පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ගිය අතුරු සම්මත ගිණුම වැළකී යෑමෙන් සිංහල අවුරුද්දට කැවුම් කිරිබත් හදාගෙන

සතුටු වීමට ගම්බද ජනතාවටත් කම්කරු ජනතාවටත් තිබූ අවස්ථාව වැළකී ගියේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු එබව කියා සිටියේ, මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී ඊයේ (21) පැවැති ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සමුළුව අමතමිනි.

පසුගිය ආණ්ඩුව නොගෙවා සිටි ණය ගෙවීමට සහ තවත් අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් සඳහා මුදල් ගෙවීමට මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වූ නමුත්, එම යෝජනාව පරාජය කිරීමට විපක්ෂය සූදානමක් තිබුණු බව දැන ගත් නිසා යෝජනාව ඉදිරිපත් නොකළ බව අගමැතිවරයා පැවසීය.

පනත ඉදිරිපත් කළේ නම් එය පරාජය කිරීමට විපක්ෂය සූදානම්ව සිටි බවට දැන ගත් බවත්, එයින් විපක්ෂය මෝඩකමක් කරගත් බවත් හෙතෙම කීවේය.

විපක්ෂය නිසා සිදුවූයේ අවුරුදු කෑමට සූදානමින් සිටි ජනතාවට පවා අතට මුදලක් ලැබීමට තිබූ අවස්ථාව වැළකී යෑම යැයි ද හෙතෙම තවදුරටත් පැවසීය.

 ''සංවර්ධන සහ සහන යෝජනා වලට අපි එකගයි. හැබැයි ණය සීමා උස්සනවට විරුද්ධ යි'' - විපක්ෂ නායක

Image result for sajith premadasa parliament''ආණ්ඩුව වැරදි පණිවිඩයක් දීමට උත්සහ කරනවා'' විපක්ෂ නායක

කෙසේවුවද ආණ්ඩුව විසින් පරිපූරක ඇස්තමේන්තුව ඉල්ලා අස්කර ගත් අවස්ථාවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව අමතමින් පැවසුයේ, ''මේ යෝජනාවේ කොටස් දෙකයි. සංවර්ධන සහ සහන යෝජනා වලට අපි එකගයි. හැබැයි ණය සීමා උස්සනවට විරුද්ධ යි.'' කියාය.

ආණ්ඩුව ඉදිරිපත් කර තිබුණු පරිපූරක ඇස්තමේන්තුව ඉල්ලා අස්කර ගැනීමේදී ජනතාව වෙත වැරදි පණිවිඩයක් ලබාදී ඇති හෙයින් එය නිවැරදි කළ යුතු බවත් විපක්ෂය ලෙස තමන් විරුද්ධ වුණේ සහන හෝ සංවර්ධන ක්‍රියාවන්ට නොව ණය සීමාව වැඩිකර ගැනීම සඳහා ආණ්ඩුව දැරූ උත්සාහයට පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී සඳහන් කළේය.

"යෝජනාව ඉල්ලා අස්කර ගත්තු මොහොතේ රටට වැරදි පණිවිඩයක් දුන්නු නිසා මම කැමතියි ඒක නිවැරදි කරන්න. මේ යෝජනාවෙ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස තමයි සංවර්ධන සහ සහන. සංවර්ධන සහ සහන සියල්ලටම අපි පක්ෂයි. අපි විරුද්ධ ණය සීමාව උස්සන එකට.

මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉන්දියාවට ගිහිල්ලා කිව්වා 'අපිට ණය ගෙවන්න බෑ, ණය වාරික පසුව ගෙවන්නම්' කියලා. අවුරුදු තුනක විරාමයක් ඉල්ලුවා. එහෙම තත්වයක් තිබියදී අපි තීන්දු කළා, ණය සීමාව උස්සන්නට බෑ. ණය ගෙවීම සහමුලින්ම නතර කරන්නය කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා තියෙද්දී කොහොමද දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ණය සීමාව වැඩි කරන්නය කියන්නේ ?"  විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

අගමැතිගේ ණය වැඩි කරන්න ඉල්ලීම !

පසුගිය ආණ්ඩුව ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සංශෝධනය සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණ.

එ මගින් ආණ්ඩුවේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 721 සිට රුපියල් මිලියන 1098 දක්වා රුපියල්   බිලියන 357කින් වැඩිකිරීම සඳහා අවසර ඉල්ලා ඇත.

පසුගිය නොවැම්බරයේදී යහපාලන ආණ්ඩුව අයවැය ඉදිරිපත් නොකළ අතර ඒ වෙනුවට 2020 ජනවාරි 01 සිට අප්‍රේල් 30 දක්වා කාලයකට අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ සදහා අනුමැතිය ලබා ගත්තේය.

ඊට හේතුව වූයේ නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු අලුත් ආණ්ඩුවකට අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සලසා දීමය.

'රටට හරියට නොකීවාට ඉන්දියාවට නම් රට  බංකොලොත් බව අගමැතිවරයා කීය. ගෙවිය යුතු ණය සඳහා සහන කාලයක්  දෙන ලෙස ද ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. රට හදන්න අපට දෙන්නේ යැයි කී වීරයන්ගේ වැඩ එහෙමය.'' -අනිද්දා

එම දෙපාර්තුමේන්තුව අනුව එම මාස 4ක කාලයේ ආණ්ඩුවේ සමස්ත වියදම රුපියල් මිලියන 1470 ක් වූ අතර ඉන් රුපියල් බිලියන 745 ක් ආණ්ඩුවේ ආදායම විය. ණය සීමාව වූයේ රුපියල් බිලියන 721 කි.

 

ආණ්ඩුවට රුපියල් බිලියන 400 ක පමණ ආදායමක් අහිමිවීම :

පසුගිය ජනාධිපතිවරණ පොරොන්දු අනුව වැව්, වරාය හා ගුවන්තොටුපොල බද්ද ඇතුළු බදු වර්ග කිහිපයක බදු අනුපාතයන් අඩු කිරීම හෝ කපා හැරීම ආණ්ඩුව සිදුකළ අතර ඒ මගින් රුපියල් බිලියන 400 ක පමණ ආදායමක් ආණ්ඩුවට අහිමි වූ බව සති අන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

''රට තුළ විශාල කථාබහක් නැතක් ආණ්ඩුව  ආදායම් ලබාගැනීම හා වියදම් පියවා ගැනීම ගැන දැඩි අර්බුදයක නිරත වී සිටින අතර අතුරු සම්මත ගිණුමට මෙම සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේද එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ණය සීමාව වැඩි කරගැනීම සඳහාය .

රටට හරියට නොකීවාට ඉන්දියාවට නම් රට  බංකොලොත් බව  අගමැතිවරයා කීය. ගෙවිය යුතු ණය සඳහා සහන කාලයක්  දෙන ලෙස ද ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. රට හදන්න අපට දෙන්නේ යැයි කී වීරයන්ගේ වැඩ එහෙමය.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්