කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස නම් කිරීම මේවනවිට සමාජ මාධ්‍යය ඔස්සේ දැඩිලෙස සංවාදයට ලක්වෙමින් තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දි සයින්දමරුදු ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් එවකට විපක්ෂ නායකවරයා වූ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ එම ප්‍රදේශයට නගර සභාවක් ලබාදෙන බව පොරොන්දු විය.

ඒ අනුව මහ නගර සභා ආඥා පනතේ 284 වන වගන්තිය යටතේ ඇති බලතල අනුව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් ගැසට් නිවේදනයක් මගින් සයින්දමරුදු නගර සභාව ප්‍රකාශයට පත් කර තිබුණි.

කෙසේවුවද ආණ්ඩුවට එරෙහිව විවේචන ඉදිරිපත් කරන ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවා එම කාරණය ජාතිවාදී කෝණයෙන් විග්‍රහ කරද්දී, සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ සඳහන් කර තිබේ.

 

පොහොට්ටුවාදීන්ට උසුලු විසුලු කිරීම !

''බුකියේ උඩ පල්ලෙහා යනකොට බොහෝ පොහොට්ටු විරෝධීන් සයින්දමරුදු නගර සභාව පිහිටුවීම ගැන දක්වන උනන්ඳුව හා දාන පෝස්ට් යට ඇත්තේ පොහොට්ටුවාදීන්ට උසුලු විසුලු කිරීම බව පෙන්නෙන්නට තිබුනත්, එය ඉතා ඉක්මනින් ජාතිවාදී ස්වරූපයකට විතැන්වීමට ඉඩ ඇත.

සමහර විට ගෝටාගේ ජන්ද පොරොන්දුවක් ලෙස මෙය ඉටුකරනවා වෙන්නට ඇත. ඡන්ද පොරොන්දු ඉටු කිරීම හොඳ දෙයකි. මේ පිහිටුවන නගර සභාව මුස්ලිම් ජනයා ජීවත් වන ප්‍රදේශයක උනත් තවත් ප්‍රාදේශීය සභා/නගර සභා ඇති කිරීමට රට පුරා ඉල්ලීම් රශියකි. සමහර ඉල්ලීම් උතුරෙනි, තවත් සමහර ඒවා දකුණේ මුස්ලිම් ජනයා වැඩිපුර ජීවත්වන ප්‍රදේශවලිනි, අනෙක් ඒවා සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශවලිනි.

මේ පාලන තන්ත්‍රය යටතේ පළමු වැන්න මුස්ලිම් ජනයා ජීවත්වන ප්‍රදේශයකට ලැබුණත්, අදාල සුදුසුකම් සපුරන්නේ නම්, අනිත් ඉල්ලීම් ඉටුකරවා ගැනීමට ඒ ඒ ප්‍රදේශවල ජනයා ඉදිරියට ආ යුතුය. බලය බෙදීම කුඩාම ඒකක දක්වා ගෙනයාම හොඳ දෙයකි.

නව මැතිවරණ කොට්ඨාශ ඇතිකල අවස්ථාවේදීද සිංහල ප්‍රදේශවල අලුතින් ඇතිකරන ලද එම කොට්ඨාශ ගැන කිසි වගක් නැතිව මුස්ලිම් ජනයා බහුල ප්‍රදේශ කිහිපයක අලුතින් ඇතිකරන ලද මැතිවරණ කොට්ඨාශවලට පොහොට්ටුවාදීන් ජාතිවාදී ප්‍රහාරයක් බුකියේ එල්ල කළ බව සැබෑය, ඒත් සයින්දමරුදු ප්‍රශ්ණය ජාතිවාදී ලෙස බැලීම යහපත් නොවේ.

 

''ජනතාව ලත් ජයග්‍රහණයකි''

 Image may contain: one or more people and outdoor

මෙම කාරණය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති lankadaily.com කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන (Subhash Weerathunga Jayawardena) පවසන්නේ, මෙය එම ප්‍රදේශයේ ජනතාව ලත් ජයග්‍රහණයක් බවයි. ඔහුගේ සටහනේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

''සයින්දමරුදු ප්‍රදේශයට ප්‍රාදේශීය පරිපාලන ඒකකයක් (ප්‍රදේශීය සභාවක්) පිළිබඳ ඉල්ලීම පැරණි එක්ක වන අතර පසුගිය ආණ්ඩු සමයේදී ඒ පිහි‍ටුවීමට අවශ්‍ය මූලික කටයුතුද ආරම්බ කර තිබිණි. සීමා නිර්ණය කටයුතු ආරම්බ වී තිබිණි..පසුගිය ජනාධිපතිවරණයේ රාජපක්ෂවරු නගර සභාවක් ලබා දෙන බවට දුන් පොරොන්දුව මත ඒ කටයුත්ත දැන් සිදු කෙරී තිබේ. මෙය එම ප්‍රදේශයේ ජනතාව ලත් ජයග්‍රහණයකි.''

 

යූඇන්පියට වින කරපු, ගෝඨාභයට වාසනාව පෑදූ සායින්දමරුදු:

මේ අතර ජාතික හෙළ උරුමයේ නායකයකු වන දනුෂ්ක රාමනායක සිය FB පිටුවේ සටහනක් පළකරමින් පවසන්නේ, පක්ෂ විපක්ෂ බහුතර මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ මෙහෙයවීම මත ගොඩනැඟෙන, ක්‍රියාත්මක වන මුස්ලිම්වරුන් සඳහාම වූ බලයක් සහිත නගර සභා සංයුතියක් සායින්දමරුදු වලින් බිහිවීම නැවැත්විය නොහැකිය.'' කියාය.

ඔහු විසින් පළකර ඇති ඊට අදාළ සම්පුර්ණ සටහන පහත පළවේ.

''සායින්දමරුදු යන නම අපිට වැඩියෙන්ම ඇහුනේ 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි. ඒ සහරාන් ඇතුළු අන්තවාදී ත්‍රස්තයින්ගේ නිජබිම වගේම පුහුණු කදවුර ද සායින්දමරුදු වලින් සොයා ගැනීමත් සමග ය.

පරිපාලනමය වශයෙන් ගත්කල සායින්දමරුදු ඇතුළත් වන්නේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ලංකාවේ එකම මුස්ලිම්වරුන්ගේ නගරය වන කල්මුණේ නගරයේ, කල්මුනේ මහනගර සභාවට ය.

කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජන සංයුතිය සැලකූ කළ 383,923 වන මුළු ජනගහනයෙන් 268,058 මුස්ලිම්ය. එනම් 69.8% මුස්ලිම්ය. දෙමළ 110,856 යි. සිංහල 4093 යි. වෙනත් ජනවර්ග 897 හා ඉන්දියන් දෙමළ 19 කි.

Saindamarudu 1 

කොට්ඨාස 6 ක ග්‍රාම සේවා වසම් 17 කින් සායින්දමරුදු පරිපාලනය වන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මුස්ලිම් ස්වාධීන කණ්ඩායමක් සයින්දමර්දු ජයගත්තේ මන්ත්‍රීධූර 9 ක්ද සමඟයි. එම මැතිවරණයේදී ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය වූයේ සයින්දමරුදු නගර සභාවක් අනිවාර්යයෙන්ම ස්ථාපිත කරන බවයි.

tEXT 16 5කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණ සමයේදී අවස්ථා දෙකකදීම පොදුජන පෙරමුණ විසින් සයින්දමර්දු ජනතාවට සුවිශේෂී පොරොන්දුවක් ලබාදුනි. ඒ සයින්දමරුදුවට වෙනමම නගර සභාවක් අනිවාර්යෙන්ම තමන්ගේ ආණ්ඩුවක් සමයේ පිහිටුවන බවයි. පිළිවෙලින් බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ ලබා දුන් පොරොන්දුවට ඇප වූයේ ඒ. එල්. එම්. අතාවුල්ලා ය.

ඒ කාල සීමාවේදී යම් විදිහකින් සජිත් පාර්ශ්වයෙන් මෙවැනි පොරොන්දුවක් දුන්නේ නම් ඇතැම් විට අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ නමක් මාරාන්තික උපවාසයක යෙදෙන්නට හේතුවක් වන්නට වෙයි. නැතිනම් දේශහිතෛෂී, ජාතිහිතෛෂී පිරිසක් කොහේ හෝ ප්‍රසිද්ධ තැනක උද්ඝෝෂණය නිරතවන්නට විරෝධතාවයක යෙදෙන්නට එය හේතුවක් කර ගන්නට වෙයි.

ඒත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය. 2020 පෙබරවාරි 14 වන දා ආදරවන්තයින්ගේ දිනයේදී සායින්දමරුදු ජනතාවගේ බලාපොරොත්තුව ඉටු වී ඇත. නිල කාලය 2022 මාර්තු 22 වනදා සිට බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් වත්මන් රජය නිකුත් කරමින් සායින්දමරුදුවට නගර සභාවක් ලබා දී ඇත.

කුමන ජාතිකයෙකු වුවත්, කුමන ආගමිකයෙකු වුවත්, ශ්‍රී ලාංකිකයෙකුට එම අයිතිය හිමි වීම සම්බන්ධයෙන් මට කිසිදු ප්‍රශ්නයක් නැත. ජනතාවට ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු විසදා ගැනීමට කුඩා පරිපාලන ඒකක නිර්මාණය විය යුතුය. ප්‍රශ්නය ඇත්තේ ජනාධිපතිවරණයට කාලයකට පෙර සිට, පාස්කු ප්‍රහාරය සිදුවීමත් සමග සායින්දමරුදු අන්තගාමී මුස්ලිම් පුරවරයක්, ත්‍රස්තයින්ගේ නිජබිමක් බවට පත්කළ පවුල්වාදී ජඩ දේශපාලනය යි. කූට මාධ්‍ය ව්‍යාපාරය යි.

 

හිරු සහ දෙරණ මාධ්‍ය :

හිරු සහ දෙරණ මාධ්‍ය විසින් ජනාධිපතිවරණයට මාසයකට දෙකකට පමණ පෙර සයින්දමරුදු වලට ප්‍රාදේශීය සභාවක් ලබාදීමට එවකට රජය සැරසෙනවාය යන ප්‍රවෘත්තිය වෙනුවෙන් විශේෂ ප්‍රචාරණ අවස්ථාවක් ලබා දෙමින් සිංහල බෞද්ධ ජන පදනම තුළ අනියත බියක්, සැකයක් ඇති කිරීමට ලබාදුන් දායකත්වය සිහිපත් කළ යුතුමය.

අද එම ප්‍රවෘත්තිය ම ඔවුන් වාර්තා කරන්නේ ඉතා විනයගරුකව ය. එමෙන්ම මහජන හද දිනාගන්නා සුළුවෙන්ය. එම මාධ්‍ය වල දේශපාලන භාවිතය සහ දේශපාලන හැසිරීම එනයින් ම පැහැදිලි වේ.

සායින්දමරුදු නගර සභාවක් පිහිටුවීම පිළිබඳව බුකියේ ද විවිධ අදහස් පැතිරී ඇත. එයින් දේශපාලනික, ආගමික හා සමාජයීය පදනම් තුළ ඉහළ සාධාරණීකරණයක් වෙනුවෙන් පලවූ අදහසක් වූයේ... “සයින්දමරුදු නගර සභාවක් කළ විට එය කෙළින්ම නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගන්නා බවයි. එමගින් අනවසර ඉදිකිරීම්, මුඩුක්කු, ෂරියා පාසල්, ආගමික ස්ථාන මුවාවෙන් කෙරෙන අනවසර ත්‍රස්තවාදී කටයුතු සියල්ල වැළැක්වීමට මධ්‍යම රජයට බලය ලැබෙන බවයි.

තවද නැගෙනහිර මතුවන සියලු ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව රජයට හා ආරක්ෂක අංශ වලට කෙලින්ම කටයුතු කළ හැකි බවයි. සියලු ඉදිකිරීම් හා නිර්මාණ නියාමනය කිරීමේ බලය නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගන්නා බවයි. නිවැරදි නාගරික කළමනාකරණය මගින් සංවර්ධනය මෙන්ම ත්‍රස්තවාදය බිහි වීම නැවැත්වීමේ පළමු පියවර මෙය බවයි.”

 

''එම ප්‍රකාශනයේ කිසිදු සත්‍යතාවක් නොමැත''

එම ප්‍රකාශනයේ කිසිදු සත්‍යතාවක් නොමැත. නාගරික සංවර්ධන අධිකාරිය සතු බලතල වලට අනුව විධිමත් නාගරික සැලැස්මක් ඔවුන්ගේ මැදිහත් වීමෙන් සිදු කළ හැක්කේ එම ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරිය යටතට ප්‍රකාශයට පත් කිරීමෙන් පමණි.

එය නගර සභාවක් බවට ප්‍රකාශයට පත්කිරීමෙන් පමණක් සිදු නොවේ. 2017 වසරේ සිට පළාත් පාලන ආයතන සතුව තිබූ යම් බලතල ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරියට නැවත පවරා ගැනීමට එවකට ඇමති පාඨලී චම්පික රණවක ක්‍රියා කළේය. එම ක්‍රියාව විවේචනය කරන්නට, ඊට විරුද්ධව නඩු කියන්නටත් ඇතැම් ප්‍රාදේශීය සභා නගර සභා කටයුතු කළේ පවුල් දේශපාලනයේ ආවේණික ලක්ෂණ සහ ගති පැවතුම් පෙන්නුම් කරමිනි.

උසාවි තීන්දුව වූයේ ද නාගරික සංවර්ධන අධිකාරිය එම බලතල පවරාගැනීම නීත්‍යානුකූල බවයි. පොහොට්ටුවේ මඩි තරකර ගන්නා දේශපාලනයට එය අතුල් පහරක් විය. මා දන්නා පරිද්දෙන් තව නොබෝ කාලයකින් නැවතත් එම බලතල නගර සභා, ප්‍රාදේශීය සභාවලට පවරා මජර ප්‍රාදේශීය දේශපාලනයේ නිරත වන්නට ඔවුන් සැරසෙමින් සිටී.

එවන් වටාපිටාවක නගර සභාවක් කිරීමෙන් ආගමික අන්තවාදය වැළැක්වීම හෝ ත්‍රස්තවාදය නැවැත්වීම සිදුකළ නොහැක. සායින්දමරුදු වැසියන්ට සිදු වන්නේ නිල කාලය බලාත්මක වූ දිනයේ සිට පෙරට වඩා වැඩි අගයකින් වරිපනම් ගෙවීමටයි. මධ්‍යම රජයට සිදුවන්නේ වෙනදාට වඩා වැඩියෙන් පළාත් පාලන අමාත්‍යාංශය හරහා මුදල් ලබාදීමටයි.

පක්ෂ විපක්ෂ බහුතර මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ මෙහෙයවීම මත ගොඩනැඟෙන, ක්‍රියාත්මක වන මුස්ලිම්වරුන් සඳහාම වූ බලයක් සහිත නගර සභා සංයුතියක් සායින්දමරුදු වලින් බිහිවීම නැවැත්විය නොහැකිය.''

(2020.02.16)

 

''රාජපක්ස කියන්නෙ ආගමක් කියලා කියන්නෙ මේකයි''
-Chamal Akalanka Polwaththage

සෛන්දමරුදු නගර සභාව ගැන සමාජ මාධ්‍ය කතිකාවට එක්වෙමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන චමල් අකලංක පොල්වත්තගේ පවසන්නේ, ''අපි කැමති දේවල් අපි ඡන්දෙ දුන්න එකාම කරන්න ඕනෙ නෑ. කොහෙන් හරි වෙනවනං හොඳයි.
ගෝටාබය ස ට මේ මල් මිට.. ක් කියාය.

Saindamarudu 2 

Chamal Akalanka Polwaththage ගේ FB සටහන පහත පළවේ.

නිකමට හිතන්න සෛන්දමරුදු නගර සබාව රාජපක්ෂ කෙනෙක් නැති ආණ්ඩුවකින් දුන්නා කියලා.

එහෙම උනානං  බුදාම්මෝ මෙන්නෝ තම්බියට රට දෙනෝ, වාවන්න බැරියෝව්.. ඉවරෝ, is නැගිටිනෝ, අර පූසාරාන්ගේ ගම නේද යකෝව් ඔය.. කළගුණ සලකනවද තොපි ඒකට, වෙනම පාලන ඒකක දෙනෝව් කියලා කවි සීපද ලියන්න ගන්නවා.

අප්පච්චිගෙ ලබ්බක් පුතා සමිල මුතුමිණි ටෙක්සාසයේ සිට සියළුම ගෲප් වලට ෂෙයා වන පරිදි විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනවා..

අනේ තිස් වසරක කුරිරු යුද්දෙන් මුදාගත්ත රට නේද දෙයියනේ මේ තම්බියට ලියලා දෙන්නෙ කියලා ආච්චිලා දෙතුන් දෙනෙක් පපුව පැලිලා මැරෙනවා.

බටහිර අදිරාජ්ජවාදය හා මුස්ලිම් අන්තවාදය තුල බෞමික අකන්ඩතාවයේ දෙදරායම මැයෙන් රණවිරු විමල් ටිකිරි වීරවංස රටපුරා ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ තියනවා. උපවාසයක් කරනවා..

රට ජාතියෙ ආගමේ නාමෙන් පාර්ලිමේන්තුවෙ යකා නටනවා..

සෛන්දමරුදු නගරසබාව වහාම අහෝසි කරනු !
ඒකීය බාවය රකිනු ! කියලා  නාමල් රාජපක්සයි, උදය ගම්මන්පිලයි, සෙට් එක මහා පාගමනක් යනවා. දුමින්ද සිල්වගෙ චැනල් එකෙන් ලයිව් දෙනවා.

 

ඩක්වත් ලුවිස්, ඉසෙඩ් ඉස්කෝර් දාලා මාධ්‍ය සාකච්ඡා !!!!

බන්දුල ගුණවර්ධන පොදුජන ආර්තික පෙරමුණ රැස් කරලා ඒකෙන් මේම මේම වෙනවා කියලා ඩක්වත් ලුවිස්, ඉසෙඩ් ඉස්කෝර් දාලා මාධ්‍ය සාකච්ඡාවක් තියනවා.

මේ අතර රණවිරු අනුසා දමයන්ති යම් වේදිකාවක -

මේ හෙළ ධීඵයේ උඵණ් යඛ්ඛ ඵරඵුරේ ඛාණ්ථාවණී..ඵුථණුවනී..  ඛුවේණී ළේ ධාථුවේ නාමයෙණ් ථන්ථුරේ සඨණේ ජය කෙහෙළිය රඹුඛ්වල්ල නැංවූ විමළධර්මා ෂූරී ඛුමරිය මෙණ් ඝෝඨාභය මැථිධුන්ඝේ ජය වෙණුවෙණ් ඛැප වෙමූ...ඌඌඌඌ..

සෛණ්ධමරුධුව භේරා ඝැණීමේ සඨණඨාආආආ... ඵුධුකුඪුඉරුඵ්ඵ්හුව භේරා ඝථ් ඨිකිරි ඛුමරු මෙණ්න්න්න්න්න්න්... යුධ්හ වධිමීඋඉඌඋඊඊඊ...

ඉරාජ් සින්දුවක් හදලා ලෛව් ඇවිල්ලා..

පේජ් ඇඩ්මින්ලා කළු කොඩි දාලා...

බෝ දුබල සේනාවයි, රාවනා බලෙයි, මාගල්කන්දේ සුදත්තයි ගිනි තියාගෙන. රතන දලදා මාලිගාව ළඟ හට් එකේ..

 

''තමන්ගෙ ආගමේ තියන ඕන එකක් හරි. අනුන්ගෙ ආගමේ හැම එකම වැරදියි.''

තමන්ගෙ ආගමේ තියන ඕන එකක් හරි. අනුන්ගෙ ආගමේ හැම එකම වැරදියි. තමන්ගෙ ආගමේ තියන එකක්ම අනුන්ගෙ එකකත් තියනවනං ඒක වැරදියි. අනුන්ගෙ ආගමක කියන ඕනම ගොං කතාවක් තමන්ගෙ ආගමේ තියනවනං අපේ ආගමේ එක විතරක් හරි.

ඔන්න ඕකයි තත්වෙ..!
ඉතින් ආගමක් නෙමෙයිද මේක ?

දැන් ඉතින් කියනවා අපිට අව්ලක් නැත්තං උඹලා දැන් ඇයි අව්ලෙන් කියලා.

ඡන්ද බලාගෙන හරි සෛන්දමරුදු වලට නගර සබාවක් දුන්න එක ගැන කිසිම අව්ලක් නෑ.. රටේ බලය විමධ්‍යගත වෙන එක හොඳයි. ඒක අගය කරන්න ඕනෙ.

හැබැයි ඉතින් ඉස්සර මහවිරු සමරුව තියනකොට යකා නටලා ස ඉන්නකොට කරද්දි සද්දයක් නැති වෙන්නයි,
ඉස්සර අම්පාරෙ කඩේක කොත්තුවක පිටි ගුලියකටත් මැරෙන්න හදලා ජාතිවාදෙ අව්ස්සලා දැන් මේම වෙන්නෙයි ඇයි කියලා මේ අහන්නෙ.

නැතුව වෙන ප්‍රස්නයක් නෑ.

අපි කැමති දේවල් අපි ඡන්දෙ දුන්න එකාම කරන්න ඕනෙ නෑ.
කොහෙන් හරි වෙනවනං හොඳයි.

ගෝටාබය ස ට මේ මල් මිට..

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්