කාන්තාවන්ට හා දරුවන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමේ අවස්ථාව අහිමිවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පසුගිය 07 වෙනි සිකුරාදා දින රජය විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරන ලද අන්දමට 2020 වසරේ පළමු දවස් 15 ඇතුළත පමණක් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් ශ්‍රී ලංකා පොලීසියට වාර්තා වි තිබෙන බවත්, එම පැමිණිලි අතරින් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 78 ක, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 21 ක සහ ළමා අපයෝජන සිද්ධීන් 34 ක පමණක් පොලිස් පරීක්‍ෂණ පවත්වා අවසන් කොට තිබෙන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ පාලිමේන්තු ස්ථාවර නියෝග 27(2) යටතේ රජයේ පාර්ශවයෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඊයේ (19) ප්‍රශ්නයක් යොමු කරමිනි.

එහි මෙසේද සඳහන් වේ.

විමර්ශන කටයුතු අවසන් වූ සිද්ධීන් සම්බන්ධව ඉදිරිපත් කොට ඇති සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමේදී, 2015 වසරට සාපේක්‍ෂව 2019 වසරේදී ස්ත්‍රී දූෂණ හා බරපතළ ලිංගික අපයෝජන සිද්ධීන් 17.7% කින්ද, ළමා අපචාර සම්බන්ධ සිද්ධීන් 27.6% කින්ද, පහත වැටීමක් සිදු වී ඇති නමුත් 2020 වසරේ මුල් දින 15 තුළ වාර්තා වී ඇති සිද්ධීන් සංඛ්‍යාව අනුව පෙනී යන්නේ මෙය බරපතළ තත්ත්වයක් බවට වර්ධනය වෙමින් පවතින බවයි.

එසේම, පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දෛනික ආරක්‍ෂක තත්ත්ව වාර්තා අනුව 2020.02.17 දින තුළදී  පමණක් ස්ත්‍රී දූෂණ හා අපචාර සිද්ධීන් 06 ක් වාර්තා වී තිබෙනවා. 

කාන්තාවන්ගේ මෙන්ම දැයේ අනාගතය භාර දරුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම ජාතික වගකීමක් වශයෙන් සළකා, මෙම තත්ත්වය පාලනය කිරීම පිළිබඳව කඩිනම් අවධානය යොමු කොට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට කටයුතු කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් බව මාගේ දැඩි විශ්වාසයයි.

එසේම, මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් පොලීසිය ඇතුළු රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිබඳව මහජනතාවගේ ඇති විශ්වාසය බිඳවැටීමේ අවදානමක් මතු වීම වැළැක්විය නොහැකි වනු ඇත. ඒ අනුව නිසි ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට මෙම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු වේ.

 

රජයෙන් නිශ්චිත පිළිතුරක් බලාපොරොත්තුවන ප්‍රශ්න කිහිපයක් :

මෙම පසුබිම යටතේ ජාතික වැදගත්කමකින් යුත් කරුණක් වශයෙන් සළකා, පහත කරුණු පිළිබඳව රජයෙන් නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙමි.

1) මේ වන විට රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බවත්, කාන්තාවන්ට හා දරුවන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමේ අවස්ථාව අහිමි වී ගොස් ඇති බවත්, එය වර්තමාන රජයේ පරිපාලන දුර්වලතාවයේ ප්‍රතිඵලයක් බවත්, රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඒ මන්ද?

2) වැඩිවෙමින් පවතින කාන්තා හා ළමා අපචාර රැල්ල පාලනය කිරීමට රජය සතුව නිශ්චිත ජාතික වැඩපිළිවෙලක් තිබේද? තිබේ නම්, ඒ පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද?

3) මෙම අපරාධ වැඩීවීමට හේතුවන සමාජ - ආර්ථික කරුණු හා ඒවාට ලබා දිය හැකි විසඳුම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අධ්‍යයනයක් රජය විසින් සිදු කොට තිබේද? තිබේ නම්, ඒ සම්බන්ධව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද?  

4) රටේ නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානතම ආයතනය වන පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට රජය විසින් බරපතළ ලෙස දේශපාලනීකරණයට ලක් කොට තිබෙන බවත්, පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් අසාධාරණ අන්දමින් ස්ථාන මාරු කිරීමට හා විවිධ විනය පරීක්‍ෂණවලට භාජනය කිරීමට කටයුතු කොට ඇති බවත්, රටේ මහජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට අපොහොසත්වීම එම අයුතු දේශපාලන බලපෑම්වල ප්‍රතිඵලයක් බවත්, රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඒ මන්ද?
 
5) ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර සිද්ධීන්ට වැරදිකරුවන් වන පුද්ගලයින්ට ලබා දෙන දඬුවම් වැඩි කිරීම සඳහා පවතින නීති රීති සංශෝධනය කිරීමට රජය අදහස් කරන්නේද?

 

ළමා සහ කාන්තා අපරාධ වළක්වන්න නව සයිබර් ආරක්ෂණ පනතක් : රජය සහතික වේ !

Image result for chamal rajapaksa parliamenrආරක්ෂක රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) ස්ථාවර නියෝග 27(2) යටතේ විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසුයේ, අන්තර්ජාලය ඔස්සේ ළමුන්ට සහ කාන්තාවන්ට සිදුවන සයිබර් අපරාධ වළක්වමින් වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නව සයිබර් ආරක්ෂණ පනතක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි.

ඒ සඳහා පොලිසිය බලගන්වමින් අවශ්‍ය තාක්ෂණික ඥානය සහ පුහුණුව සපයන බව සැපයීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා සඳහන් කළේ, වරදකරුවන්ට ලබාදෙන දඩුවම් වැඩි කිරීම මෙන්ම ජනතාව දැනුම්වත් කිරීමද අත්‍යාවශ්‍ය බවයි.

එමෙන්ම කාන්තා හා ළමා අපචාර මැඩ පැවත්වීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවද ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන කාර්යංශ 44ක් සහ පොලිස් ස්ථාන ඒකක 498ක් සවිබල ගන්වා ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය.

 

සබැඳි පුවත් :

හය හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කළ ව්‍යාපාරිකයා නිදැල්ලේ: කොළඹ විරෝධතාවයක් (සේයා රූ)

හය හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කිරීම ගැන 'පරීක්ෂණ යටගහලා' - එක්සත් ජාතීන්ට පෙත්සමක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්