ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ඉදිරි පියවර රැසක් ගෙන ඇතත්, පෙර සිදුව ඇති මානව හිමිකම්

කඩවීම්වලට අදාලව ප්‍රමාණවත් පියවර ගෙන නොමැති නිසා නැවතත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීමේ ඉඩක් ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේගේ වාර්තාවක සඳහන් කර ඇත.

පෙබරවාරි 24 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත ලකුණු කොමසාරිස්වරියගේ වාර්තාවෙහි එසේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කර ඇති යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමේදී 2019 වර්ෂය තුල ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එම වාර්තාවේ කරුණු සඳහන් කර ඇත.

''මානව හිමිකම් කඩකිරීම් වලට වගකිවයුතු බවට චෝදනා ඇති පුද්ගලයන්
2019 ජනාධිපතිවරණයට පෙර හා පසුව ඉහළ තනතුරුවලට පත් කිරීමේ සිදුවීම් නිරීක්ෂණය කළ බව
එ.ජා. මානව හිමිකම් මහකොමසාරිස්වරිය සඳහන් කර ඇත. ''

මානව හිමිකම් කඩකිරීම් වලට වගකිවයුතු බවට චෝදනා ඇති පුද්ගලයන්  2019 ජනාධිපතිවරණයට පෙර හා පසුව ඉහළ තනතුරුවලට පත් කිරීමේ සිදුවීම් නිරීක්ෂණය කළ බව ඇය එහි සඳහන් කර ඇත.

 

මිලටරි අංශය ප්‍රතිසංවිධානය නොකිරීම :

මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ නොකිරීම, ඔවුන් වගකීමට යටත් නොකිරීම හා නැවත මානව හිමිකම් කඩ කිරීමට ඉඩකඩ නොමැති ලෙස ශ්‍රී ලංකාවේ මිලටරි අංශය ප්‍රතිසංවිධානය නොකිරීම ඉදිරියේ දී මානව හිමිකම් කඩවීමේ අවදානම් සඳහා හේතු ලෙස එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

2019 සැප්තැම්බර් මාසයේ පැවති ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගි වූ ක්‍රියාකාරීකයන් ඔක්තෝබර් මාසයේදී ප්‍රශ්න කිරීම්වලට ලක්කර ඇති බවත්, ඊට අමතරව මාධ්‍යවේදීන්ගේ හා ක්‍රියාකාරීන්ගේ ක්‍රියාකාරිත්වයට බාධා කෙරෙන අන්දමේ සිදුවීම් කීපයක් සිදුව ඇති බවත් එම වාර්තාවේ සඳහන් කර තිබේ.

නව ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම පිලිබඳවත් එම කොමිෂන් සභාව පුද්ගලයන් පැහැරගැනීමේ සිදුවීම්වලට අදාළ අධිකරණ කටයුතු නවත්වන ලෙස නීතිපතිවරයාට නියෝග කිරීමත් පිළිබඳ වාර්ථාවෙහි සදහන් කර ඇත.  

''නව ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම පිලිබඳවත් එම කොමිෂන් සභාව පුද්ගලයන් පැහැරගැනීමේ සිදුවීම්වලට අදාළ අධිකරණ කටයුතු නවත්වන ලෙස නීතිපතිවරයාට නියෝග කිරීමත් පිළිබඳ වාර්ථාවෙහි සදහන් කර ඇත.''  

කෙසේ වෙතත් නීතිපතිවරයා එම නියෝග හමුවේ ස්වාධීනව කටයුතු කළ නිසා 19 වැනි සංශෝධනය යටතේ ආයතනවල ස්වාධීනත්වයක් ඇතැයි පෙනී යන බව එහි සඳහන් කර තිබේ.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ආයතන වල ස්වාධීන ක්‍රියාකාරීත්වය නිසා 19 වැනි සංශෝධනයෙන් ශ්‍රී ලංකාවේ ආයතන ස්වාධීනත්වය තහවුරු වී ඇතැයි පෙනී යන බව එහි සඳහන්ය.

 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව එහි කරුණු සඳහන් කර ඇති අතර, එම ප්‍රහාරය පිළිබඳ කම්පාවට පත්වන බවත්, කොමසාරිස්වරියගේ ශෝකයත් එහි සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සුළුතර ජනවර්ග කෙරෙහි වෛරී ප්‍රකාශ සිදුකර ඇතැයි නිරීක්ෂණය කළ බව එම වාර්තාවේ සඳහන් කර තිබේ. ඊට අමතරව ශ්‍රී ලංකාවේ නැවතී සිටි පාකිස්ථානු සරණාගතයන් නිවෙස්වලින් ඉවත් කිරීමට උත්සාහ ගැනීම ගැනද එහි කරුණු සඳහන් කර තිබේ.

2019 වර්ෂය අගදී වසර හතළිහක් තිස්සේ ක්‍රියාත්මක නොකල මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගැනීම පිළිබඳ එම වාර්තාවෙහි සඳහන් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගැනීම මරණ දඬුවම ලෝකෙන් තුරන් කිරීම් බවත්, ඊට අදාළව  ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් මරණ දඬුවම අහෝසි කිරීම දක්වා යෑම යහපත් බව ඇය එම වාර්තාවෙන් නිර්දේශ කර ඇත

(අනුරංග ජයසිංහ -අනිද්දා පුවත්පතින්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්