දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 80 ත් 100 ත් අතර මිලකින් හදිසියේ ඉහළ ගොස් ඇත.

ඒ අනුව රුපියල් 110 – 120 කට අලෙවි වූ හොලන්ඩ් රටෙන් ගෙන්වන ලද ලොකු ලූනු කිලෝවක් රුපියල් 190 – 200 අතර මිලකටද, රුපියල් 110 – 120 කට අලෙවි කළ පාකිස්තාන් රටෙන් ගෙන්වන ලද ලොකු ලූනු කිලෝවක් රුපියල් 230 දක්වාත්, ඊජිප්තුව රටෙන් ගෙන්වන ලද 120 ට අලෙවි කළ ලොකු ලූනු කිලෝව රුපියල් 190 දක්වා ද ඉහළ නංවා තිබේ.

මේ පිළිබඳව නම අනාවරණය කිරීමට අකමැති ලොකු ලූනු තොග ව්‍යාපාරිකයන් කියා සිටියේ ඉදිරි සති දෙක තුන කාලය ඇතුළත ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කිරීමට හැකි වෙතැයි අපේක්‍ෂාවෙන් පාකිස්තානයෙන් හා හොලන්ඞ් රටෙන් ලොකු ලූනු තොග ඇණවුම් නොකිරීමට තොග ව්‍යාපාරිකයන් පෙළඹී සිටීම නිසාවෙන් මෙවැනි මිල ඉහළයාමක් සිදුව ඇති බවයි.

 

ආනයනකරුවෝ ඉහගෙනම කති !

ඊට හේතුව ලෙස ඔහු කියා සිටියේ පාකිස්තානයෙන් හා හොලන්ඞ් රටවලින් මෙරටට ලොකු ලූනු ගෙන්වීම සඳහා වර්තමාන මිල ගණන් යටතේ ඇණවුම් බාරදුන් පසු ඒවා නැව් ගතකර මෙරටට ළඟා වීමට මාසයකට වැඩි කාලයක් ගතවීමත්, වර්තමාන වෙළෙඳපොළ මිලට එසේ ඇණවුම් කර ගෙන්වීමෙන් පසු ඒ වනවිට ඉන්දියානු ලොකු ලූනු අඩු මිලකට මෙරට වෙළඳපොළට පැමිණ තිබීම නිසා පාඩු සිදුවිය හැකි තත්ත්වයක් මතුවිය හැකිවීම නිසා තොග වෙළෙඳුන් මෙම පියවර ගෙන ඇති බවයි.

මේ වනවිට මෙරටට ගෙන්වා ඇති ලොකු ලූනු තොග ආනයනකරුවන් විසින් මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගෙන මිල ඉහළ දමා ඇති බව ඔහු කියා සිටියේය.

ඒ අනුව ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 240 ත් 260 දක්වා ඉහළ ගොස් ඇත.

(දිවයින)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්