ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව නීතිපති උපදෙස්වලින් තොරව සිදුව ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්තිගේ සභාපතීත්වයෙන් යුත් කෝප් කමිටුව ඊයේ(19) රැස්වූ අතර ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ එයාර් බස් ගණුදෙනුව පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කමිටුව හමුවට කැඳවා තිබුණි.
ශ්‍රීලන්කන් ගුවන් සේවා සමාගම ගුවන් යානා අත්පත් කර ගැනිමේ ගිවිසුම අවසන් කිරිම සඳහා වූ නිසි ක්‍රමවේදයක් නොමැතිවිම හේතුවෙන් මුළු වන්දි මුදල ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 115.77ක් ගෙවීමට සිදුවිම සම්බන්ධයෙන් කෝප් කමිටුව සිය අප්‍රසාදය පල කර තිබේ.
අමෙරිකානු ඩොලර් මිලියන 19.5ක් ආයතනය සතුව තිබියදී ඩොලර් බිලියන 2.8ක් වූ මෙම ගුවන් යානා ගිවිසුමට අවතීරණ වුයේ ඇයිද යන්න කෝප් කමිටුව විසින් ශ්‍රීලන්කන් බලධාරින්ගෙන් ප්‍රශ්න කරනු ලැබීය.
අධ්යක්ෂ මණ්ඩලයේ යම් යම් වෙනස්විම් සිදු වුවද මෙවන් අක්‍රමිකතා සම්බන්ධයෙන් බලධාරින්ට බැහැරව කටයුතු කළ නොහැකි බව අවධාරණය කළ කෝප් කමිටු සභාපතිවරයා විසින් මේ පිළිබඳව නීතිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙස විගණකාධිපතිවරයාට උපදෙස් ලබා දී තිබේ.
''එයාර් බස් සමාගමට එරෙහිව නඩු පැවරිය යුතුයි'' -රනිල්
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසන්නේ, ගුවන් යානා මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අල්ලස් ලබා දුන් ප්‍රංශ එයාර් බස් ගුවන් සමාගමට එරෙහිව නඩු පැවරිය යුතු බවයි.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවැති උත්සවයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසීය.
"මේ ගැන අපිට දැනගන්න ලැබුණේ 2016 දී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන හොයන්න පටන්ගත්තා. ඒත් මේ නම් අපිට ලැබිලා තිබුණේ නෑ. මේ කරුණු අපිට ලැබුණේ 2019දී. සිංගප්පුරුවෙන් මේ කරුණු ඔක්කොම ලැබුණේ නොවැම්බර් මාසයේදී. ඡන්දයෙන් පස්සේ නීතිපති කිව්වා කීප දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන්න කියලා.
අපි ආණ්ඩුවක් විදිහට අපේ යුතුකම ඉටු කළා."
වීඩියෝ
සබැඳි පුවත්
ශ්‍රී ලන්කන් ගුවන් යානා අල්ලස් මගඩිය: ඩොලර් ලක්ෂ 08ක් මුදලක් ගත් ප්‍රබලයකු මාට්ටු !
කපිල චන්ද්‍රසේන, රන්ජන් රාමනායක සිටින වාට්ටුවේ !
ශ්‍රී ලන්කන් ගුවන් යානා මගඩිය : කපිල චන්ද්‍රසේන සහ බිරිඳ පොලිසියට බාරවේ - චෝදනා මෙන්න
ශ්‍රීලන්කන් ගුවන් යානා මගඩිය : පොලිසිය සොයන කපිල චන්ද්‍රසේන කාගේ කව්ද ?
ශ්‍රී ලන්කන් ගුවන් යානා මගඩිය : කපිල චන්ද්‍රසේන සහ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් - කතාව මෙන්න
ශ්‍රී ලන්කන් ගුවන් යානා මගඩිය :අල්ලස් ගෙවූ සමාගමෙන් වන්දි ගැනීමට ජනපතිට අවස්ථාවක් !
පහුගිය ආණ්ඩුවේ ලොක්කෙකුත් මාට්ටු !!
'ශ්‍රී ලංකන්' ගනුදෙනුවකින් ඩොලර් මිලියන 2ක අල්ලසක් ගත් කාන්තාව කවුද? ජනපති නියෝගයෙන් විමර්ශනයක්!