ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ඇමතිවරයා ලෙස පෙනී සිටිමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ

රැඳවුම් නියෝගයක් සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලීමේ සිදුවීමක් පෙබරවාරි 13 වැනිදා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වී ඇත.

මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ළඟ තබා ගැනීම පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන කළුතර රිමාන්ඩ් බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මදුරප්පෙරුමගේ කාංචනා මදුරප්පෙරුම නමැති සැකකාරිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින අනූවක් රඳවා තබාගැනීම සඳහා අධිකරණයෙන් කළ ඉල්ලීමට ජනාධිපතිරවයා එලෙස අත්සන් කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝගයක් නිකුත් කළ හැක්කේ ආරක්ෂක විෂය භාර ඇමතිවරයාට පමණක් වන අතර ජනාධිපතිවරයාට එවැනි බලයක් නොමැත. 

tEXT 15 6මේ වනවිට රටේ ආරක්ෂක අමාත්‍යවරයෙකු නැති අතර ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිදු අමාත්‍යධූරයක් දැරීමේ හැකියාවක්ද නැත.

පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ජයන්ත දහනක ජනාධිපතිවරයා අත්සන් කරන ලද ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම එම අවස්ථාවේ ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ඇත්තේ රාජ්‍ය ආරක්ෂක විෂය භාර අමාත්‍යවරයාට පමණක් බවය. කැබිනට් මණ්ඩපය පත් කිරීමේදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය සඳහා අමාත්‍යවරයෙකු ගැසට් නිවේදනයක් මගින් පත් කොට නැති බව ඔහු පෙන්වාදී තිබුණි.

එ අනුව දැනට රාජ්‍ය ආරක්ෂක විෂය භාර අමාත්‍යවරයෙකු නොමැති හෙයින් රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලයක් කිසිවෙකුටත් නැති බව ඔහු කීය.

ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා සහ සමාජිකයෙකු වූවත් ඔහුට අමාත්‍ය ධූර දැරීමේ හැකියාවක් 19වන සංශෝධනයෙන් පසු නොමැති බවද ඔහු පැවසීය.

ඒ අනුව එම රැඳවුම්  නියෝගය බල රහිත බවත්, එම නියෝගය මත රඳවා ගැනීමක් සිදු වුවහොත් එය නීති විරෝධී රඳවා ගැනීමක් වන බවත් කුමාරප්පෙරුම මහතා අධිකරණයට හමුවේ ප්‍රකාශ කළේය.

පානදුර මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මේ පිළිබඳව තීරණයක් දීම පෙබරවාරි 20 දිනට කල් තැබීය.

(අරුණ ජයවර්ධන -අනිද්දා පුවත්පත)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image