ස්වර්ණවාහිනී රුපවාහිනියේ 'චැනල් හෙඩ්' ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ආයතනයෙන් ඉවත්කර ඇත. ඒ කිසිඳු දැනුම්දීමකින් තොරවය.
ඔහුගේ කාර්යාල කාමරයට 'සීල්' තබා ඇති එම ආයතනයේ වත්මන් පාලන අධිකාරිය, ඔහුට ආයතනයට ඇතුල්වීමට ඉඩනොදෙන්නයි ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දීමක් ද කර තිබේ.
ඔහුව මෙසේ ඉවත් කිරීමට හේතුව මෙතෙක් අනාවරණයවී නැතත් ආයතනයේ සේවකයින් පවසන්නේ මොහු ලන්ඩනයේ සිටින ආයතන ප්‍රධානින් සමග ගැටුමක් ඇතිකර ගෙන තිබු බවයි.
EAP එදිරිසිංහ ව්‍යාපාරය සතු ස්වර්ණවාහිනිය මිලට ගෙන මේවනවිට පවත්වාගෙන යන්නේ, සිංගප්පූරුවේ ‘බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට්’ (BLUE SUMMIT CAPITAL MANAGEMENT PTE. LTD.) සමාගම විසිනි. බෙන් හෝල්ඩින්ග්ස් (Ben Holdings ) නම් දේශීය සමාගමක් විදෙස් සමාගමේ දේශීය ඒජන්තයා ලෙස කටයුතු කරයි.