ආණ්ඩුවට අයත් ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන 'සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරිය වන

(Associate News Editor)  අනුරංගි ප්‍රියංවදා සිං  (Anurangi Singh -Attorney at Law) නමැත්තිය පෙරේදා(10) රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

පැහැර ගැනීමට ලක්වුවායැයි පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රි ලාංකික කාන්තාවට එරෙහි නඩු විභාගය ඊයේ දිනයේ යළිත් වරක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී රහස් පොලිසිය එබව සඳහන් කෙළේය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාවට අයත් ජංගම දුරකථනය සම්බන්ධයෙන් රස පරික්ෂකවරයාගේ විශ්ලේෂණ වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ  (11) රහස් පොලිසියට නියෝග කර සිටියාය.

මෙම සිද්ධියට අදාළව ඉකුත් 22 වන දින රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ප්‍රකාශ ද ලබා ගත් බවත් දුරකථන කුලුනු වාර්තා හා සම්බන්ධ විශ්ලේෂණ වාර්තා ඔස්සේ වැඩිදුර විමර්ශන පවත්වන බවත් රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේෂ්ඨ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට දැනුම් දුන්නාය.

තවද දුරකථන විශ්ලේෂණ වාර්තා විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වූ කරුණු අනූව සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රවෘත්ති සංස්කාරක ලෙසට කටයුතු කරන අනුරංගි සිං මහත්මියගේ ප්‍රකාශයක් ඊයේ (11) දින සටහන් කර ගත් බව ද ගිරිහාගම මෙනවිය පවසා සිටියාය.

මෙහිදි රහස් පොලිසිය විසින් ගාර්නියා බැනිස්ටර්ගේ දුරකථනය සම්බන්ධ සංදේශය අධිකරණයට ගොනු කළ අතර රස පරීක්ෂක වාර්තා සම්බන්ධයෙන් නීතිපති හරහා ක්‍රියා කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය රහස් පොලිසිය වෙත දැනුම් දුන්නේය.

එහිදී තම සේවාදායකයාගේ ජංගම දුරකථනයට අදාළ දුරකථන වාර්තා සංරක්ෂණය කරන ලෙසට ඩයලොග් සමාගමට නියෝගයක්  නිකුත් කරන්නැයි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම හේතු සහිතව ඉදිරි දින ලිඛිතව ඉදිරිපත් කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විත්ති පාර්ශ්වයේ නීතිඥවරයාට උපදෙස් ලබා දුන්නාය.

මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදු කර මාර්තු මස 31 දා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට දැනුම් දුන් අතර වැඩිදුර මහේස්ත්‍රාත් පරික්ෂණය මාර්තු මස 31 දා ට කල් තබන ලදී.

තමා සුදු පැහැති වාහනයකින් පැහැර ගැනීමට ලක්වූ බවට පවසමින් රජය අපහසුතාවට පත් කිරීමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මේ වන විට ඇප මත මුදාහැර ඇත.

 

සබැඳි පුවත් :

ස්විස් තානාපති නිලධාරිනියට ඇප හිමිවේ : රටින් පිටවීම තහනම් !!

රිමාන්ඩ් කළ සිය තානාපති සේවිකාව ගැන ස්විට්සර්ලන්තයේ ප්‍රතිචාරය මෙන්න !

ස්විස් තානාපති නිලධාරිනිය වැලිකඩ 'Y' වාට්ටුවට : ඇයගේ නීතිඥයින් උසාවියේදී කියපු කතා මෙන්න 

ස්විට්සර්ලන්ත තානාපති හා ජනපති අතර හමුවක්: තානාපති නිලධාරිනිය රිමාන්ඩ් භාරයට

ස්විට්සර්ලන්ත තානාපති නිලධාරිනිය ගැන කළ ඉල්ලීම ඉවතට

ස්විට්සර්ලන්ත නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට තර්ජන !

ස්විස් තානාපති නිලධාරිනියගෙන් පැය නවයක ප්‍රකාශයක්

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට රටයාමේ තහනමක්!

ස්විස් තානාපති නිලධාරිනිය "රඳවාගෙන තර්ජනය කිරීම" - ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර විරෝධයක්!

බරපතල කාරණයක්!- ස්විස් තානාපති නිලධාරිනියක පැහැරගැනීම ගැන විමර්ශන!

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය රාජ්‍යතාන්ත්‍රික මත ගැටුමක!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්