උතුරේ යුද්ධයේ දී මෙරටේ මානව හිමිකම් උල්ලංඝනය කළාය කියන කාරණය ජාත්‍යන්තරය හමුවේ පිලිගැනීම ලක් කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව අමතමින් අද (20) පැවසිය.

''2009 යුද්ධය අවසන් වෙලා හරියටම දින පහක් ගතවෙද්දී එක්සත් ජාතීන්ගේ ප්‍රධානී, බැන්කී මූන් මහතා සමග එකල අපේ රටේ රාජ්‍ය නායකයා සමග ඒකාබද්ධ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය තුල බෑංකී මූන් ප්‍රකාශ කරනවා ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබදව. ඒ ප්‍රකාශය රජය පිලිගත්තා, මේ ප්‍රකාශ ගැන රජයේ අවධානය යොමු කරනවා කියා. ඒ ප්‍රකාශය තුලින්ම මේ අභ්‍යන්තරව තිබූ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණයට ලක් කලා. ඒක තමයි පළමු වරද''

එහිදී අවධාරණය කර සිටි විපක්ෂ නායකවරයා, තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''මේ සියලු ප්‍රශ්න රට අභ්‍යන්තර විසදා ගන්න තිබ්බා. නමුත් මානව හිමිකම් උල්ලංඝනය කළාය කියන පිලිගැනීම ඒ ප්‍රකාශය තුලින්ම ඒ ආණ්ඩුව පිළිගත්තා. ඒ තත්ත්වය තුල තමයි මේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණයට ලක්වුනේ. එවක රජය විවිධ අවස්ථාවල උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමක් පිහිටෙවුවෙ.

මේ හැමදේම කලේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය කරන්න. එහෙම ඒකාබද්ධ කරන්න ඔබලා එකග වුනා.

අභ්‍යන්තරව තිබූ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණයට ලක් කරන්න එවක රාජ්‍ය නායකයා කටයුතු කලා. මැයි 18 යුද්දේ අවසන්වෙලා මැයි 23 බෑංකී මූන් එක්ක විශේෂ ඒකාබද්ධ  ප්‍රකාශයක් අත්සන්  කළා. "මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබදව අපි පියවර ගන්නවා"කියලා එදා ආණ්ඩුව මූන්ට කියනවා.

''යුද්දේ දිනලා දින පහකින් රටම පාවලා දුන්නා''

අපේ රටේ ස්වරීත්වය,දේශපාලන නිදහස,භෞතික අකණ්ඩතාවය ජාත්‍යන්තරකරණයට පාවලා දුන්නේ එහෙම. යුද්දේ දිනලා දින පහකින් රටම පාවලා දුන්නා.

ඒ ආරම්භ වූ ක්‍රියාවලිය තුල මුලු රටම ජාත්‍යන්තර අවධානයට ලක් වුනා. ඒ එක්කම ඔවුන් රටේ අභ්‍යන්තර ක්‍රියාදාමයට යොමු වුනා. 

එතකොට තමුන්නාන්සේලාට සිද්දවුනා LLRC වාර්තා නිර්මාණය කරන්න. පරණගම කොමිෂන් වාර්තා නිර්මාණය කරන්න. රටේ අභ්‍යන්තර කටයුතු ගැන පිටරටින් අවසර ගන්න. 

''මේ රට පාවලා දුන්නේ යුද්දේ දිනලා දින තුන හතකින් ගහපු ගිවිසුමෙන්. ඒ ඒකාබද්ධ ප්‍රකාශයෙන් . ඒ නිසා මේ පොට වරද්දා ගත්ත තැන අපි අවබෝධ කරගන්න ඕන.''

දැන් කතා කරනවා දඩයම ගැන. අපකීර්තිය ගැන. මේවට මුල එදා ගහපු ගිවිසුම .

එකක් මතක තියාගන්න, රටේ ස්වරීත්වය ශක්තිමත් වෙන්න සියලු ආගම් අතර, ජාතීන් අතර, එකමුතුකම තියෙන්න ඕන. අපේ බෞද්ධකම රැකගෙන හැම ජාතියක්, හැම ආගමක් සමගම කටයුතු කරන්න අපේ බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනා. 

සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් තමයි නිර්මල බුදු දහම නිර්ව්‍යාජව ක්‍රියාත්මක කල හැකි.

රට වෙනුවෙන් අපි එකට හිට ගන්න ලෑස්තියි . හැබැයි පොට වරද්දා ගත්තේ 2009 මැයි 23 බව අමතක කරන්න එපා.

මානව හිමිකම්, අයිතිවාසිකම් උල්ලංඝනය වුනා කියලා මේ රටේ ප්‍රධානියා අත්සන් තැබීම තුලින් තමයි මේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණයට ලක්වුනේ . ඒ වරද ඔබ භාරගන්න. හැබැයි අපි විපක්ෂය හැටියට රට වෙනුවෙන් හිටගන්නවා.''

                

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්