ගෝඨාභය රාජපක්ෂ දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා තමාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කොන්දේසි විරහිතව

සහය දෙනබව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර සිටියි.

ඉදිරි මහ මැතිවරණයේදී ලකුණ කුමක් වුවත් ශ්‍රී ලනිපය හා 'පොහොට්ටුව' අතර සන්ධානයක් ගොඩනැගෙන බවද ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එබව සඳහන් කර ඇත්තේ, දිලිත් ජයවීරගේ 'අරුණ' පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ජාවකදීය.

''වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහායත් ලැබුණා. දැන් ඔහු පත්වෙලා මාස තුනයි. කුමක්ද ඔබේ තක්සේරුව, මේ කාලය තුළ ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ කටයුතු ගැන?'' කියා 'ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් කළ විමසීමේදී මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර තිබේ.

 

''ඉදිරියේදී අපිට ලොකු අනතුරක් තියෙනවා''

''මේ කාලය තුළ මට පෙනී ගිය දෙයක් තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලොකු උත්සාහයක් ගන්න බව පේනව රට පැත්තකට ගෙනියන්න. ඒ නිසා මගේ ප්‍රතිපත්තියත් කොන්දේසි විරහිතව ඔහුට සහාය දීම. මමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කොන්දේසි විරහිතව ජනාධිපතිතුමාව ශක්තිමත් කරන්න සහය දෙනවා.

මොකද කවදාවත් තනි කෙනකුට බැහැ රටක් ගොඩනගන්න. ජනාධිපතිට වුණත්, අගමැතිට වුණත්, රටක් ගොඩනගන්න සාමූහික ප්‍රයත්නයක් තියෙන්න ඕනේ. ජනාධිපති, අගමැති, ඇමැතිවරු, පාර්ලිමේන්තුව, රාජ්‍ය නිලධාරින් වගේම පොදු ජනතාව මේ හැමෝගෙම කැපවීමක් තියෙන්න ඕනේ.

අපි කාටත් රහසක් නොවේ අද මේ රටේ තියෙන ආර්ථික අර්බුදය. ඒ තත්ත්වය බරපතළ වෙලා තියෙනව කොරෝනා රෝගය නිසා. කොරෝනා නිසා ලෝකෙ බලවත් රටවලුත් අර්බුදයකට ගිහින් තියෙන්නෙ. මේ නිසා ඉදිරියේදී අපිට ලොකු අනතුරක් තියෙනවා. ඉතින් මේ රට ගැන හිතනව නං කවුරු හරි ජනාධිපතිතුමාට සහය දෙන්න ඕන.

 

''පක්ෂ දෙක අතර කිසිම ගැටුමක් නෑ''

tEXT 16 1''ඔබ එහෙම කිව්වට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර තාමත් එකඟතාවක් නැහැ නේද? මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන්?'' කියා කුල ශ්‍රී කාරියවසම් කළ විමසීමක දී ශ්‍රීලනිප නායකයා මෙසේ පවසා ඇත.

''පක්ෂ දෙක අතර කිසිම ගැටුමක් නෑ. මාධ්‍ය විසින් මේවා නිර්මාණය කරන්න හැදුවට පක්ෂ දෙක අතර කිසිම ගැටුමක් නැහැ. ඔය සියලුම නායකයන් එක්ක මම ඉතාම මෑතකදීත් සාකච්ඡා කළා. දෙවැනි පන්තියේ, තුන්වැනි පන්තියේ සාමාජිකයෝ එක එක ප්‍රකාශ කරන්නේ නායක මට්ටමේ එකඟතාවන් ගැන දන්නේ නැතිව.

අනිත් එක තමා ජනාධිපතිවරණයට කලින් අපි ගිවිසුම් දෙකක් අත්සන් කළා. ගෝඨාභය ජනාධිපතිතුමා සමග සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග. ඉතින් ඒ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ගිවිසුම් අත්සන් කළාට පස්සේ ගෝඨාභය මහත්තයත්, මහින්ද මහත්තයත් දෙන්නම හැම රැස්වීමකදීම කිව්වා tEXT 16 2දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අපි සමග එකතු වුණ නිසා අපේ ජයග්‍රහණය ස්ථිරයි කියලා.''

 

මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ මෛත්‍රීපාල හිටපු ජනාධිපති මෙසේ ප්‍රතිචාර දක්වා ඇත. 

 

කුල ශ්‍රී :
ඒ කියන්නේ පක්ෂ දෙකේම සාමාජිකයන්ට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. එකටයි තරග කරන්නේ කියලා?

මෛත්‍රීපාල :
පැහැදිලිවම පුළුවන්.

 

කුල ශ්‍රී :
ලකුණ ගැන ප්‍රශ්නයක් නැහැ?

මෛත්‍රීපාල :
ලකුණ මොකක් වුණත් කමක් නැහැ. සන්ධානය හැදෙන්නයි ඕනේ. අපි මැරෙනකොට ඕවා අරන් යන්නේ නැහැනේ. රට ගැනයි හිතන්න ඕනෙ.

 tEXT 16 3

කුල ශ්‍රී :
ඔබ ඉදිරි මහ මැතිවරණයට තරග කරනවද?

මෛත්‍රීපාල :
පැහැදිලිවම තරග කරනවා, පොළොන්නරුවෙන්.

 

කුල ශ්‍රී :
නමුත් ඔබේ දිස්ත්‍රික්කයෙන් ඒ ගැන විරෝධයක් පළවෙලා තියෙනවා නේද?

මෛත්‍රීපාල :
කොයි දේටද මේ රටේ විරෝධ නැත්තේ. දැන් දවස් කීපයකට කලින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ විරෝධතා හතයි. මේ දේශපාලන ලෝකේ විරෝධතා, සත්‍යග්‍රහ, සාමාන්‍ය දෙයක්. මේවා ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ.

 

කුල ශ්‍රී :
ඔබෙන් පස්සෙවත් පවුලෙ කෙනෙක් දේශපාලනයට ඇතුළු වෙයිද?

මෛත්‍රීපාල :
තවම නෑ. 2025 න් පස්සේ තමා බලන්න වෙන්නේ. 2025 න් පස්සේ දේශපාලනය කරන්න මගේ අදහසක් නෑ. ඊට පස්සේ මගේ දරුවකුට වුවමනාවක් තිබුණොත් එයි. මම රටේ ජනාධිපති වෙලා හිටපු කෙනෙක්. ඉතිං මගෙන් පස්සේ මගේ දරුවෝ දේශපාලනයට එන එකේ වරදක් නෑනේ, නේද?''

 

කුල ශ්‍රී :
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයට මොකද වෙන්නේ?

මෛත්‍රීපාල :
අපි දැන් ආණ්ඩුවත් එක්ක වැඩ කරන්නේ. ඉතිං අපි කාටත් හොඳක් වෙයි කියලයි මම හිතන්නේ. අනිත් එක මේ රටේ 56 ඉඳලම සන්ධාන, පෙරමුණු ආණ්ඩු සංකල්පය තියෙන්නේ. ඒ නිසා ඉස්සරහටත් එකට එකතු වෙන්නේ නැතිව ආණ්ඩුව හදන්න බෑ, කාටවත්. අද යූඑන්පී එකත් සන්ධානයකට ගිහින් තියෙන්නෙ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්