොකරන්නේ ඇයි?' - කලම්බු ටෙලිග්රාෆ් කර්තෘ විමසයි