"මල්ලි මේකට තමයි ස්මාට් පොලිටික්ස් කියන්නෙ. ඒවා මල්ලි අපට ඔරොත්තු දෙන්නෙ නැහැ"

රන්ජන් එයාගෙ සරල සිංහලෙන් කියපු සියල්ල දැන් ඔප්පු වෙලා. ඒක කියපු මිනිහා ඇප නොදී තියාගෙන සිටීම ජ.වි.පෙ ඇතුලු සියලු දූෂණ විරෝධීන් ප්‍රශ්න කළ යුතු බවත්, රන්ජන් නිදහස් කළ යුතුයි හඬ නැගිය යුතු බවත් දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා අවධාරණය කර සිටියි.

සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු එබව සඳහන් කර තිබේ. එම සටහනේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

''රන්ජන් නිදහස් කළ යුතුයි. ජ.වි.පෙට තාමත් තේරුම් ගන්න බැරිව ඉන්න මේ සමස්ත සිස්ටම් එකේ අර්බූදය සහ ඒ අර්බූදය සමග රාජ්‍ය තන්ත්‍රයේ කඩා වැටීමත් එහි පැලවෙන මහා දූෂිත කැලේ සියල්ලන් හවුලෙ මංකොල්ල කෑම කල් තියා කියුවේ රන්ජන් රාමනායක.

"මල්ලි මේකට තමයි ස්මාට් පොලිටික්ස් කියන්නෙ. ඒවා මල්ලි අපට ඔරොත්තු දෙන්නෙ නැහැ" රන්ජන් එයාගෙ සරළ සිංහලෙන් කියපු සියල්ල දැන් ඔප්පු වෙලා. ඒක කියපු මිනිහා ඇප නොදී තියාගෙන සිටීම ජ.වි.පෙ ඇතුලු සියලු දූෂණ විරෝධීන් ප්‍රශ්න කළ යුතුයි. රන්ජන් නිදහස් කළ යුතුයි හඬ නැගිය යුතුයි.''

ඒ අතර සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ලක්දේශ් විජේසිංහ (Lakdesh Wijesinghe) පවසනේ ද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වහාම නිදහස් කළ යුතු බවයි.

 එම FB සටහනේ මෙසේද දැක්වේ.

''එයාර් බස් ගණුදෙනුවේ ජනතා මුදල් කෝටි ගනන් රාජපක්ෂවරුන්ගේ බැංකු ගිණුම් වලට බැර කල බව දැන් අනාවරණය වී තිබේ. එහෙත් මේ වනතෙක් ඔවුන් කිසිවකු අත්අඩංගුවට ගත යුතු බවට නීතිපති උපදෙස් ලබා දී නැත. නීතිපති උපදෙස් ලබා දෙන්නේ වංචා දූෂණ හෙළිදරව් කල රංජන් වැනි සැබෑ ජනතා නියෝජිතයන් අත්අඩංගුවට ගන්න කියා පමණී.

2015 ට කලින් රාජපක්ෂලා අධිකරණයට සහ පොලිස් නිලධාරීන් හට සිදු කල බලපෑම් හේතුවෙන් එක රාජපක්ෂ කෙනකු හෝ අත්අඩංගුවට ගෙන තිබේද..? නීතිපතිවරයා වත් ඒ පිළිබඳව නිතිය ක්‍රියාත්ම කරන්න උපදෙස් ලබා දී තිබේද..? නැත.

එසේ නම් රංජන් රාමනායක අත්අඩංගුවට ගෙන සිර කර තබා ගැනීම සාධාරණ ද.? නැද්ද.? කියා ඔබ තීරණය කල යුතුය.!''

 

සබැඳි විචාර :

''රන්ජා කළ වැඩේ වැරදි වෙන්න පුළුවන්, එත් එයින් මතුවුණ සමාජ යතාර්ථය බැහැර කරන්න බැහැ'' - මංගල කියයි

“රන්ජාගේට්” වලින් එහාට නොයන විවේචන විරෝධතා වැඩක් නැත - කුසල් පෙරේරා  

'රන්ජන් බුදු දහමේ සාරය ආරක්ෂා කරන්නෙකි' - දීප්ති කුමාර ගුණරත්න

''තම පැවැත්ම 'හැක්' වුණාට පස්සෙත් කෙළින් හිටගන්න හැටි කියාදුන්නේ රන්ජන්'' -Mahesh Hapugoda

''තවදුරටත් රන්ජන්ට ගොන්ජා කීමෙන් මඤ්ඤං වන්නේ අපිමයි'' -Dhananjaya Karunarathne

'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාගේ ‘මාර කතා’ එකතුවෙන් මතු වන අභියෝග - නාලක ගුණවර්ධන

''රංජන් පාර්ලිමේන්තුවේදී කළේ ඉතාම දැනුවත් දේශපාලන ක්‍රියාවක්'' -සුමිත් චාමින්ද

'රන්ජන් රෙකෝඩ්ස්' :  රන්ජන්ටත් වඩා වරදක් කරන්නේ ජනමාධ්‍ය - ඕමල්පේ සොභිත හිමි

රන්ජන් කළාටත් වඩා විනාශයක් කරන ලංකාවේ ජඩමාධ්‍ය (VIDEO)

විජය මාමයි - රන්ජන් බෑනයි : (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

'රන්ජන් රෙකෝඩ්ස්' : වන්ෂොට් වෘකයන් අතර නග්නව

'රන්ජන් රෙකෝඩ්ස්' : අර්බුදයට විසඳුම් සෙවීමට “ජනතා කොමිසමක්” -කුසල් පෙරේරාගේ යෝජනාවක් 

'රන්ජන් රෙකෝඩ්ස්' ගැන වික්‍රමබාහු කියන පුදුම කතාව (VIDEO)

රන්ජන් රෙකෝඩ්ස් :  ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස

රන්ජන් රෙකෝඩ්ස් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : ''මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක''

රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්