ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අත්සන් කරන ලද ගිවිසුම් තවදුරටත් අවශ්‍ය වන්නේ නැතිනම් එම ගිවිසුම් ගෙනවිත් පුච්චා දමන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක කියා සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියෙන් කළ හැකි දේ දන්නා බවත් අවශ්‍ය වුනොත් එය කර පෙන්වීමට සූදානම් බවත් ඔහු පැවසීය.

ඔහු එබව සඳහන් කළේ නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක සාධකය බවට පත්වන බව පැවසු ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශකවරයා, තම පක්ෂය නැතිව කිසිවෙකුට ආණ්ඩු පිහිටුවිමට නොහැකි බව එහිදී අවධාරණය කළේය.

ඉදිරි මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කලහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 20ක් පමණ ලබා ගත හැකි බව ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමග තම පක්ෂය සන්ධාන ගත වන්නේ විස්වාසය මත නොව ගිවිසුම් මත බව පැවසු වීරකුමාර දිසානායක, අදාල ගිවිසුම් තුල පවතින වැදගත්කම පිළිබද දෙපාර්ශවය අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බව ද අවධාරණය කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව දුරටත් උත්සාහ කරන්නේ ජනාධිපතිවරයාට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබා දීම බවද කී ඔහු ඒ සඳහා තවමත් අවස්ථාව ඇතැයිද සඳහන් කළේය.

 

සබැඳි පුවත් :

නිදහස් පක්ෂය වනසන පොහොට්ටු ගිවිසුමේ ඇත්ත කතාව! (VIDEO)

ශ්‍රීලනිපය බිත්තියටම හේත්තු කරලා : හඬපට පරදන රහස් ගිවිසුම් දෙකක් එලියට !

ඉල්ලීම් නොලැබේ ශ්‍රීලනිප වෙනම එයි - 'අනිද්දා' විශේෂ අනාවරණයක් (VIDEO)

පොහොට්ටුව හා ශ්‍රීලනිප අර්බුදය ගැන ගොඩහේවා කියන කතාව 

මෛත්‍රීට 'පොහොට්ටුවෙන්' නාමයෝජනා නැහැ : ශ්‍රීලනිපය තනිව ඉල්ලුවොත් 04යි ලු !

''කෙනෙහිලි ඉවසන්න බැහැ'' : ජනපතිට සහයදෙන්න ශ්‍රීලනිපය තනිවම මහ මැතිවරණයට !

වෙනවෙනම තරඟකර පසුව එක්වෙමුයි බැසිල් ගෙන් 'කැරට් අලයක්' !

බැසිල් වැඩ අරඹයි : මෛත්‍රී තනිකර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පොහොට්ටුවට - පේෂල දැනටම ගිහින්

ජනපතිට තුනෙන් දෙකේ බලයක් නොදෙන්න පොහොට්ටුවේ සැලැස්මක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්