වත්මන් පාර්ලිමේන්තුවේ සාමාජිකයන් අතරින් තුනෙන් දෙකකට වැඩි අනුමැතියෙන් විසුරුවා හැර සිංහල හින්දු නව වසරට පෙර

මහමැතිවරණය පැවැත්වීමේ සැලසුමක් ඇතැයි මාධ්‍යවල ප්‍රචාරය වුවද, මැතිවරණ කොමිසමට එම දිනවල මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැතැයි දැනුම් දුන් නිසා ආණ්ඩුව එම උත්සාහය අත්හැර දමා ඇතැයි වාර්තා වේ.

tEXT 15 5මේ පිළිබඳව පැහැදිලි කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනයේ සිට මැතිවරණය පවත්වන දිනය දක්වා අවම වශයෙන් දින 52 ක්වත් තිබිය යුතු බවය. පෙබරවාරි 20 වැනිදායින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීන්දුව ගතහොත් අප්‍රේල් මාසයේ මුල් සති දෙක ඇතුළත මැතිවරණ්‍ය පැවැත්විය නොහැකි බව ඔහු කීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ආණ්ඩුවේ දේශපාලන පක්ෂයක නායකයෙකු පෙන්වාදුන්නේ පාර්ලිමේන්තුව මීළඟට රැස්වීමට නියමිත දිනය පෙබරවාරි 18 වැනිදා බවත් එදිනම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත කරගත නොහැකි බවත්ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව දේශපාලන එකඟතාවක් ඇති කරගෙන එම යෝජනාව සම්මත කරගැනීම පෙබරවාරි 20 වැනිදාට පෙර කළ නොහැක්කක් බවද ඔහු කීය.

2015 සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවසන් වන්නේ 2020 සැප්තැම්බර් 01 වැනිදාය. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවසරය ලැබෙන්නේ 2020 මාර්තු 01 වැනිදා සිටය.

එදිනට පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජනාධිපතිවරයා දැනටමත් ප්‍රකාශ කර ඇත. පාර්ලිමේන්තුව ඊට පෙර විසුරුවා හැරීමට නම් මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකක අනුමැතියක් අවශ්‍ය වේ.

(තරිඳු උඩුවරගෙදර -අනිද්දා පුවත්පත)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්